(නිමල කොඩිතුවක්කු)
අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප්‍රමුඛතම වගකීමක් බව ඔවුන් සිහිතබා ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
‘‘අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන්නේ ගමේ අහිංසක පාක්ෂිකයන්ගේ කරමතින් පැමිණ ලබාගත් බලය නිසා බව අමුතුවෙන් සිහිපත් කල යුතු නැහැ. එම අහිංසක පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප්රමුඛ වගකීමයි.
එහෙත් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ ? ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක්.
පක්ෂයේ මහා මුරදේවතාවන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් හොර රහසේ රාජපක්ෂලා සමග ඇතිකර ගන්නා දේශපාලන ඞීල් පිළිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමට එජාපයේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් සහ හිටපු මහලේකම් වරයෙක් හොර රහසේ ගොස් ඇති බවට වන ප්‍රවෘත්තිය අද ප්‍රසිද්ධ රහසක්.
” පුළුවන් උනොත් අපි ඇවිල්ලා උබලා රකිනවා එහෙම නැත්නම් උබලා ඇවිල්ලා අපිව රැකපන්” කියන ප්‍රතිපත්තිය අනුගමනය කරන මෙම දේශපාලඥයන් සමස්ත පාක්ෂිකයන්ගේ සමාව ගත යුතුව තිබේ’’ යැයිද එහි දැක්වේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජ්‍යෙෂ්ඨයින් යැයි කියන පිරිස් බොහෝමයක් දවල් මිගෙල් රෑ ඩැනියෙල්