IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’


 
(දයාරත්න ඇඹෝගම)
 
අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී පැවසීය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වනු ලබන ‘පොදු ජන රළ’ සම්මන්ත්‍රණ මාලාවේ සාරම්භක උත්සවයේ දීය.


මෙම සම්මන්ත්‍රණය  අනුරාධපුර යොවුන් නිකේතනයේ  දී පැවැත්විණි.මෙහිදී තව දුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.


පොහොට්ටුව ලංකාවේ පළාත් පාලන කොට්ඨාස 4296 න් 3545 ජය ගැනීමට හැකිවුණා. අනුරාධපුර නැගෙනහිර කොට්ඨාශ 34 න් 33 ක් ජයගත්ත බවත් ආඩම්බරයෙන් කියනවා. එකක් පොඩි ප්‍රමාණයකින් පරාජයට පත්වුණා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට රට බාර ගන්න විට අවුරුදු 20 යුද්ධයකින් රට විනාශ වෙලා තිබුණේ. සුනාමියෙන් රට විනාශ වෙලා තිබුණේ.ඒ වාගේම නොයෙක් නොයෙක් ආකාරයට විනාශ කරපු රටක් තමයි එතුමා බාර ගත්තේ.


එදා සුනාමියෙන් සහ යුද්ධයෙන් රට විනාශ වුනාට වඩා මේ අවුරැදු තුන හමාර තුලදි රට සම්පුර්ණයෙන්ම විනාශ වුනා.අපි සහතික වෙනවා මහින්ද රාජපක්ෂ මහතා එදා යුද්ධය නිම කරලා සාමය ගේනාවා වාගේම සුනාමියෙන් විනාශ වුන රට යුද්ධයෙන් විනාශ වුණ රට ප්‍රතිපත්ති වලින් විනාශ කරපු රට වඩා වේගයෙන් නැවත පොහොට්ටුවේ රජයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යළිත් ගොඩ නගනවා කියලා පොරොන්දු වෙනවා.


උතුරැ මැද පළාතේ ජනතාව ගැන ලොකු කැක්කුමක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා.එදා කොටි ත්‍රස්තවාදින් විසින් කැබිතිගොල්ලැව ජනතාව ඝාතනය කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරින් එපා කියද්දී කැබිතිගොල්ලෑවට පැමිණ ජනතාවගේ දුක සැප විමසා බැලුවා. එතුමා මොන වැඩක් ආරම්භ කළත් ඒ දේ කලේ අනුරාධපුරය මුල් කරගෙන. අපි එකයි මේ සම්මන්ත්‍රණ මාලාවත් අනුරාධපුරයෙන් පටන් ගත්තේ.


මෙම අවස්ථාවට උතුරුමැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, උතුරුමැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු නගර සභා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු,මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’

chathuri Monday, 16 July 2018 10:28 AM

ජනතාව තීන්දුව දුන්න නිසා තමයි රාජපක්ෂලා ගෙදර ගියේ... බොරුවට නඩු දමල උසාවි අරගෙන යන්නේ අසරණයින්ව... නැතිව මෙයාලා නෙමේ. පේන බලපු සුමනදාස කියනවා. බැසිල්ගේ මල්වානේ ඉඩම බලලා නැකැත් හදුවා කියලා උසාවියේදී මෙයා... මේ ගැන. කිසිම දෙයක් දන්නේ නැතිලු.. සිල්රෙදි බෙදපුහැටි... ජනතා මුදලින්. අපායට කැලැන්ඩර් ගහපු හැටි... මේ කිසිවක් දන්නේ නැතිලු.. නැවත බලයට එන්න දඟලන්නේ මේ සේරම කටු ගන්න වෙන්න ඇති.. බිරිඳගේ නමින්... රජයේ මුදල් තැන්පත් කරපුවා. දැන් කියනවා බිරිඳ මගේ නෙමෙයි කියලා... වැරදි වැඩ කරපු නිසානේ. දෙන්න ප්‍රතිඵල නිකුත් වෙනකොට හොරෙන් රට අතඇරලා ගියේ...

:       1       74

K Perera Monday, 16 July 2018 12:45 PM

සිහිබුද්ධි තිබෙන ජනතාවට නම් තවම අමතක වෙන්නේ නැහැ, දැන් ඔය කතා අවශ්‍ය නැහැ .

:       0       12

Sathyapala Monday, 16 July 2018 01:23 PM

නඩු නෙවෙයි සදහටම හිරගෙදර ඉන්න ඕනේ කෙනෙක්... ආර්ථික සංවර්ධන ඇමතිකමෙන් තමුන් ගහපු ගැහිලි, කරපු මහ පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ ගැන මුළු ලෝකෙම දන්නවා. කතාව නම් සුදනා වගේ... දුප්පත් මහජනතාව ගසාකාපු දූෂිත පවුල් පාලනේ...

:       8       70

rohana Monday, 16 July 2018 01:32 PM

අනේ පවු මෙයාලට මොකුත් කියන්න එපා.

:       2       22

Lal Monday, 16 July 2018 02:36 PM

මෙයලා කථාකරන්නේ සාන්තුවරු වගේ. ඒ කාලේ පවුලම රටකාගෙන ගිය විදියට ජනතාව ජනවාරි 8 වෙනිදා මෙයාලව එලවන්නේ නැතුව හිටියා නම් මේ වෙනකොට අපේ රට සම්පූර්ණයෙන්ම විනාසයි. පළාත් පාලන කොට්ටාශ 4296න් 3545ක් ජයගත්තේ ජනතාව පවතින රජයට පාඩමක් උගන්නන්න මිසක් මෙයාලා ගැන පැහැදීමකින් නොවන බව තේරුම් ගතයුතුයි.

:       0       36

Saththaya Tuesday, 17 July 2018 02:16 AM

මෙහෙමත් අපුරු දේශපාලකයෝ ලෝකේ කොහෙන්වත් ආයේ හොයා ගන්න නම් බැහැ.

:       0       348

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 167 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site