IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධනය නතරවුණා‘‘

(රංජිත් රාජපක්ෂ)                       

වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධන ඇණ හිට ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසූවේ අද (23) නාවලපිටිය නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමිණි.

මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී දිසානායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන්,උදය ගම්මපිලම,වාසුදේව නනායක්කාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රැස්වීම අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

             ‘‘අපි තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා, අපි ඒ වැඩසටහන හදලා තියෙන්නේ මේ රටේ පවතින ප්‍රශ්න විවිධ ක්ෂේත්‍රවල ආර්ථික සම්බන්ධ ප්‍රශ්න, ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න මේවා ගැන අපි කතා කරලා විසඳුම් හදලා තියෙනවා.

තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හදලා තියෙන්නේ. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති මලාව හදලා තියෙන්නේ. මගේ වගකීම තියෙන්නේ මහජනතාව වෙතට මේ රටේ රටවැසියා වෙනුවෙන්. මගේ සම්මුතිය තියෙන්නේ තමුන්නාන්සේලා සමගයි.ඒ  අනුව තමයි වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

මම ගැන  මහින්ද රාජපක්ෂ මහතා ගැන අපේ කණ්ඩායම ගැන  ඔබලා විශ්වාසය තියලා තියෙනවා. අපි අභියෝග ජයගත් කණ්ඩායමක්. මේ රටේ ආරක්ෂාව , ආර්ථිකය , සංවර්ධනය මේ සෑම අංශයකම අභියෝග අපි භාරගෙන ජය ගත්තා.

අපි නෙවෙයි මේ රටේ යුද්ධයක් ආරම්භ කළේ, යුද්ධයක් ඇති කරලා අවුරුදු 30 ක් මේ රටට බෙදෙන තත්ත්වයට ගෙනවා. අපේ රටේ ජනතාව මරුමුවට පත්වුණා. සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියළු දෙනාම ජිවිත පූජා  කිරීමත් සමඟ අපේ ආර්ථිකයත් කඩා වැටුණා.

මෙම යුද්ධය අවුරුදු 30 විවිධ රජයන් යටතේ විවිධ ජනාධිපතිවරුන් යටතේ ඇදි ඇදි එමින් තිබුණා, එත් අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අවුරුදු 2 ½ වැනි කෙටි කාලයකදී ත්‍රස්තවාදය අවසාන කරලා මේ රටේ සෑම කෙනෙකුටම සෑම ප්‍රදේශයකටම සාමය ගෙනාවා.

එ නිසා අපිට පුළුවන් වුණා රට සංවර්ධනය කරන්න. අපි උතුර දකුණ නැගෙනහිර සංවර්ධනය කළා. අපි පැහැදිලි දර්ශයක් සමඟ සංවර්ධන කටයුතු ආරම්භ කළා නමුන් මේ ආණ්ඩුව පැමිණියාට පස්සේ සංවර්ධන කටයුතු සියල්ලම ඇණ හිටියා.

ඒ නිසා මේ සංවර්ධන ව්‍යාපාරවලට සම්බන්ධ වුණ ව්‍යාපාරිකයන් ව්‍යසායකයින් , කොන්ත්‍රාත්කරුවන් , සැපයුම්කරුවන් සියලු දේනාගේම ව්‍යපාර නැති වෙලා ගියා. ඒ නිසා සෘජුවම ලක්ෂ 4 ක් පමණ රැකියා අවස්ථා නැති වුණා.‘‘

 

 

 



අදහස් (2)

‘‘වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධනය නතරවුණා‘‘

Chathuri Thursday, 24 October 2019 03:01 AM

රටේ සංවර්ධනයද අඩුවුණේ?... එහෙම නැතිනම් පරම්පරාවේ පෙට්ටගම් පුරවන එකද අඩු වුනේ බලය තියෙනකොට...? පවුලේ කට්ටිය එකතුවෙලා හොඳට වර්ධනය වුණා. සියලුම ආයතන නූගත් කම්බ හොරු පාලනය කෙරුවේ... ඒවා අමතකද? ලොකුම හොරා මස්සිනා නේද? උදයංග දිව්රුම් දෙනකම් හැංගිලා ඉඳලා එළියට ගනියි. ඇමරිකාවේ පුරවැසිකමත් නැතිකරගෙන ජනාධිපති වෙන්න අාවේ. අධිකරණයට හොර, දූෂණ නඩු අහන්න අයිතියක් නැති නිසාද? තවත් පිටරට ඉන්නවා ලංකාවේ උගත්, බුද්ධිමත් මහාචාර්යවරු... ඒ අයටවත් නැහැනේ මෙහෙම අමාරුවක්... ආදරයක් රටයි, ජනතාවයි ගැන... මේ රාජපක්ෂවරු පුදුම ආදරයක් තියෙන්නේ රටට, ජනතාවට ජයට මගුල් කාලා... නඩු කල්දමලා සල්ලි හිඳිලා තියෙන්නේ...

:       0       0

nimalThursday, 24 October 2019 04:27 AM

chathuri, ඒ මිනිස්සු කියන්නේ කරපු දේවල්... ඇත්තනේ ඒවා... ඔයා නිකන් සුළඟේ කතාකරනවා. ඔයා කැමති නැතුව ඇති ගෝඨාට සහ ඡන්දේ දෙන එකකුත් නැහැ. ඔයා හිතන්න දැන් ඉන්න කට්ටිය කලේ මොනවද කියලා. මහබැංකුව කොල්ල කෑම, රට පරිහානියට පත්කිරීම, තව බොහෝ තිබෙනවා. හිතලා ගෝඨාට ඡන්දේ දෙන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 69 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 902 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2301 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site