අවුල් ලිහාගෙන ඉදිරි මැතිවරණය තියන්න - පැෆරල්
(විනීතා එම් ගමගේ)
ඉදිරි මැතිවරණවලදී අර්බුද මතුනොවන පරිදි මේ මැතිවරණයේ දී මතුවූ ගැටළුවලට විසඳුම් සොයා ගෙන ඉදිරි මැතිවරණ පැවැත්විය යුතු යැයි පැෆරල් සංවිධානය රජයට යෝජනා කර තිබේ.
දැනටමත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡා මතුවෙමින් පවතින බැවින් ඉක්මණින්ම පළාත් පාලන මැතිවරණයේ දී මතුවූ ගැටලූ නිරාකරණය කරගත යුතු ව ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඇතිවූ ගැටලූ අතර කාන්තා නියෝජනය සියයට 25 ක් පවත්වාගෙන යා නොහැකිවීම, නාම යෝජනා භාරදීමේ දී ඇතිවන ගැටලූ, ප‍්‍රතිපල ප‍්‍රකාශයට පත් කිරීමේ දී ඇති වන ගැටලූ, ආදිය පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
එම මැතිවරණයේ දී ගණන් කිරීම වැරදි ලෙස සිදුවී යැයි මේ වන විට ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගමින් සිටින බවත් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේ සිදු නොකර පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වුව හොත් යළිත් පළාත් සභා ද අවුල් ජාලාවක් වනු ඇතැයි ඔහු තව දුරටත් ප‍්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අවුල් ලිහාගෙන ඉදිරි මැතිවරණය තියන්න - පැෆරල්