(මනෝජ් හර්ෂික)
එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
එම කොමිසමේ කලාපීය අභ්‍යවකාශ භාවිත පිළිබඳ වැඩසටහනේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති ධූරය එලෙස ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
එහි 23 වැනි සැසිවාරය තායිලන්තයේ බැංකොක් නුවරදී ඉකුත් දා පැවැත්විණි.
ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සැසිවරයාට සහභාගී විය.
එහිදි ශ්‍රී ලංකාව ඉහත කමිටුවේ සභාපති ධුරය සඳහා ඒකඡන්දයෙන් තේරී පත්විය. පසුගිය 10 වසරක කාලය තුළදී ශ්‍රී ලංකාව සභාපති ධුරයට සිව් වරකදී පත්ව තවත් සිව් වසරකදී උප සභාපති ධුරයට ද තේරී පත්විය.
ආසියා ශාන්තිකර කලාපය තුළ ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ඒ සඳහා අභ්‍යාවකාශ තාක්ෂණ භාවිත ප්රශස්ත ලෙස දායක කරගැනීම මෙම උපදේශක කමිටුවේ අරමුණ වී තිබේ.
ඒ සඳහා වසර 12ක (2018-2030) සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත. කලාපීය අභ්‍යාවකාශ භාවිත පිළිබඳ වැඩසටහන් සමූහයක් එම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වේ.
එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසමට අයත් රටවල් 62කම ඉහත අභ්‍යාවකාශ තාක්ෂණ වැඩපිළිවෙළ මගින් ආවරණය වන අතර එම රටවල් අතරින් රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව,සිංගප්පූරුව, තුර්කිය ඇතුළු රටවල් 35ක් අන්තර් රාජ්‍ය උපදේශක සභාව නියෝජනය කරති.
මෙරට අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව කටයුතු කරන රාජ්‍ය ආයතනය ආතර් සී ක්ලාක් ආයතනය ඉහත අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි.
පසුගිය දස වසරක කාලයේදී එම කමිටුවේ ක්‍රියාකාරීත්වය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මෙම වැඩසටහන්වලින් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් හිමිව තිබෙන අතර මෙරට ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් රැසකට අභ්‍යාවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ විදේශිය පශ්චාත් උපාධිවලට හා වෙනත් විශේෂඥ වැඩසටහන්වලට සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආසියා ශාන්තිකර කලාපයේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටු සභාපති ධූරය ලංකාවට