IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“ගොවීන්ට විධිමත් විශ්‍රාම වැටුපක් හදුන්වාදෙනවා“

(සුජිත් හේවාජුලිගේ සහ බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම බුලත්සිංහල සිට)

පිට රටින් රබර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා බුලත්සිංහලදී පැවැසීය.

පිට රටින් බාල තේ ගෙන්වීම ද නවතන බව කී රාජපක්‍ෂ මහතා දේශීය තේ විදේශ රටවල ප්‍රචාරය කිරීමට උපරිම රාජ්‍ය අනුග්‍රහය දෙන බව ද ප්‍රකාශ කළේය.

දුප්පත්කම නැති කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

රාජපක්‍ෂ මහතා මේ බව පැවැසුවේ බුලත්සිංහල නගරයේදී පෙරේදා (3) පස්වරුවේ පැවැති මැතිවරණ ජන හමුවේදීය.
විශාල පිරිසක් මහ වැසි මැද රැස්වීමට සහභාගී වූහ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහත්වරු රැස්වීම සංවිධාන කළහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ ද කීය.

“මහ වර්ෂාව මැද්දේ ජන රැලියට පැමිණි ජනතාවට බුලත්සිංහල ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අප රට හදන දැක්ම පසුගියදා එළිදැක්වූවා. අප ඒ ප්‍රතිපත්ති මාලාව හැදුවේ දුප්පත්කම නැති කිරීමටයි. අප වෘත්තිකයන් සමග එකතු වී ඒ ප්‍රතිපත්ති මාලාව හැදුවා.

අද සෑම වැවිලි අංශයක්ම කඩාවැටිලා. තේ කර්මාන්තයත් බිංදුවටම වැටිලා. තේ කම්හල් වැහිලා. අපේ රටේ ගුණාත්මක තේවලට පිට රට බාල තේ මිශ්‍ර කිරීම නිසා අපට අද විදේශ වෙළෙඳපොළ නැවතිලා. අප පිට රටින් බාල තේ ගෙන්වීම නවත්වනවා. තේ වගාකරුවන්ට විශේෂ සහන දෙනවා. සිලෝන් ටී ප්‍රචාරයට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. පිට රටවලින් රබර් ෂීට් ගෙන ඒම නිසා අපේ රබර් කර්මාන්තය වැටුණා. පිට රටින් රබර් ගෙන්වීම නවත්වනවා.

අද ගම්මිරිස් නිෂ්පාදනයත් කඩාවැටිලා. ඒ බාල ගම්මිරිස් පිට රටින් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම නිසයි. ගොවියා ජීවත් කරවීම අපේ ප්‍රතිපත්තියයි. අප ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙනවා. පොහොර ටික නොමිලයේ දෙනවා. ගොවීන්ට නව තාක්‍ෂණය ලබාදීමටත් කටයුතු කරනවා.

තරුණ අසහනය අද වැඩිවෙලා. රැකී රක්‍ෂා ප්‍රශ්නය උග්‍ර වෙලා. අප දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙනවා. අධ්‍යාපනයට වැඩිම ආයෝජනය කරනවා. උසස් පෙළ සමත්වන සියලු දෙනාටම විශ්වවිද්‍යාල අවස්ථා දෙනවා. දරුවන්ට පරිගණක තාක්‍ෂණය වැඩි වශයෙන් හඳුන්වා දෙනවා.

අප එදා මේ රටේ අන්තවාදය නැති කළා. යුද්ධය අවසන් කිරීමෙන් පසුව රටේ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව පැමිණ ඒ වැඩපිළිවෙළ නතර කළා. මේ ආණ්ඩුව පැමිණ රණවිරුවන් බුරුතු පිටින් හිරේට දැම්මා. මේ රජය ජාතික ආරක්‍ෂාව අමතක කළා. අප අභියෝග ජය ගත්තු පිරිසක්. ඔබලා මා කෙරෙහි විශ්වාසය තබන්න. මම මට පැවැරූ වගකීම් සියල්ල ඉටු කළා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන සියලු පොරොන්දු ඉටු කරනවා. අප සුරක්‍ෂිත රටක් අභිමානවත් දේශයක් ගොඩනගනවා.

මේ රජය පැමිණ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දැමුවා. අප බලයට පැමිණි වහා රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට කටයුතු කරනවා.”

හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:
“මේ දවස්වල හොඳට ගෑස් තියෙනවා ද? මේක තමයි ආණ්ඩුවේ බැරිකම. ගෑස් දෙන්න බැරි ආණ්ඩුවකට රක්‍ෂා දෙන්න පුළුවන් ද? අද කුස්සියේ බඩු පිරිලා ද? අද කුස්සියේ ලුණු ටිකවත් නෑ.

මේ ආණ්ඩුව පිහිටුවලා දින සියයක් යන්නටත් පෙර හොරකම පටන් ගත්තා. මහ බැංකුව කොල්ලකෑවා විතරක් නොවෙයි ජනතාවගේ පොකට් එකටත් විද්දා. අපේ සමහරු ෆොක්ස්වැගන් කාර් එකේ යන්න හීන මැව්වා. ෆොක්ස්වැගන් ආවා ද? දැන් ආපහු බොරු පොරොන්දු දෙන්න පටන් අරගෙන. වැට් බද්ද වැඩි කරන්න ඡන්දය දීපු සජිත් දැන් බදු අඩු කරනවාලු. එයා ආණ්ඩුවේ නිසා ඒ සහන දැනුත් දෙන්න පුළුවන්. මේ ආණ්ඩුවෙන් රටට කිසිම දෙයක් වෙන්නේ නැහැ. රටේ සම්පත් ටික විකුණනවා.

