IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“

(නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම එම ජයග්‍රහණයට විශාල ශක්තියක් සපයන බව ද ඔහු කීය.

අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

විපක්ෂනායකවරයා එහි දී මෙසේ ද පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කර ගැනීම ගැන මේ ආණ්ඩුව පත්කරගන්න සටන් කළ උදවියත් අද දුක්වෙනවා. අම්පාරට විතරක් නෙමෙයි මුළු රටටම වැඩ කළේ අපේ ආණ්ඩුවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳලම රටට මොනවද කළේ. ප්‍රේමදාස යුගය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. පොලිස් නිලධාරීන් 600ක් මරා දැම්මේ එජාප රජය කාලයේයි. අපි ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා.

නමුත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අද අපි එකිනෙකාට බියෙන් ජීවත් වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් නැවත අපගේ රජයක් බලයට පත්කර ගත යුතුයි.

මේ රටේ තත්ත්වය ගැන ජීවන වියදම ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කන බොන දේවල්වල මිල මට වඩා හොඳට ඔබ දන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රේමදාස මහත්තයට බැහැ.

අපි හදපු සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම හැර මේ ආණ්ඩුව රටට මොනවද කළේ. ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති හැම එකකටම සජිත් ප්‍රේමදාස මහත්තයා අත ඉස්සුවා.

තමන් ජනාධිපති වුවහොත් ගොවි ජනතාවට දෙන සහන ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිවම රටට ප්‍රකාශ කර තිබෙනවා. වීවලට ස්ථිර මිලක්, පොහොර සහනාධාරය නොමිලයේ ලබාදීම ගැන ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රීලනිප එජාපය සමග එක්වීමත් සමග අපි ශ්‍රීලනිපයෙන් වෙන්වෙලා වෙනම පක්ෂයක් ගොඩනගා ගත්තා. දැන් අපි නැවත එකතුවෙලා තිබෙනවා. ඒ එකතුවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා එකතුවී වැඩ කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

අපගේ රජය යටතේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට විශාල අභිමානයක් ලබාදුන්නා. ගම්බට්ටා යැයි හැඳින් වූ ආරක්ෂක භටයාට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් වශයෙන් කටයුතු කිරීමට හැකි වාතාවරණය ලබාදුන්නේ අපගේ රජයයි.

එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය කෙළෙසලා දැම්මා. වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජය පසුගිය කාලයේ කටයුතු කළේ රණවිරුවාගේ මානසිකත්වය කඩා වැටෙන ආකාරයටයි.

අභූත චෝදනා නගමින් රණවිරුවොත් බුද්ධි අංශ නිලධාරියාත් සිරගත කළා. අප යෙදූ ආරක්ෂක විධිවිධාන නොසලකා හැරීම නිසා පාස්කු ඉරු දින බෝම්බ පුපුරා ගියා.

විදේශ රාජ්‍යයන්වල අවශ්‍යතාවන් මත කටයුතු කරන වත්මන් රාජ්‍යයට ජාතික ආරක්ෂාවට වගකියන්න බැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ අපගේ රජයකට පමණයි.

අපගේ රජය විසින් ආරක්ෂක අංශ වෙත ලබාදුන් හා ලබාදීමට නියමිතව තිබුණ වරප්‍රසාද මෙම රජය අහිමි කළා. නමුත් අපගේ රජයක් යටතේ ආරක්ෂක අංශවලට වරප්‍රසාද ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.

හමුදාව, පොලිසිය වැඩ කළේ කවුද කියන්න ඔබ දන්නවා. ඔබට වැඩියෙන්ම වරප්‍රසාද ලබාදුන්නේ කවුද කියලා ආරක්ෂක අංශ දන්නවා. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මම කියනවා.

අපගේ රජය යටතේ ගොවි ජනතාව නගා සිටුවන්න පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වගා හානිය ලබාදෙන්නත්, ගොවි ණය කපා හරින්නත් අප කටයුතු කරනව මෙන්ම පොහොර සහනාධාරයත් නොමිලයේම ලබා දෙනවා.

ගුණාත්මක බවින් යුතු බීජ නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙනවා. රට ආහාරයෙන් සුරක්ෂිත කිරීමට එම යෝජනා ඉතාම වැදගත්.

සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න කටයුතු කරනවා. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් කරනවා. ඒ වෙනුවෙන් විනිවිධ පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ආයෝජන අවස්ථා පුළුල් කරන්නත්, ව්‍යාපාරයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් බදුසහන ලබාදීම හරහා අප බලාපොරොත්තු වෙනවා.

උසස් පෙළ සමත් සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල ආයෝජනයක් කරනවා.

මේවා කළ හැක්කේ අභියෝග බාරගත් අයට පමණයි. ත්‍රස්තවාදය නිම කිරීමේ අභියෝගය ජයගත්තාක් මෙන් ජනාධිපතිවරණය ජයගෙන රටට එල්ලවී තිබෙන අභියෝග ජයගැනීමට තමන් සූදානම් යැයි ද ඔහු කීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.

ඔබ අපි මරණයේ හෙවණැල්ල මැද ජීවත් වූ යුගය නිම කරලා රටට සාමය උදා කළේ මහින්ද - ගෝඨා සුසංයෝගයයි. ඒ කෘතවේදීත්වය හදවතේ දරාගත් මිනිස්සු ඔබයි.

මරණයේ බිය පහකළ රටට නැවතත් මරණයේ සෙවණැලි කැඳවාගෙන ආවේ වත්මන් ආණ්ඩුවයි. සහරාන්ලා ගැන 97 වතාවක් බුද්ධි අංශ දැනුම්දීලත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පාස්කු ඉරුදින මිනිස් ජීවිත 400 ගණනක් රටට අහිමි වුණා.

සහරාන්ලා හැදුවේ ගෝඨාභය බවට දැන් කතාවක් හදලා තියෙනවා. යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ හිරේ දැම්මේ ගෝඨාභය ද? මෙම ප්‍රහාරය ගැන තමන් නොදැන සිටි බව හිටපු හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ රටට කීවා.
ත්‍රස්තවාදය නිමකරන්න සහයෝගය දුන් බුද්ධි අංශ හිරගත කරනවිට සජිත්ගේ කට ඇරුණේ නැහැ. තමන් රණවිරුවන් වෙනුවෙන් හිස දන්දෙන්න වුණත් සූදානම් බව සජිත් කියනවා. ඉතිහාස කතාවට අනුව සිරිසඟබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නම රජ වුණේ ගෝඨාභය රජ්ජුරුවොයි.

මේ රට නැවතත් ආරක්ෂාව සුරක්ෂිත බව ඉල්ලා සිටිනවා. එදා වගේම රටටත්, ජනතාවටත් සුරක්ෂිත බවක් දෙන්න හැකියාව තිබෙන්නේ මහින්ද - ගෝඨා සුසංයෝගයට පමණයි.

තමන්ගේ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පත් කරන බවට සජිත් කියනවා. හමුදාපති කාලෙදි හමුදා මූලස්ථානයේ දීම එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට මුහුණ දුන්න සරත් ෆොන්සේකාට රට ආරක්ෂා කරන්න බැහැ.

පසුගියදා සේරුනුවර දී තීපන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට පත් වුණා. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හතර දෙනෙක් ඝාතනය කරන්න ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු වන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබෙනවා. දැන් ආණ්ඩුව ඒ පරික්ෂණ අඩපණ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට බටා දීමනාව දෙනවට අපි විරුද්ධ බව සජිත් කියනවා. අපි විරුද්ධ නැහැ. ඒ දීමනාව හෙට උණත් දෙන්න අපි අත් දෙකම උස්සන්න සූදානම් යැයි ද ඔහු කීය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසීය.

මෙය ආණ්ඩු පෙරලියක් ඇති කරන ජනාධිපතිවරණයක්. ඒ අනුව මෙම ජනාධිපතිවරණයෙන් රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ආර්ථික සංවර්ධනය කළේ ඉලක්කම්වලින් පමණයි. අධිරාජ්‍යවාදී රටවල වුවමනාවන් වෙනුවෙන් රට පාලනය කළ වික්‍රමසිංහලා හා ප්‍රේමදාසලා වෙනුවට රටට හිතැති පාලනයක් බිහිකරගත යුතුයි.

