IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගෝඨා ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවෙනවා’

(ජයන්ත සමරකෝන්)
 
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ රටේ මිලිටරි පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවනු ඇතැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (9) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මිස වෙන කවුරුවත් නොවේ යැයි ද මෙම 12 වැනිදා බදුල්ලෙන් එහි පළමු වෙඩි මුරය තබන බවද අමාත්‍යවරයා කීය.
 
මිලිටරි පාලනයක් ඇතිවන ආකාරයෙන් පොහොට්ටු අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසට පක්ෂයේ 99% කගේම එකඟතාවය ලැබී ඇතැයි ද ඔහු කීවේය.



අදහස් (17)

‘ගෝඨා ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවෙනවා’

Chathuri Friday, 09 August 2019 09:18 PM

මොනවගේ පාලනයක්.... කෙරුවත් කමක් නැහැ. මලගිය අයට මිලියන ගණන් වියදම් නොකර. සොහොන් හදන්නේ නැතිව. ජනතාවගේ මුදලින් මෙදා පාර අවොත් ඔක්සිජන් දීලා, නැගිටවන්න ප්‍රකෝටි ගණන් වියදම් කරයි මේවගේ. මෝඩයින්ගෙන් රට බේරාගන්න ඕනෑ.

:       142       156

Nipun Jayesundara Saturday, 10 August 2019 12:36 AM

අධෝමාර්ගයෙන්ද කතාකරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය මැතිවරණයයි. පළාත් සභා මැතිවරණ කල්දා දැන් කොපමණ කල්ද?

:       14       306

Gamarala Saturday, 10 August 2019 01:45 AM

ඔබ ඇත්තටම කියන්න දැන් රටක් තියනවද කියලා...? ප්‍රජාතන්ත්‍රවාදය කියකියා රට විකුණලා කෑවම අන්තිමට වෙන්නේ ජනතාවට මුහුදට පනින්න නේද? ඔබේ පක්ෂය රැකගැනීමට හිතනවා නම් මේ තමා ඔබලාගේ වෙලාව. කට්ටියම එකතුවෙලා එළියට එන්න. එවිට ප්‍රජාතන්ත්‍රවාදී එජාපයක් ඔබට ඇතිකර ගත හැකියි.

:       4       174

සෑම් Saturday, 10 August 2019 01:54 AM

දෙමළ භාෂාවෙන් පී කියලා කියන්නේ අශූචි වලට..!

:       0       105

Ramani Saturday, 10 August 2019 10:45 AM

ඔයගොල්ලන් 2010දී සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දෙන්න කියනකොට ඔය මිලිටරි කතාව කිව්වේ නැහැනේ... එතුමාට ඡන්දෙ ඉල්ලන්න හොඳ නම් ගෝඨා ඡන්දෙ ඉල්ලුවටත් කමක් නැහැ නේද?

:       7       345

Chanak los angelesSunday, 11 August 2019 05:34 AM

මැතිවරණ නීතිරීති අනුව දූෂණ, වංචා නඩු පැවරී තිබේ නම් ඡන්ද අපේක්ෂකයෙකු වීමට බැහැ නේද..?

:       63       32

Bamunuarachchi Saturday, 10 August 2019 12:04 PM

හලෝ රටේ මළගම තිබුනේ 1983 සිට 2005 කාලයේ. 1989 මලගමේදී 60000 සිංහල කොල්ලෝ ටයර් වල ගියා. තුම්සේ හිතනවාද අපි ඊයේ ඉපදුණා කියලා... දැන්නම් රටට මිලිටරි ක්‍රමයේ සැර ආණ්ඩුවක් ඕනේ. නැතුව මේක හදන්න බැහැ. විශේෂයෙන් තුම්සේලාව කූඩු කරලා තියන්න ඕනේ.

:       17       184

victor Sunday, 11 August 2019 01:48 AM

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ දේවල් සිදුවෙනවා කියන්නේ ගෝඨාභය අනිවාර්යයෙන් දිනනවා කියන එක නේද? ඒ කියන්නේ මේ ගොල්ලෝ දැනටමත් ඒක අවබෝධ කරගෙන ඉවරයි.

