(තරංග ගුණරත්න )
කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස් අතුරුදන් වූ බව කියන වයස 22 වන තරුණියගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අහංගම පොලිස් වසමට අයත් රාහුදූව වත්ත ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී අද (18 ) උදෑසන සොයා ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිගම මූදුගමුව බතලවත්තේ පදිංචි විසි දෙහැවිරිදි රාජපුරගේ මදුරි නිශාදි නමි අවිවාහක තරුණියකි.
ඇය පසුගිය සැප්තැම්බර් 25 වැනි දින ගාල්ල කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා නිවසේ සිට පිටත්ව ගොස් තිබූ අතර පසුව ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් විසින් හබරාදුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි .
හබරාදුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඒ අනුව මිය ගිය තරුණිය භාවිතා කළ බව කියන ජංගම දුරකථනයේ තොරතුරු අනුව විමර්ශන කටයුතු මෙහෙය වීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවි තිබේ.
තරුණිය සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාත් විසිහය හැවිරිදි විවාහක පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එම පුද්ගලයා තරුණිය ඝාතනයකර ඇයගේ ඇඳුම් පුළුස්සා දමා පාළු වැසිකිළි වළට සිරුර දමා තිබියදි අද (18 ) හබරාදුව පොලිසිය මගින් සොයා ගෙන තිබිණි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අතුරුදන් වූ තරුණියගේ සිරුර වැසිකිළි වළක
nandana Friday, 18 October 2019 10:15 AM
මෙවැනි අපරාධකරුවන්ට මරණීය දඬුවම නොදෙන බැවිනුයි අද රටේ අපරාධ වැඩිවී තිබෙන්නේ.
lankasri Friday, 18 October 2019 06:56 PM
මේ වගේ තිරිසන්නු තමයි අද සමාජයේ වැඩි හරියක්.
gunapala atiyawala Friday, 18 October 2019 11:56 PM
තරුණියන් මෙවැනි ව්‍යාසන වලින් බේරීමට නම් දෙමව්පියන් සමග ළඟ සබැඳියාවක් තබා ගත යුතු වෙයි. සෑම පෙම්වතෙක්ම තම අනාගත ස්වාමියා ලෙස සලකන්න එපා. නිදැල්ලේ ඉන්න තරුණයින් බොහෝ විට ඔබව රැවටීමට පත් කරාවි. .වැඩිහිටි පියෙක්.