IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’දේශපාලන නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරන්නේ බල ව්‍යාපෘතිවලට පමණයි’

(නිමල කොඩිතුවක්කු)

 
දේශපාලන පක්ෂවල නායකයන් මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  භාවිත කරන්නේ තමන්ගේ බලව්‍යාපෘති සඳහා පමණක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

තමන්ට අභිමත  තමන්ට ජයග‍්‍රහණය ලැබෙන මැතිවරණය එනතෙක් ඔවුන් කල් මරමින් සිටින බවත් එය ඉතාම කණගාටුදායක තත්වයක බවත් ඔහු සඳහන් කළේය.

මාර්තු 12 ව්‍යාපාරය මරදාන පිහිටි සමාජ හා සමායික කේන්ද්‍රයේදී අද (6) කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීය.

 ‘‘මැතිවරණ සම්බන්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරය විදියට අපේ අදහස ඉදිරිපත් කළා. මැතිවරණ  පැවැත්වීම  සම්බන්ධයෙන් නැවත වරක්  මාර්තු 12 ව්‍යාපාරය විදියට අපේ අදහස ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී  ජනාධිපතිවරයා, අගමැතිවරයා, විෂය බාර අමාත්‍යවරයා විවිධ  ප‍්‍රකාශ නිකුත් කරලා තියෙනවා. අවස්ථා ගණනාවකදී  කැබිනට් මණ්ඩලයටත් යෝජනා ඉදිරිපත් කරලා කියලා කියනවා.  හැබැයි මේ දක්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ රටේ  පාලකයෝ අසමත් වෙලා තියෙනවා.

මේ රටේ  දේශපාලන පක්ෂ සියල්ල සහ  මේ රටේ පාලකයෝ සියල්ල  තමන්ට අභිමත  තමන්ට ජයග‍්‍රහණය ලැබෙන මැතිවරණය එනතෙක්  කල් මරමින් සිටින තත්වයක් තමයි අපි දකින්නේ. ඒක ඉතාම කණගාටුදායක තත්වයක්.
 
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (0)

’දේශපාලන නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරන්නේ බල ව්‍යාපෘතිවලට පමණයි’

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 405 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 296 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 309 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1433 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 328 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 256 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site