(බිඟුන් මේනක ගමගේ)
ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇතැයි ද එය තනිකරම නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී ක්‍රියාවක් යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
පුරප්පාඩු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යංශය නිසායාකාරව නොකිරීම නිසා නැවත අයැදුම්පත් කැඳවීමට සිදුවීමෙන් මෙම අර්බුදය උද්ගතව ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව සිදුවිය යුත්තේ කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ පදනම් කරගෙන කඩිනමින් අයැදුම්පත් කැඳවා මැතිවරණ කැඳවීමට පෙර පුරප්පාඩු පිරවීම වුවත් එය සිදු නොකොට අග්‍රාමාත්‍යවරයා තම කාර්යාලයට ස්වාධීන කොමිෂන් සභාවක නිලධාරින් කැඳවීම අනුමත කළ නොහැකි යැයි ද ලංකා ගුරු සංගමය පවසයි.
රාජකීය විදුහල ඇතුළු පුරප්පාඩු පවතින පාසල් සම්බන්ධයෙන් විවිධාකාර මත සමාජය තුළ මතුවෙමින් පවතින වාතාවරණයක රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ අනුව අයැදුම්පත් කැඳවන ලෙස ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ යැයි ද එහි සඳහන් වේ.
2012 දෙසැම්බර් 14 දින ජාතික පාසල් 105 කට ද 2015 අප්‍රේල් 01 දින ජාතික පාසල් 106 ක් සඳහා ද අයැදුම්පත් කැඳවා තිබුණ ද ඒ අනුව පත්වීම් ලබාදීම සිදු නොවුණි යැයි ද මෙවරත් එවැන්නක් සිදුවුවහොත් අධ්‍යාපන ක්ෂේත්රයෙහි බරපතල අර්බුදයකට එය හේතු වනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්