IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අඹු දරුවන් සමඟ දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අත්අඩංගුවට

(කේ.බුද්ධික කුමාරසිරි)

මාතර පඹුරණ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව වැඩවසන අතරතුර සිය විවාහක බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසක දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අද (14)  අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පැවැසීය.

නිකිණි පොහොය යෙදුනු අද (14) දින සිය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටීම පිළිබඳව විමසිලිමත් වූ එම විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත එම පොලිස් නිලධාරීන් අතුරුගිරිය ප‍්‍රදේශයට ගොස් නිවසක් සෝදිසි කිරීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු අදාල මාතර පඹුරණ ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට යන විට සිවුරකින් සැරසී එහි ගොස් වැඩවසන බවත් අතුරුගිරියේදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමත් එම විහාරස්තානයේ දේපළ විකුණා ඇති බවත් දායක සභාවෙන් ලද පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් නවගමුව පොලිසිය පවසයි.

සැකකාර චීවරධාරියා කාන්තාවක් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන ඇති බවත් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත බාරදීමට නියමිත බව නවගමුව පොලිසිය පැවැසීය.



අදහස් (5)

අඹු දරුවන් සමඟ දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අත්අඩංගුවට

chandima Wednesday, 14 August 2019 10:08 PM

අනේ විකුණගත්තු එව්වගේ සල්ලි ආපසු ගෙවනවනම් අපහු පන්සලට එන්න කියන්න විවේක වෙලාවලට. කොච්චර උනත් අඹු දරුවොත් බලාගෙන යහපත් විදියට කාටවත් කරදරයක් නැතිව ඉන්න ඇතිනේ. දැන් ඉන්න අය කරන දේවල් බලපුවම මෙයා දාහෙන් සම්පතක් නේ? අනික බණ එහමත් හරියට දේශනා කරන්න ඇතිනේ පන්සලේ ඉන්න වෙලාවට. නේද? ඔය උන්නාන්සේලා කිව්වට, බණ පදයක් හරියට නොදන්නා, දේසපාලන රැස්වීමකට යනවා ඇරෙන්න පාන්ශකුලේකටවත් අල්ලගන්න බැරි, දානේ ගෙනාවම කුකුල් මස් නැතිද කියල අහන, , පන්සලේ උදවියට තුන්වෙනි සිල්පදේ ආදීනව යහමින් කියල දෙන, උන්නාන්සේලට වඩා මෙයා හොඳ නැතිද?

:       1       13

ලසන්ත Thursday, 15 August 2019 02:00 AM

දායකයින් බැතිසිතින් සාසනයට පූජාකල් දේවල විකිණීමට හැකියාවක් තිබේද. මෙවැනි ඉඩකඩම් විකුණූවිට ඒවා මිළට ගන්නා පුද්ගලයා නමට ඔප්පු ලිවිය හැකිද. ඒවා ලියා පදිංචි කල හැකිද කිසිවෙකු සොයා බලන්නේ නැහැ. මෙහෙම ඔප්පු ලියා ගන්නා සමහරක් අය ඔප්පුව ලියා ගැනීමෙන් පසුව විහාරස්ථාන සමග නඩු කියන අවස්ථාත් තියෙනවා. මේවැනි වැරදි නිවැරදි කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්ද. ඒ වාගේම තමයි සමහර හාමුදුරුවරුන් තමා අදහන දේශපාළුවන් කුමන ආගම ඇදහුවත් ඔහු දිනපතා පල්ලි ගියත් ඔහු නියම බෞද්ධයා ලෙසට සැලකීමත් .සසුන වෙනුවෙන් කොපමන සේවයක් කලත් තමා අදහන පාක්ෂිකයෙක් නොවේනම් ඔහු අබෞද්ධයෙක් කිරීමත් කරනවා. මේවා බුදු සසුනට සිදුවන හානි. මේවාට නොපමාව විසදුම් යෙදිය යුතුය

:       1       3

asiri Thursday, 15 August 2019 03:22 AM

සද්ධාතිස්ස හාමුදුරුවනේ මේවා ගැනත් බලන්නකෝ .....

:       5       1

ලුම්බිණි Thursday, 15 August 2019 04:16 AM

විහාරාධිපති කම රස්සාවකට කරපු බවකුයි පෙනෙන්නේ.

:       0       3

wasala Thursday, 15 August 2019 08:55 AM

මෙව්වා මොනවද? රැකියා විරහිත උපාධිධාරින්ගේ උද්ඝෝෂණයේ මුලින්ම හිටියේ කවුද? අද නමට විතරක් මිනිස්සු බෞද්ධ වෙලා තියෙන්නේ මේ හින්දා. ‍එක එක සංවිධාන වල අධ්‍යක්ෂ ජෙනරාල්/සභාපති/ජාතික සංවිධායක/ලේකම් මොකටද මේ? ලෞකික සැප සම්පත් විදින්න. තමන් තමන්ට අදාළ දේ විතරක් කරනවා නම් මේ රට කොච්චර ලස්සන ද? මුලින්ම අපි අපේ ආගමෙන් පටන් ගමු. ගහපියව් මරපියව් කියන අය හුනියම් වශි ගුරුකම් කරලා අහිංසක මිනිස්සු රවට්ටන අය පන්නලා බෞද්ධ භික්ෂුවට බුදු දහම ආරක්ෂා කරන්න සහය වෙමු.

:       0       22

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site