IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට සුදුසු නෑ‘ - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

(සිරාජ් හසීම්)

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයේ සිටීමට නුසුදුසු බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ මූලික ගැටළුවලට විසදුම් ගෙන දීමට අපොහොසත් වී ඇති මොහොතක සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයෙන් ඉවත් විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පලකර සිටියේය.

සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉවත් වූයේ නම් මෛත්‍රී රනිල් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවත් ඔහු මේ ධූරයේ සිටින තාක් දෙමළ ජනතාවගේ අර්බුධ වෙනුවෙන් රජයට බලපෑමක් එල්ල කළ  නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වය මත නව දේශපාලන බලවේගයක් ආරම්භ කරන්නේ නම් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ සහායද ඊට හිමිවනු ඇති බවත් මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය මත එය තීරණය වනු ඇති බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.



අදහස් (1)

‘සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට සුදුසු නෑ‘ - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Bamunuarachchi Thursday, 19 April 2018 11:07 PM

උතුරු නැගෙනහිරට අයිතිවාසිකම් කියන්නේ ඔවුන්ට එම පළාත් වෙන්කර දුන්නේ කව්රුන්ද?

:       4       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 147 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1178 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 942 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site