IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“

(ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව කන්තලේ සිට)

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අයියාට තිබුණාගේ රට හදන්න. අනෙක් පැත්තෙන් කියනවා රට හදන්න සජිත්ට දෙන්නලු. 2015 ඉඳලා එයාලනේ ආණ්ඩු කළේ. එතකොට රනිල් අගමැති සජිත් ඇමැති ඉතින් ඒ අයට තිබුණනේ රට හදන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක වසර 71ක් කළේ එක එක සන්ධානවලින් ඇවිත් රට පාලනය කරපු එක යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

කන්තලේ දුම්රිය පොළ අසල ඉකුත් 25 වැනිදා පැවැති ජනපතිවරණ ප්‍රචාරක රැලියක් අමතා අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

ලබන නොවැම්බර් 16දාට නව තීන්දුවක් ගන්න ඔබට ආරාධනය කරන්නයි අපි ආවේ. මේ රට හදන තීන්දුව තුළින් නීතියේ සාධාරණත්වය ඉටුවන රටක් අපි හදනවා. දැන් අපේ රටේ නීතියේ සාධාරණත්වය නැහැ. දුප්පත්තුන්ට දුබලයන්ට එක නීතියක්. බල පුළුවන්කාරයන්ට නව නීතියක්.

සමහර අපරාධ තියනවා අදටත් සොයා ගන්න බැරි ඒවා. ලසන්ත, තාජුදීන් ඝාතන, ලලිත් - කූගන් පැහැර ගැනීම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, පෝද්දල ජයන්තගේ කකුල් කඩා දැමීම, මේවා සොයා ගන්න බැරි අපරාධ. මේ අපරාධ සොයා ගැනීමට බැරිවෙලා තියෙන්නේ දේශපාලන මැදිහත්වීම් මත සිදුවූ අපරාධ නිසා. ඒ නිසයි අපි කියන්නේ නීතිගරුක සමාජයක් හදන්න නම් සැමට නීතියේ සාධාරණත්වය ඉටු වෙන්න ඕන කියලා.

පසුගිය කාලේ පොලිසියේ 125කට ඒ.එස්.පී. උසස්වීම් දුන්නා. තනතුරු දුන්නාට ඒ තනතුරට අදාළව දෙන්න වාහන නැහැ. නමුත් මෛත්‍රීට ගන්න නිල රථයේ කෝටි 10ක බදු මුදලක් නිදහස් කළා. මහින්දට ගන්න වාහනයේ කෝටි 10ක බදු මුදල් නිදහස් කළා. කෝටි 10 බද්ද එතකොට වාහනයේ මිල ඊට වැඩියි. පොලිසියට නිසි උසස්වීම් නැහැ. 1994 බැඳුණු පී.සී. විශ්‍රාම අරන් ගෙදර යනකොටත් පී.සී. ගෙදර නෝනා උම්මා එකක්වත් දෙන්නේ නැහැ. ඇයි හැමදාම පී.සී. නේ. ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් නව සේවා ව්‍යවස්ථාවක් හදනවා.

චන්ද්‍රිකාට නිදහස් චතුරස්‍රයෙන් විශාල ගෙයක් දුන්නා. මහින්දට විජේරාමෙන් ගෙයක් දුන්නා. ඒකේ අලුත්වැඩියාවන් විතරක් ලක්ෂ 200යි. මෛත්‍රී මහත්තයා නොවැම්බර් 17දා ගෙදර යනකොට කැබිනට් එකට දාලා කෝටි 800ක ගෙයක් ගත්තා. හේමාටත් ගෙයක් දීලා තියනවා. ඒ විතරක් නොවෙයි මේ අයට ආහාරපාන, වාහන, ආරක්ෂාව කාර්ය මණ්ඩල මේ සියල්ලම නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. අපි ආපු ගමන් චන්ද්‍රිකාට යන්න පුළුවන් එයා හිටිය රොස්මිඞ් පෙදෙසේ ගෙට, මහින්ද යවනවා මිරිහානේ එයාගේ ගෙදරට. අපි අපේ ආණ්ඩුවක් යටතේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නවත්වනවා. සජිත්ට කියන්න පුළුවන්ද අම්මාව එයාගේ ගෙදරට යවනවා කියලා. එයාට එහෙම කියන්න බැහැ.

අවුරුදු පහකට බලයට පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමිවෙනවා. මන්ත්‍රීවරයා මාස තුනකට පාරක් පාර්ලිමේන්තු ගියාම ඇති. නැතිනම් පාර්ලිමේන්තුවේ මේ දොරෙන් ඇතුල් වෙලා ඊළඟ දොරෙන් පිට වුණත් ඇති. ඒවාගේ අවුරුද්දට හතර වතාවක් පාර්ලිමේන්තු යන්න ඕනේ. මේ ක්‍රමය නැති කරමින් අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ජනාධිපතිවරයා ඔහුට ඉන්න එක එක තැන්වල මාලිගා හදල තියෙනවා. යාපනයේ එකයි. උඩවලවේ එකයි. නුවර එකයි. නුවරඑළියේ එකයි. එක රැයක් බුදියගෙන නැතිව ඇති මේ මාලිගාවල. යාපනය මාලිගාවේ විතරක් පොලිසියේ 200ක් ඉන්නවා ආරක්ෂාවට. අපි මේ මාලිගවල් සංචාරක හෝටල් බවට පත් කරනවා.

