IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“

(නාලක සංජීව දහනායක ඇල්ල ප්‍රසාද් රුක්මල් බදුල්ල සිට)

අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට තම රජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේ දී ඉකුත්දා පැවසීය.

වෙළෙඳ පොළේ පවතින රැකියාවලට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු කීය.

බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේ ද පැවසීය.

කෘෂිකර්මය ගොඩනැගීමටත් වැවිලි කර්මාන්තය ගොඩනැගීමට අපගේ රජය අවධානය යොමු කරනවා. මේ රටට වසර ගණනාවක්ම විදේශ විනිමය උපයා දුන් ප්‍රධානම වැවිලි බෝගය තේ කර්මාන්තයයි. නමුත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අපගේ තේ සඳහා තිබූ ඉල්ලුම පහළ වැටිලා.

එයට ප්‍රධානම හේතුව කසළ තේ පිටරට යැවීමයි. ඒ නිසා අද තේ කර්මාන්තයෙන් ඉහළ මිලක් ලැබෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉහළ විදේශීය වෙළෙඳ පොළට යැවීමෙන් අපට ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගත හැකියි. තේ කර්මාන්තය ඉහළට ගැනීමට අප ඉහළම සහය ලබා දෙනවා. එමෙන්ම වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා.

වතු කම්කරුවන්ට නිවාස, අධ්‍යාපනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දෙමළ මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් ඉගෙන ගැනීමට ඔවුන්ට දුර බැහැර යන්න සිදු වෙනවා. අප ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. මේ වන විට දිස්ත්‍රික්ක 9ක පමණ ගම්මිරිස් ගොවීන් අන්ත අසරණ වී සිටිනවා. ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් මෙරටට ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා අද ගම්මිරිස් ආදායම පහළ වැටිලා. අපගේ රජය පිටරටින් ගුණාත්මක බවින් අඩු බෝග ගෙන්වීම නතර කරනවා. ගම්මිරිස් වගාව දියුණු කිරීමට අප මැදිහත් වෙනවා.

රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරනවා මෙන්ම ගොවියා සුරකින්නත් ක්‍රියා කරනවා. පොහොර සහනාධාරය සියලුම බෝග සඳහා ලබා දෙන්නත්, ගොවි ණය කපා හැර, ගොවි රක්ෂණ ක්‍රමය හා ගොවි විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.

අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි පරිදි ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. එමෙන්ම ගුණාත්මක බවින් උසස් බීජ වර්ග හඳුන්වා දෙනවා. ගොවියා ව්‍යවසායකයකු කිරීමට අප ක්‍රියා කරනවා.

එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළා. මේ රජය ඒ සංවර්ධනය ඉදිරියට ගෙන ගියේ නැහැ. එමෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපගේ පළමු වසරේදීම විශාල ආයෝජනයක් කරනවා.

විරැකියාව නිසා අද තරුණ පරපුර අසහනයට පත් වෙලා. තොරතුරු තාක්ෂණයට තරුණ පරපුර යොමු කර අපට රැකියා නිර්මාණය කර ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ලක්ෂ තුනක පමණ රැකියා උත්පාදනය කළ හැකියි.

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ඇති කරලා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසු පිරිසගේ තත්ත්වය වැඩි දියුණු කරනවා.

කලා අංශයෙන් උපාධිය ලබන අයට රැකියා ලබා ගැනීමට අසීරුය. ඔවුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමෙන් රැකියා ලබා ගත හැකියි. වෙළෙඳ පෙළේ තිබෙන රැකියාවලට ගැළපෙන පරිදි අප අධ්‍යාපනය වෙනස් කළ යුතුයි.

ජනවාරි 1 වැනිදා වන විට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. එමෙන්ම රජයේ රැකියා ලක්ෂයක පමණ පුරප්පාඩුවක් තිබෙනවා. ඉන් එක් රැකියාවක් හෝ දුප්පත් පවුල්වලට ලබා දෙනවා. එමෙන්ම සියලුම නගර සභා ප්‍රාදේශීය සභා එකතු කරගෙන කසළ කළමනාකරණ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි ද ඔහු කීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

අපේ ආණ්ඩුව කාලේ හාල් කිලෝව රුපියල් 40-45 යි. අද රුපියල් 100යි. යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න වෙනස ඒකයි. ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලම හොරකම් කළා. නමුත් හොරා කියලා චෝදනා කරන්නේ අපිටයි. පික් පොකට්කාරයන් හොරා කියලා චෝදනා කරන්නේ අනිත් අයටයි.

එතකොට හොරා කවුද කියලා හොයා ගන්න බැහැ. නමුත් හොරා කවුද කියලා අද හෙළි වෙමින් තිබෙනවා.

මහ බැංකුව හොරා කාලා, වරාය ගුවන්තොටුපොළ විකුණනගෙන කෑවේ මේ ආණ්ඩුවයි. පාසල් දරුවන්ට දීපු නිල ඇඳුම වෙනුවට කූපන් පත් දුන්නේ මේ ආණ්ඩුවයි. වැට් බද්ද වැඩි කිරීම ඇතුළු ආණ්ඩුව ගෙනාපු හැම අහිතකර යෝජනාවකටම සජිත් ප්‍රේමදාස අත ඉස්සුවා. නමුත් ඔහු අද කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වගෙයි.