එජාප අපේක්ෂක ප්‍රේමදාස මහතා අද කවටයෙක් වෙලා. තමන් ජනාධිපති වුවහොත් මාලිගාවල නොසිටින බව ඔහු කියනවා. රටේ ජනාධිපති මාලිගාවක ඉන්නවද, එහෙමත් නැත්නම් මුඩුක්කුවක ඉන්නවද කියන එක රටට ප්‍රශ්නයක් නෙවෙයි. විහිළු කතා කීම නවතා රට සංවර්ධනය කරන ආකාරය ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු කියන්නේ නැහැ.

නමුත් ගෝඨාභයගේ කතා ඇසෙන විට අපට දීප්තිමත් අනාගතයක පෙර නිමිති පේනවා. ඔහුගේ කතා විද්වත් ස්වරූපයක් ගන්නවා. රට සංවර්ධනය කරන ආකාරය, ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු තමන්ගේ දැක්ම රටට හෙළිකරනවා මිස වේදිකාවල නිකරුණේ කතා කරන්නේ නැතැයි ද ඔහු කීය.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා:
අම්පාරේ අපි එදා කුඹුරට ගියේ පාරේ ගියේ මර බයෙන්. ඒ තත්ත්වයෙන් අපි මුදාගෙන නිදහස ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා.

ලබාදුන් නිදහස වෙනුවෙන් අම්පාරේ අපි ඔබ දෙපළට ණයගැති යැයි ද ඔහු කීය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය:
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නියත ජයග්‍රහණයක් වූයේ ශ්‍රීලනිපයත් එකතුවීම නිසයි. මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජය වෙලා ගියාම ඔහුව නැවත දේශපාලනයට ගේන්න සටන් කළ එකම කාන්තාව මමයි.

අපිට එදා අසාධාරණකම් වුණා. ඒවාට උත්තර දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මම හැමදාම සටන් කළේ අම්පාරේ ජනතාවගේ ජයග්‍රහණයන් වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණ ලබාදීම මිස පුද්ගලිකව මා දිනාගත්ත දෙයක් නැහැ. තමන් හැමදාම කොන්ද කෙළින් තියාගෙන සිටි කාන්තාවක් යැයි ද ඇය සඳහන් කළාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා
සජිත් ප්‍රේමදාසට රණවිරුවන් ගැන අනුකම්පාවක් ඇතිවී තිබෙන්නේ දැනුයි. බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරනවිට, රණවිරුවන්ගේ පුද්ගලික මුදලින් ත්‍රස්තවාදීන්ට වන්දිගෙවන්න නියම කරනවිට ඔහු සිනහාසිසී සිටියා මිස රණවිරුවන් වෙනුවෙන් කිසිවක් කීවේ නැහැ.

සිවිල් ආරක්ෂක සෙබළුන් ස්ථිර කළේ මහින්ද රාජපක්ෂ රජයයි. දැන් එයත් තමන්ගේ ආණ්ඩුව කළ වැඩක් බවට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා. ග්‍රාමාරක්ෂක නිලධාරියා සිවිල් ආරක්ෂක සෙබළුන් බවට පත්කර ඔවුන්ට අභිමානවත්ව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. අද සිවිල් ආරක්ෂක සෙබළු බේරේ වැවේ කුණු අදින්න දාලා.

මේ ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාරට කළ එකම දෙය රට විදේශයන්ට විකිණීම පමණක් යැයි ද ඔහු කීය.

ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා:
නැගෙනහිර පළාතේ සම්පත් විකුණාගන්න ආණ්ඩුව සැලසුම් කළා. විපක්ෂයේ කටයුතු නිසා එය තාවකාලිකව නතරවී තිබෙනවා. මේ රට බේරාගන්න නම් අප සියලුම දෙනා එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි.

අම්පාරේ එදා මායිම් ගම්මාන තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට නිදහසේ ගමන් බිමන් යන්න බැරි තත්ත්වයක් එදා ඇතිවෙලා තිබුණා. ඒ තත්ත්වයෙන් රට නිදහස් කරගෙන රටට නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යැයි ද ඔහු කීය.

එක්සත් ජාතික පක්ෂයේ කල්මුණේ ආසන සංවිධායක එස්.එම්. මුනිස් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය පළකරමින් මෙම වේදිකාවට ගොඩවිය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක් ද මෙම රැලිය ඇමතූහ.



අදහස් (0)

“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 186 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site