(නිමල කොඩිතුවක්කු)
සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද පැවැසීය.
වන විනාශය නතර කර පරිසරය, දේශීය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය ඇතුළු ජාත්‍යාන්තර සංවිධාන දැනුවත් කර ජාතික සහ ජාත්‍යාන්තර වශයෙන් යාන්ත්‍රණයක් ගොඩනගන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ-සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය
‘‘අද සිංහරාජ අඩවිය මුළු රටේම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. සිංහරාජ අඩවිය තුළ ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට චමල් රාජපක්ෂ මහතා කළ ප්රනකාශයත් එක්ක අද ඒ පිළිබඳ විශාල මාතෘකාවක් ඇතිවෙලා
අසූව දශකයේ දැව සංස්ථාවෙන් සිංහරාජයේ ගස් ටික කපන්න පටන් ගත්තාග එයට විරුද්ධව පරිසරවේදීන් හඬ නගන විට ජනාධිපති ජේග ආර්ග ජයවර්ධන මහතා ඒක නැවැත්තුවාග නවත්වලා 1988 ජාතික උරුම වන භූමි පනත ඉදිරිපත් කළාග කිසිම කෙනකුට අතක් තියන්න බැරි විදියට ඒ පනත තුළින් සිංහරාජ අඩවියට ආරක්ෂාව සැළසුණා
ඒ පනතට එරෙහිව කටයුතු කරන අයට නීතිය මගින් කටයුතු කරන්න හැකියාව තිබෙනවා
මෙම ව්‍යාපෘතිය කරන්නේ හම්බන්තොට ජනතාවට අවශ්‍ය ජලය ගෙන ඒමට බව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එයට අප විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් සිංහරාජ අඩවිය තුළ මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නිසා ඇත්තෙන්ම අපේ වන සම්පතට, පරිසර පද්ධතියට හානිය සිද්ධ වෙනවා. මේ විනාශය නොකර ව්‍යාපෘතිය වෙනත් විදියකින් කරන්න කියන ඉල්ලීම අප රජයෙන් කරනවා.
ජේ.ආර්. ජයවර්ධන මහතා පනත ඉදිරිපත් කලේ සිංහරාජ අඩවියේ හෙක්ටයාර් 1682.2 ක් ආරක්ෂා කරන්නයි. 1992 දී අපේ රජයක් යටතේ සිංහරාජ අඩවිය තවත් පුළුල් කරමින් හෙක්ටයාර් 11992ක් දක්වා ව්‍යාප්ත කළා.
සිංහරාජ අඩවිය ආරක්ෂා කරන්න කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. දැන් මේ ආණ්ඩුව ඇවිත් ජාතික උරුමයක් ලෙස සලකන සිංහරාජ අඩවිය විනාශ කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැන අපට ලොකු කනගාටුව තිබෙනවා. අප මෙයට විරුද්ධව නැගී සිටිනවා.
ජාතික උරුමය අපට ආරක්ෂා කර දෙන්න කියා එක්සත් ජාතික පක්ෂය විදියට අප යුනෙස්කෝ එකට මේ ගැන ලියනවා. ඊට අමතරව මේ ගැන තවත් ජත්‍යාන්තර ආයතන දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම එක්සත් ජාතික පක්ෂය විදියට අප ගන්නවා.
මේ ප්රශ්නය දේශපාලනීකරණය කරන්න අපට අවශ්‍ය නැ. මෙතනදි අපට දේශපාලන අරමුණු නැහැ. අපට එක අරමුණයි තිබෙන්නේ. ලංකාවේ තිබෙන සම්පත් ටික ආරක්ෂා කර ගැනීමයි. අනාගත පරපුර වෙනුවෙන් අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පූර්ණ දායකත්වය දෙනවා.
මේ රජය ගෙනයන වැඩපිළිවෙළ ඇත්තෙන්ම අප හෙළා දකිනවා. සිංහරාජය පමණක් නොව තව ස්ථාන ගණනාවක වනාන්තර පද්ධතිය විනාශ කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රටේ සම්පත් සූරා කෑම පිළිබඳ ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා
දැන් විෂ පොල් තෙල් පිළිබඳ විශාල කතිකාවක් යනවාග ස්වාධීන පරීක්ෂණයක් කර ජනතාවට මෙහි සැබෑ තොරතුරු හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පිළිකාකාරක පොල් තෙල් ගෙනාපු සමාගම්වලට දඬුවම් කළ යුතුයි.
ජනතාවට පිළිකා හැදෙන පොල් තෙල් ගේනවානම් ඒක ලොකු ගැටලුවක්.
ජනතාවගේ සෞඛ්‍යයත් එක්ක සමාගම්වලට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. තමන්ගේ සාක්කුවට සල්ලි දාගන්න කියා ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න බැහැ. රජය මේ ගැන වගකිව යුතුයි.
සීනි වලින් බිලියන ගණනක වංචාව වුණා. ඒ වංචාව වසන් කිරීමට ආණ්ඩුව විශාල උත්සාහයක නිරත වනවා. එහෙම තිබියදී පිළිකාකාරක පොල් තෙල් ගෙන්වලා.මේ ආණ්ඩුව ජනතාව තුට්ටු දෙකකට මායිම් නොකරන බව පෙනී යනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘
Bamunuarachchi Thursday, 01 April 2021 02:32 AM
මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් කපනකොට කොහෙද හිටියේ
Gimhan Friday, 02 April 2021 06:57 AM
තොප්පිගල කියන්නේ කැලෑවක්...
Bala Friday, 02 April 2021 10:36 PM
යහපාලන ආණ්ඩුව කාලේ කැලෑ අක්කර ලක්ෂ කීයක් කපා විනාශ කරාද කියලා පැහැදිලි කරලා, ඒ සියල්ලම නැවත වවන වැඩපිළිවෙල කලින්ම ඉදිරිපත් කරනවා නම් හොඳයි.