ෆෙඩරල්වලට එහා ගිය විසඳුමක් දෙන බව සජිත් තමන්ගේ දෙමළ හා ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරලා තියෙනවා. සිංහල පිටපතේ වෙන එකක් කියනවා. අඩුම තරමේ රනිල් වික්‍රමසිංහවත් මේ වගේ ජනතාව රවට්ටල නැති බව අවංකවම කියන්න ඕන.

එක්සත් ජාතික පක්ෂය කවදාවත් තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිංහල, දෙමළ, පිටපත්වල වෙන වෙන දේවල් කියලා නෑ. නමුත් සජිත් සිංහල, දෙමළ අය පමණක් නෙවෙයි ජාත්‍යන්තරයත් රවට්ටලා. වතු ජනතාවගේ වැටුප රුපියල් 1500 ක් කරන බව සජිත් කියනවා. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙන්නේ රුපියල් 1000 ක් දෙනවා කියලයි. තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එකක් කියලා ජනතාවට තවත් එකක් කියන අය ගැන විශ්වාසය තියන්න එපා.

දරු ඵල නොමැති මව්වරුන් සඳහා නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන අද මව්වරුන්ට ප්‍රකාශ කළා.

එමෙන්ම ජාතියට වින කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අපි ක්‍රියා කරනවා. අප දරුවන් මතින් මුදවා ගන්න ක්‍රියා කරනවා යැයි ද ඔහු කීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.

2015 ජනවාරි 8 වැනිදා වැටුණු රට නැවත ගොඩ ගන්නවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මාසේ 16 වැනිදායි. බොරුවෙන් එකක් කියලා තමන්ව රවට්ටපු ආණ්ඩුවෙන් පලිගන්න ජනතාව බලාගෙන ඉන්නවා.

බුද්ධි අංශ 97 ක් අනතුරු හඟවා තිබියදීත් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය නවත්වන්න උත්සාහ ගත්තේ නැහැ. මේ රටේ නොතිබුණු ත්‍රස්තවාදයක් ඇති කළේ මේ ආණ්ඩුවයි.

පරාජයේ වේදනාව දැනටමත් දැනෙන නිසා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ආණ්ඩුව මඩ ගහනවා. ඒ මඩ ප්‍රහාරවලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ.

අන්තවාදයට විරුද්ධ සියලුම දෙනා මෙවර ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළි අරගෙන. සජිත්ගේ වේදිකාවේ එ.ජා.ප. ප්‍රබල ඇමතිවරු නැහැ. ඇමැතිවරු දැන් අමාත්‍යාංශවල තම තමන්ගේ ලිපිගොනු අයින් කරනවා.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව කියමින් ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.   

මේ රටේ බෝම්බ පිපිරීම අවසන් කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. බෝම්බ පිපිරීම නවත්තපු අපිට නැවත මේ රටේ බෝම්බ ගහන්න අවශ්‍ය නැහැ. ඉරාන් වික්‍රමරත්න ඇමැතිවරයා වහාම අත්අඩංගුවට අරගෙන මේ බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කළ යුතු යැයි ද ඔහු කීය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

අපි තීන්දුව හරි අතට ගත්තේ රට ආරක්ෂා කරන නායකයා දිනවන්නයි. නිවට එජාප ආණ්ඩුව පළවා හැර රටට හිතැති ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාව පුල පුලා බලා සිටිනවා.

 ශ්‍රීලනිපයේ අපි පංගුපේරුවෙන් තොරව ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා. වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නය විසඳා ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දැන් වතු ප්‍රජාවෙන් අලුත් උගත් පරපුරක් බිහි වී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.

එමෙන්ම වසර 40ක් තිස්සේ බදුල්ල නගරයේ දැවැන්ත කුණු ගොඩක් තිබෙනවා. මෙය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්න. ඊට අමතරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙසත් ඉල්ලනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ගෝඨාභය රට හදන දැක්ම ඉදිරිපත් කරන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ වේදිකාවේ විකට ජවනිකා රඟපානවා.

සජිත් යන්නෙත් තමන්ගේ පියාගේ අඩි පාරෙමයි. සජිත්ගේ පියාගේ කාලයේ දී මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය වුණා. බදුල්ලේ ජනතාවට ඒ බියකරු අතීතය හොඳට මතකයි.

 හරීන්ගේ මාමා වන වින්සන් ඩයස් මේ ආසනයේ සංවිධායකවරයාව සිටි කාලයේ දී මට තුන්පාරක් වෙඩි තිබ්බා. ඒ කාලයේ දී මරණ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. අපි මේ ජීවත්වෙන්නේ බෝනස් කාලයක්.

අද සජිත් ටී.එන්.ඒ. සංවිධානයත් එක්ක එකතුවෙලා ඉන්නවා. ටී.එන්.ඒ. සංවිධානය සජිත්ට සහාය දෙන්නේ ඔවුන්ගේ රට බෙදන ඉල්ලීම්වලට ඔහු එකඟ වී ඇති නිසා යැයි ද ඔහු කීය.

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්, ශ්‍රීලනිප බදුල්ල ආසන සංවිධායක කුමාර් ගුරුබරන් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු මෙන්ම ජවිපෙ බදුල්ල ආසන සංවිධායක රෝහිත තිලකරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කිහිප දෙදෙනෙක් ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් මෙම අවස්ථාවට එක්වූහ.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 187 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 967 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site