දැන් පාර්ලිමේන්තුව මහලු මඩම වගේ අවුරුදු 70ට වැඩි කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව ද? සමහර අයට පාර්ලිමේන්තුවේ පඩි පෙළ නගින්න දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් එන්න ඕන. අවුරුදු 84 එක්කෙනෙක් ඉන්නවා. 79 එක්කෙනෙක් ඉන්නවා. ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. ඒ වෙලාවට කරු ජයසූරිය කථානායක කියනවා ඔන්න ඔහේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. අපි සීයා කෙනෙකුගෙන් කෑවේ නැද්ද කියලා ඇහැව්වාම තවම බෙහෙත් බිව්වේ නෑ පුතේ කියලා කියනවා වගේ අවුරුදු 70ට වැඩි අය පාර්ලිමේන්තුවට ඉල්ලන්ට දෙන්නේ නැති ක්‍රමයක් හදනවා.

ඊයේ පෙරේදා අතුරු සම්මත ගිණුමක් දෙගොල්ලොම එකතු වෙලා සම්මත කර ගත්තා. අපි විතරයි මේකට විරුද්ධ වුණේ. ඒකේ තියන ජනාධිපතිවරණ වැය ශීර්ෂයේ දිනක වියදම කෝටි දෙකයි. මේ දෙගොල්ලෝ මේක සම්මත කර ගන්නේ ඇයි? සජිත් ආවොත් හරි ගෝඨා ආවොත් හරි මේ මුදල වියදම් කරන්නේ ඒ අයට. ඒ නිසා අපි අපේ පාලනයක් තුළ ජනාධිපති වැය ශීර්ෂය සියයට 90කින් කප්පාදු කරනවා.

නොවැම්බර් 16දා ඡන්දෙන් නොවැම්බර් 17දා දිනලා දිවුරුම් දුන් ගමන් අපේ පාලනයක් තුළ හොරා කාපු දේපළ, මුදල් මාස දෙකේ එනම් ජනවාරි 17 කාලය තුළ ආණ්ඩුවට දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි ආණ්ඩුවට ගන්නවා බැසිල්ගේ මල්වානේ නිවස, ගෝඨාභයගේ මිග්යානා අතයට සල්ලි, රනිල් හා රවි මහා බැංකුවෙන් හොරා කාපු සල්ලි, මහින්දානන්දගේ දේපොල මේ සියල්ලම රජයට ගන්නවා යැයි ද කීය.

මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඡන්දෙ කාලෙට විතරක් ජනතාව ඉදිරියේ පෙනී සිටින පක්ෂයක් නොවෙයි. ඡන්ද කාලෙට බඩු බෙදන අරක්කු බෙදන පක්ෂයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනතාවගේ සැමදා හිතේ තියන පක්ෂයක්. ගොවියාට බීජ ටික වතුර ටික අරන් දෙන්න සටන් කරන පක්ෂයක්. ගොවියාගේ ඉඩම් ටික බේරා ගන්න පක්ෂයක්. ඡන්දෙන් පස්සේ ඔබ කියන අනෙක් පක්ෂ අපිව රැවැට්ටුවා අපරාදේ ජේ.වී.පී. පාලනයක් ආවා නම් හොඳයි කියලා.

ඒ නිසා තමයි මේ රට හදන්න අනුර සහෝදරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මග වරදින කොට පාර කියන්නේ මාලිමාවයි. ඒ නිසයි ජාතික ජන බලවේගය මාලිමාවෙන් ඉදිරිපත් වෙන්නේ. නැගෙනහිර පළාතේ දැවැන්ත සංවර්ධනයට පංගුකාරයෙක් වෙන්න, කොටස්කාරයෙක් වෙන්න ත්‍රිකුණාමලයේ ඕනෑ තරම් සම්පත් තියනවා. තෙල් ටැංකි ටික, ස්වභාවික වරාය, සංචාරක කර්මාන්තය ඒ අතින් විශේෂයි. ආසියාවටම සීනි දෙන්න පුළුවන් කන්තලේ සීනි කම්හල පරණ යකඩවලට කපලා විකුණන්න සූදානම් වෙනකොට අපි කෑගහලා ඒක නැවැත්තුවා. ත්‍රිකුණාමලයේ තියන තෙල් ටැංකිවල ලංකාවට තෙල් මාස හයකට දෙන්න ගබඩා කරන්න පුළුවන්. ලෝකයේ තෙල් මිල අඩුවෙනකොට ගබඩා කරන තෙල් ලංකාවේ ස්ථාවර මිලකට දෙන්න පුළුවන්. ඔය මිල සූත්‍ර වැඩක් නැහැ. තෙල් මිල ඉහළ යෑම මේ නිසා පාලනයක් වෙනවා.

පසුගිය වසරේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 10,502යි. මේ තෙල් ගබඩා කරලා තිබුණා නම් පාඩුව මගහරවා ගන්න තිබුණා.

රට හදන සැලැස්ම තියෙන්නේ අපි ළඟ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය සඳහා සැලැස්ම තියෙන්නේ අපි ළඟ යැයි ද ඔහු කීය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.බී. සරත්, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ලේකම් වෛද්‍ය සහීර්, ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටු සාමාජික ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූහ.

අනතුරුව පැවැති මුතූර් රැලියේ දී මුස්ලිම් ප්‍රජාව අනුර කුමාර දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගැනීම විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක නීතිඥ අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු ක්‍රියාකාරිකයන් මෙම ජන හමු සංවිධානය කර තිබුණි.

 



අදහස් (0)

“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 56 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site