(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ දෙකක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමග හිඳිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින්ට සහ ඒ අයට අධිකරණ ගානේ ගොස් කරදර කළ බවත්, දැන් එකතුවී එක සංධානයක් හැදුවත් පරණ අතීත සිදුවීම් සම්පූර්ණයෙන් අමතක කරන්නේ නැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී.දිසානායක මහතා පැවසීය.
කොත්මලේ නගරයේ අද (18) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද කීය.
“සජිත් ප්‍රේමදාස මහතා දන්නවා... ඉර හඳ වගේ බලයට ඒම කෙසේ වෙතත් හරියට විපක්ෂයවත් හදා ගන්න බෑ කියලා. මැතිවරණ ප්‍රථිපලයත් එක්ක ස්ථීර වශයෙන්ම සජිත්ලා ඉන්නේ ටී.එන්.ඒ. එක හා අනෙක් සුළු ජාතික පක්ෂ වලටත් පිටිපස්සෙන්. විපක්ෂයවත් ඒ අයට ඉතුරු වෙන්නේ නෑ. ඒ අයට ඕන දෙයක් කියන්නත් පුළුවන්. ඕන පොරොන්දුවක් දෙන්නත් පුළුවන්. අඩුම වශයෙන් විපක්ෂයවත් අල්ලගන්න පුළුවන්නම් පොඩි වගකීමක් තියෙනවා කියල හිතෙයි. එහෙමත් බැරි බව ඒ අය දන්නවා. විපක්ෂයේ, පිටුපස මන්ත්‍රීවරයෙන් විදිහට ඉන්න සජිත්ට මොනවද කියන්න බැරි? ඒ නිසා ඒවා පුස් වැකි නිසා අපි කිසිම සැලකිල්ලකටවත් භාජනය කරන්නේ නෑ.
එක්සත් ජාතික පක්ෂයට නව වැඩ පිළිවෙලක් හදන්න ඒ පක්ෂයේ ඉන්න සුළු පිරිසකට ඕනකම තිබ්බත් රනිල් වික්‍රමසිංහ එ.ජා.ප.යේ නායකතුමාට වෙනස් වෙන්න බෑ. ඒක ඇත්තටම එතුමාට තිබෙනව මානසික ප්‍රශ්නයක්. ඒ නිසා එජාපය කවදාවත් අළුත් වැඩපිළිවෙලකට යන්නේ නෑ. අපි පසුගිය මැතිවරණයට ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම වැනි වැඩසටහනක් ගැන මේ අය අධ්‍යයනය කරලත් නෑ. දැන් අකිලලා වගේ අය මේ පරාජය හිසේ තියාගෙනනේ ඉන්නේ. ඒ පක්ෂය දෙකට කැඩිලා විතරක් නොවෙයි පක්ෂයේ 80%ක් සජිත් එක්ක ගිහින්. රනිල් එක්ක ඉතුරු වෙලා ඉන්නේ 20% ක් විතර. අකිල දැන් ඉන්නේ ඒ 20% තියෙන පක්ෂයේ. එන මැතිවරණයේදී සජිත්ලා වගේ අය ආසන 25 ක් විතර ගනිද්දී මේ අයට ආසන 10 කටවත් යන්න අමාරු වෙයි.
මේ පක්ෂය ඉතාමත් අවාසනාවන්ත ඛේදවාචකයට මේ මැතිවරණයෙන් පස්සේ යනවා. ඒ නිසා දැන් ඒ අය ඔහේ දොඩවනවා. ඒ කතා දැක්මක් ඇතිව අධ්‍යනයක් කරලා කියන කතා නොවෙයි.” යැයි එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සජිත්ට විපක්ෂයවත් ඉතුරු වෙන්නේ නැහැ‘
සෙනෙවිරත්න Saturday, 18 July 2020 02:29 PM
පොහොට්ටුවේ මහත්වරුනි, නෝනාවරුනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහත්වරුනි, නෝනාවරුනි, සියල්ලට පෙර මේ පිං මන්ත්‍රී කමක් කළ අයට අවස්ථාවක් දෙන්න නම් එපා...
Rata PerataSunday, 19 July 2020 07:46 AM
ජනතාව අසරණයි. රාජපක්ෂලා මෙයාලව ජාතික ලැයිස්තුවෙන් ගනී. ගියපාර වගේ..
Rata Perata Sunday, 19 July 2020 07:45 AM
මේ වගේ අයට නාම යෝජනා දුන්නා වුණත් එන්න දෙන්න එපා.