IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙනවා‘‘

(ශාන්ත චන්ද්‍රසිරි)

අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙන බවත් පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් ලබා නොදෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොත්මලේදී පැවැසීය.

කොත්මලේ නව නගරයේ පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා එසේ කීය.

කොත්මලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක හේරත් මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබූ අතර එහෙදී තව දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

             ‘‘අද රටේ ජනතාවට ලොකු ජීවන බරක් තියෙනවා. අමාරුවෙන් ජීවත් වන්නේ. දරු පවුල බෙහෝම අමාරුවෙන් නඩත්තු කරන්නේ. උද්ධමනය නිසා බඩු මිල වැඩීවීම නිසා ජීවන වියදම වර්ධනයවීම නිසා මේ රටේ පවුල් පරපුරට ජීවත්වීමේ අපහසුවක් තියෙනවා. මම ඒක දන්නවා. මම ඒක අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි මම හිතක් පපුවක් තියෙන දේශපාලඥයෙක් නිසා.

මගේ පාලනයක් තුළ අපේ කණ්ඩායම ජනතාවට හිංසාකාරි, ජනතාවට පීඩාකාරී කිසිම බද්දක් පනවන්නේ නැහැ. මුළු බදු ක්‍රමයම සංශෝධනය කරලා මේ රටේ පොදු ජනතාවට මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු හැම කණ්ඩායමකටම බදු බර පැටවීම වෙනුවට බදු සහන ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා.

මේ රටට අවශ්‍ය සොදුරු නායකයෙක්. හිතක් පපුවක් තියෙන නායකයෙක්. කයිවාරුවට වඩා ක්‍රියාවෙන් ජනතාවට වැඩ කරන නායකයෙක්. මම නුඹලාට කියන්න කැමැතියි ඒ සොදුරු නායකයා ඒ මානව හිතවාදී නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා දෙනවා කියලා.

අනාගත රජය තුළ අපි දක්ෂයන්ට පමණයි තැන දෙන්නේ. පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් දෙන්නේ නැහැ.

මාත් එක්ක වාද විවාද කරන අය වැඩට දක්ෂයෙක් නම්, කඩියා වගේ වැඩ කරනවනම් ඒ මනුස්සයාට මම තැන දෙනවා. මට දේශපාලනයේ කිසිම හීන මානයක් නැහැ. මම එකක් කියනවා. මගේ පවුලට හා පවුලේ ඥාතීන්ට මගේ ආණ්ඩුවේ තැනක් නැහැ‘‘ යැයි ද ඔහු  පැවැසීය.

 



අදහස් (2)

‘‘අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙනවා‘‘

lelwala Monday, 21 October 2019 02:18 AM

පියා එහෙම කලේ නැහැ. බාස්ලාගෙන් තමයි වැඩ ගත්තේ... උගතුන් එලවලා දාලා...

:       0       0

Nipuna Madumal Wednesday, 23 October 2019 08:03 AM

උස නම් ආරක්ෂක මිටි නම් කම්කරු

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 167 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site