IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“

(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)

මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.

එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා:
අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.

රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.

යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.

යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.

අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.

දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.

රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ  හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.

ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

විපක්ෂනායක මහින්ද  රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.
අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.
මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.

ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල  යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.
මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.

මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:
වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.

අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි  ජනතාව දැන් හොඳටම දන්නවා.

සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.



අදහස් (0)

“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1178 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site