IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.

ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.

‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.

පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -

‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.

සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා

‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -

උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.

දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.

ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.

එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.

ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය-

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-

පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ප‍්‍රශ්නය-

නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -

නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.

ප‍්‍රශ්නය -

ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -

කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.

ප‍්‍රශ්නය -

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -

අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.

ප‍්‍රශ්නය-

66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-

පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය-

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-

මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.

ප‍්‍රශ්නය-

මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-

සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.

ප‍්‍රශ්නය-

18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-

අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.

ප‍්‍රශ්නය -

උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -

මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.



අදහස් (3)

’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’

arunalu Friday, 21 July 2017 11:04 AM

මොන ලකුණෙන් ආවත් කමක් නැහැ ඇමතිතුමා මතක ඇතිව සබීත නෝනගේ බිල්ඩිම ගන්න

:       0       77

nagendra Friday, 21 July 2017 01:28 PM

අත කෝ කියලයි අහන්න වෙන්නේ...

:       0       129

hewawitharana Wednesday, 02 August 2017 02:09 AM

ටිකිරි මොලේ ටිකිරි අදහස් ඔහේ පලයන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1123 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 855 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2272 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2139 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3673 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1590 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site