ප්‍රේමදාස යුගය ඔබට මතක ඇති. ගෝනිබිල්ලෝ ආවා. හැම හන්දියකම ටයර් සෑයවල් බිහිවුණා. තරුණ තරුණියන් හැටදහසක් අමු අමුවේ මරලා දැම්මා.

අද තේවලට රබර්වලට මිලක් නැහැ. ගම්මිරිස්වලට, කුරුඳුවලට මොකද වුණේ. මේ ප්‍රශ්න ටික විසඳාගන්න පොහොට්ටුව දිනවන්න. සෑම දුප්පත් පවුලකටම ආහාර මල්ලක් දීමට කටයුතු කරනවා. මා ඒක ගෝඨාභය සමග සාකච්ඡා කළා. ශක්තිමත් ජතියක් ගොඩනැගීම අපේ අරමුණයි.”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:
“මේ ජනතාව මහ වැසි මැද මෙතැනට ආවේ රට හරි මගට හරවන්නයි. මහින්ද බාර දුන්නේ සාමය සහිත රටක්. තේවලට, ගම්මිරිස්වලට, රබර්වලට හොඳ මිලක් තිබුණු රටක්. බිය සැක නැති රටක්. මේ කුම්බාණ්ඩයෝ ටික ආවා විතරයි සියල්ල පල්ලම් බැස්සා. වඳ පීදුණු ආණ්ඩුවක්. සජිත් හදන්නේ ඔරිජිනල් ආණ්ඩුවක්ලු. හැබැයි ඒකෙ අගමැති රනිල්. මේක සහරාන්ලා කැඳවපු ආණ්ඩුවක්. මේ රජයට සහරාන්ලා ගැන අනූ වතාවක් තොරතුරු ලැබී තිබුණා. අතපසුවීමක් සොරි හොඳේ කියලා අද රනිල් කියනවා.

මේ ආණ්ඩුව ඇවිත් පාරවල් හතක් හැදුවා. දුප්පතාට බඬේ පාර හැදුවා. ව්‍යාපාරිකයාට කනේ පාර හැදුවා.

භික්ෂූන්වහන්සේලාට කාදිනල්තුමාට මඩ පාර ගැහුවා. දැන් ඊළඟට හදන්න යන්නේ දෙමළ ඊළමට යන පාරයි.

පුතාණෝගේ පම්පෝරිය විතරයි. අද ජ්‍යොතිෂ්‍යයන්ට සල්ලි දීලා රාජයෝගය එයාට කියලා කියවා ගන්නවා. නමුත් ඒ පත්තර කෑලි යටම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියලත් තියෙනවා. අද රටට ප්‍රශ්න පම්පෝරිය නොවෙයි, වැඩ. ගෝඨාභය වැඩ කරන නායකයෙක්. ඔබලා අද ජාතික ආරක්‍ෂාව ඉල්ලනවා. නමුත් පුතාණෝ සනීපාරක්‍ෂාව දෙන්න යනවා. 16 වැනිදා ජාතික කොඩිය අරගෙන ඡන්ද පොළට යන්න. පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගහන්න.”

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:
“‘අප්පච්චි’ කියලා හඳුන්වපු රාජ්‍ය නායකයකු මේ රටේ මෙයට පෙර ඉඳලා නැහැ. මේ රටේ මිනිස්සු යූඑන්පී නායකයන්ට අප්පච්චි කියනවා ද? හරියට එයාලා ලන්සි පැපොල් වගෙයි. මල් තිබුණත් ගෙඩි නැහැ. මහින්ද මහත්තයා එදා මැදමුලනට යද්දී අප කවුරුත් ඇඬුවා. ගෙවල්වල බත් ඉව්ව ද? තව දින 13කින් රටේ අගමැති වෙන්නේ මහින්ද මහත්තයායි. ගෝඨාභය වෙනුවෙන් ඡන්දය දීම ගෞරවයක්. එතුමා ආදර්ශවත් නායකයෙක්. වැඩි ඡන්ද විසිපන්දහසකින් බුලත්සිංහල දිනවමු. කළුතරින් විතරක් වැඩි ඡන්ද ලක්‍ෂ එකහමාරක් ලබා දෙනවා.”

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා:
“මේ ආණ්ඩුව රබර් මිල බස්සලා රබර් ගොවියා අනාථ කළා. ඒ විතරක් නොවෙයි තේ, ගම්මිරිස් ගොවියාත් අනාථ කළා. ගොවියා අනාථ කළ මේ ආණ්ඩුව ලබන 16 වැනිදා ගෙදර යවමු. සම්බුද්ධ ශාසනයට වද දීපු, රණවිරුවන් හිරේට දාපු මේ ආණ්ඩුව පන්නා දමමු.”

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා:
“ගෝඨාභය වටේ අද මුළු රටම එකතු වී සිටිනවා. මාතෘ භූමිය ගොඩ ගැනීමට නිර්මාණශීලී නායකයකු රටට අවශ්‍යයි. හොඳ කශේරුකාවක් තිබෙන නායකයකු අවශ්‍යයි. අපේ රටටත් මහතීර් මොහොමඞ් කෙනකු අවශ්‍යයි.”
මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 



අදහස් (0)

“ගොවීන්ට විධිමත් විශ්‍රාම වැටුපක් හදුන්වාදෙනවා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 186 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site