IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘මීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි‘

(බිඟුන් මේනක ගමගේ )

මීළඟ ආණ්ඩුවේ බලවත් චරිතය වනු ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් උණුසුම් සාකච්ඡාවක් රටේ හටගෙන තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයට ඇති අනවබෝධය නිසා යැයි ද ඒ මහතා කීවේය.

19 වැනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම නිසා මීළඟ ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන මහතාට තරම්වත් බලයක් නැතැයි ද ඔහු හෝ ඇය බල රහිත දුර්වල නාමික ජනාධිපතිවරයකු වනු ඇතැයි කී හෙතෙම එවැන්නෙකුගෙන් රටේ පරිවර්තනයක් අපේක්ෂා කිරීම මිථ්‍යාවක් යැයි අවධාරණය කර කීය.

එහෙත් මේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැතැයි ද එනිසා දේශපාලන කණ්ඩායම් එක්ව මේ දිනවල නඩත්තු කරන්නේ ව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් යැයි ද ආචාර්ය හරන්කහ මහතා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයන් යැයි කියන පිරිස් කළයුත්තේ තමන්ගේ සුදුසුකම් ගැන ජනතාවට ඒත්තුගැන්වීමට වඩා තමාට වැඩ කිරීමට සිදුවන්නේ කවර අගමැතිවරයකු යටතේදැයි සොයාබැලීම යැයි ද ජනතාව කළයුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයකු පසුපස දුවන්නේ නැතිව ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහිකරගැනීම යැයි ද ආචාර්ය හරන්කහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (6)

‘මීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි‘

chandima Wednesday, 10 July 2019 12:12 PM

ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වරයට පැවරූ බලතල ජනතා කැමැත්ත නොවිමසාම පාර්ලිමේන්තුවට පවරාගෙන. මෙවැනි රාජ්‍ය බලය පැවරීමකට ජනමත ව්‍යවස්ථාවක් අවශ්‍යමයි...

:       11       48

කමල්Thursday, 11 July 2019 03:16 PM

සුළු කරුණු වෙනස් කරගන්න නම් ජනමත විචාරණ ඕනෑ නෑ. නමුත් ඔය කියන වෙනස්කමේ ප්‍රමාණය හොඳටම වැඩියි. ව්‍යවස්ථාවේ විශාල වෙනස්කම් ඡන්දයෙන් පත්කෙරෙන පිරිස ස්වකැමැත්ත මත පමණක් සිදුකිරීම සුදුසු නෑ. ඔහොම ගැටලුවක් ඇති වෙලා නම් නුසුදුසු වුවත් ඒ බව නොසඟවා ජනතාවට කියලා හරි නව ජනාධිපති කෙනෙක්ව පත් කරා කියමුකෝ... එතකොට ජනාධිපතිගෙන් ඉවත්වන බලතල යන්න ඕනෑ අඩුතරමින් ඒ වෙනස්කම ගැන දැනගෙන සිට ජනතාව විසින් පත් කෙරෙන පාර්ලිමේන්තුවකට නේද? ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් එනකම් තියෙන හිදැස් කාලයේදී මොකද වෙන්නේ? ව්‍යාකූලත්වයකට තුඩුදෙන ඔය ආකාරයේ වරදක් වෙලා නම් දැනට ඉන්න පිරිසම අඩු තරමින් ඉදිරි ජනාධිපතිවරණයට කලින් ඒ දෝෂය නිවැරදි කරගන්නවා නම් තමයි හොඳ... මගේ නීති දැනුම සීමිතයි. සාමාන්‍ය දැනුමෙනුයි ලිව්වේ...