:       52       88

chandana Sunday, 11 August 2019 05:52 AM

අප වැනි සාමාන්‍ය ජනතාවට සෙතක් නැති අපේ දරුවන්ට රටක් නැති රටට හෙටක් නැති, ත්‍රස්තවාදීන්ට ජාතිවාදීන්ට බැංකු හොරුන්ට වඳ දොස්තරලාට සෙත සලසන ප්‍රජාතන්ත්‍රවාදය අපට අවශ්‍ය නැත. ත්‍රස්තවාදය අතුගා දමන රට නගරය පිරිසිදුවට තබා ගත හැකි මිලිටරි පාලනය අපටත්, රටටත් යහපතකි. අනෙක් කාරණය නම් කොටි පරාද කරපු කොළඹ නගරය ආස හිතෙන ලස්සන තැනක් බවට පත්කරපු ඒ 2015ට පෙර පාලනයෙන් (ඔබ කියන ලෙස මිලිටරි පාලනයෙන්) කාටත් වරදක් නොකර පාඩුවේ ජීවත් වූ අපට නම් කිසිදා කරදරයක් සිදු වූයේ නම් නැත. කවුරුන් කෙලෙස කට කතා පැතුරුවුවත් එලෙස පාඩුවේ ජීවත් වූ මා දන්නා කිසිවකුටත් කරදරයක් සිදු වී නැත. අඩුම ගානේ කිසිම අහිංසකයකුට කරදරයක් හිරිහැරයක් සිදුවූ බවට වත් අසා නැත. ඉතින් ගෝඨාභය විරුවා නම් මෙකල රටට අවශ්‍යම නායකයෙකි. වසර 30 ක ත්‍රස්තවාදය අවසන් කරමින්ද කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කරමින්ද ඔහු මිලිටරි මෙන්ම සිවිල් පාලනයටත් දක්ෂ බව අපට පෙන්වා දී තිබේ. දැන් නැවතත් රට 2009ට පෙර කාලයට ආපසු යමින් තිබේ. නැවතත් දිගුකාලීන ත්‍රස්ත අවධානමකට අප හසුවෙමින් පවතින බව මෑත සිදුවීම්වලින් පෙනේ...

:       11       50

ChathuriSunday, 11 August 2019 02:54 PM

අපිට පුද්ගලයින්ගෙන් වැඩක් නැහැ. කවුරුත් වැඩ කරන්නේ වැටුපට... එහෙම නම් මොවුන්ට විතරක් එක නීතියක්. අපිට වෙන නීතියක් තියෙන දහජරා අපරාධ, හොරවැඩ සේරම කරලා. නඩුවලට පෙත්සම් ගහමින්.. කොහේ ඉන්න ලොක්කෙක්ද? තමන් නිර්දෝෂී වෙලා ඉන්නේ ජනතාව ගොන්නු කියලා හිතලද? දැන් එන්නේ. නැතිකරන්නද? නැහැ, මිලියන ගණනින් අරගෙන ගිවිසුම් ගහනවා. අවුරුදු පහකින් ක්‍රියාත්මක වෙන විදියට... ඒ ගිවිසුමට වැඩ කරන්න එනකොට මෙයා පැරදිලා ගෙදර ගිහින්... වග කියන්නේ අලුත් නායකයා මේවගේ... කඩේ යන ඡන්දය දමන අයට, පොල් පිත්තෙන් ගහන්න ඕනෑ.

:       32       48

Gamarala Monday, 12 August 2019 06:43 AM

අනේ පොඩ්ඩක්වත් බයවෙන්න එපා. ගෝඨා එහෙම කෙනෙක් නොවෙයි. වැරදි කරලා හෝ වැරදි කරන අයනම් ඉතින් උත්තර දෙන්න සුදානම් වෙලා ඉන්න එක හොඳයි.

:       2       8

Projathahthre Tuesday, 13 August 2019 02:10 PM

1948 සිට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ රටට සිද්ද වුණු එක හොඳක් කියපන්කෝ...

:       1       5

thilak Saturday, 17 August 2019 04:29 PM

ප්‍රජාතන්ත්‍රවාදය දීලා උඹලා මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ.. ආහාර, රැකියා, ආරක්ෂාව දුන්නද?

:       3       10

Lal Friday, 23 August 2019 03:23 PM

අපට ප්‍රජාතන්ත්‍රවාද එපා. අපි දැක්කා නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදේ සංවර්ධනය... අපට ඕනෑ ඒකාධිපතියෙක් සහා සුදුවෑන්... රට සංවර්ධනය කරන්න පුළුවන් එකම මිනිහා ගෝඨා පමණයි.

:       10       27

HARAMANIS Wednesday, 04 September 2019 03:02 PM

ඕක තියන තැන කියන්නකෝ.. ලෝකේ මිනිස්සු රවටන්න කියන කතා. ලෝකේ තියන ජර‍ාම පාලනය ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු රවටනවා. ඔහෙට කියන්න පුලුවන්ද ලංකාවේ තියෙන්නේ කොහෙද කියලා..?

:       0       0

haramanis Wednesday, 04 September 2019 04:09 PM

කොහෙද ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ... අඩු ගානේ ඔහේලගේ පක්ෂේ වහ තියනවද?

:       0       0

haramanis Tuesday, 17 September 2019 03:14 PM

පෙරකදෝරුවෙක් වුණාට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නේ නැහැ. මොන රටේද ඔය කියන පාලනේ තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 184 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1183 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site