:       0       23

කමල්Thursday, 11 July 2019 05:30 PM

මම ලියපු දේ වරදක් තියෙනවා. දැනට ඇති පාර්ලිමේන්තුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත්කරගත් පාර්ලිමේන්තුවක්. ඒ නිසා මම ඒ ගැන ලියපු දේ සත්‍ය වශයෙන් ගැටළුවක් වන්නේ නෑ. තවත් දෙයක් පසුව මතක් වුනා. කලින් ජනාධිපතිවරණයේදී ව්‍යවස්ථාවේ ඔය ආකාරයේ වෙනසක් කරන බවට මෛත්‍රීපාල ජනාධිපතිතුමා එකල අපේක්ෂකයෙකු ලෙස ජනතාවට කීවා නේද? ජනාධිපතිවරණයයි ව්‍යවස්ථාව වෙනස් කිරීමයි දෙකක් තමයි, නමුත් ඒ අපේක්ෂකයෙකු ලෙස කී දේට කොච්චර බරක් දෙන්න පුළුවන්ද? මේ දවස්වල ජනාධිපති අපේක්ෂකයෙකු කියලා කියන නාගානන්ද කොඩිතුවක්කුත් ජනාධිපති වීමත් එක්ක කරන සම්පූර්ණ ව්‍යවස්ථා වෙනස් කිරීමක් ගැන කියනවා. ජනාධිපති අපේක්ෂකයෙකු ජනතාවට දෙන පොරොන්දුවක් මත පමණක් ව්‍යවස්ථාවේ මහා පරිමාණ වෙනස්කමක් කරන්ඩ පුළුවන් නම් ඒ හැකියාව පහසුවෙන්ම විනාශකාරී ලෙස භාවිතා කරන්න පුළුවන් බව පේනවා. අධිකරණ පද්ධතියෙනුත් මත විමසලා නේද ඔය කියන 19 වන ව්‍යවස්ථා වෙනස කළේ? එහෙමත් එකේ ඔහොම ලොකු වෙනසක් ජනමත විචාරණයකින් තොරව කෙරී ඇත් නම් කොහොමද එහෙම උනේ? නැත්නම් මේ කතිකාචාර්ය තුමා කියන්නේ නිවැරදි නොවන දෙයක්ද?

:       0       20

chandanaFriday, 26 July 2019 06:03 AM

ඕක මොකක්ද අනේ... අපිට ඡන්දයේ අයිතිවාසිකම ආරක්ෂා කරල දෙන්න කැප විය යුතු කොමිසමක සාමාජිකයෙක් ඒක වලක්වන්න කටයුතු කලා මතකද..? ප්‍රජාතන්ත්‍රවාදය හරියට අර අයාලේ ගිය යහපාලනය කියන වචනය වගෙයි. අපිට අවශ්‍ය වන්නේ ජාතිවාදය නැති, ත්‍රස්තවාදය නැති, මෙච්චර පුංචි රට තව තවත් කැබලි වලට කඩන්නේ නැති, දරුවන්ට නිදහසේ රට තුල අධ්‍යාපනය ලබන්න (සල්ලි බලයට නොව දක්ෂතාවය මත) හා ජීවත්වෙන්න පුළුවන් රටක්. එහෙම ජීවත්වෙන්න පුළුවන්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවුනට කමක් නැහැ. ගඩාෆිගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවුනු ලිබියාවේ ජීවත්වෙන්න තිබුණු කිසිම පහසුකමක් අද නැහැ නේද. ඒ නිසා කිසිම ව්‍යවස්ථා බාධාවකින් තොරව වරදට දඩුවම් දි හැකි පාලන ක්‍රමයක් අවශ්‍යයි. වැරදි කාරයො ඒකට බය වුනාට සාමාන්‍ය ජනතාවට බය වෙන්න දෙයක් නැහැ.

:       0       2

chandima Wednesday, 10 July 2019 01:46 PM

ජනතාව විධායක බලතල දුන්නේ ජනාධිපතිවරයාට. නමුත් ජනාධිපති ඉවත්වෙන්නේ ඒ බලතල අගමැතිට පවරලා. නැතිනම් පැවරෙන විදියට වැඩ කටයුතු සලස්වලා. මේ සඳහා ජනතා කැමැත්ත අවශ්‍යයි. ඒ ගොල්ලන්ට හිතුමතේට රටේ ජනතාවගේ නායකත්වය හසුරුවන්නට බැහැ.

:       2       70

නයෝමල් Saturday, 27 July 2019 12:32 PM

මොලේ විකෘති වෙලාද? මෙයා හිතන් ඇති ව්‍යවස්ථාව කියන්නේ ටියුෂන් පොතක් කියලා...

:       4       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 135 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1175 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site