IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව දේශපාලකයන් මධ්‍යම කඳුකරය විනාශයට ගෙන යනවා’

(මොහොමඩ්  ආසික්)

සිංහල රජවරුන් පවා අත නොතබා ආරක්ෂා කර ගත් මධ්‍යම කදුකරය අධිරාජ්‍යවදීන්ගෙන් පසුව පත්වු සෑම දේශපාලඥයකුම විනාශය කරා ගෙන ගිය බව  ජීවයේ අයිතිය සුරැකීමේ සංවිධානය් කැදවුම්කරු ඌව පළාතේ සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මහනුවර තැපැල් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පැවැති  ‘මධ්‍යම කදුකරයේ විනාශය  අනාගත ශ්‍රී ලංකාවේ මරණයි’ යන තේමාව යටතේ වූ   සම්මන්ත්‍රණයක් අමතා මන්ත්‍රිවරයා එසේ කීය.

අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව බලයට පත්වූ සෑම රජයක් අතින්ම  මධ්‍යම කදුකරය විනාශ  කිරීම දිගින් දිගටම සිදු වෙමින් තිබෙනවා. සිංහල රජවරුන් රට පුරා මහ වැව් හැදුවත් මධ්‍යම කදුකරයේ කිසිදු වැවක් හැදුවේ නෑ. ඒකට හේතුව මධ්‍යම කදුකරය වැසි ජලය  අති විශාල ප්‍රමාණයක් රදවා ගෙන වසර පුරා  ජලය මුදා හරින නිසයි. නමුත් ඉංග්‍රිසින් මේ රට යටත් කර ගැනීමෙන් පසුව  මධ්‍යම කදුකරය සුද්ද කර නිදහසින් පසුව විදුලි බලාගාර ඉදිකරමින් විනාශ කර දමා තිබෙනවා.

වසර දහස ගණනක් ඒකාකාරව ගලා ගිය උමා ඔයට එසේ ගමන් කිරිමට ඉඩ නොදී හම්බන්තොට දක්වා හැරවීමට 2008 ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස 7032 ක් සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇති අතර    ළිං  පොකුණු ඇතුළු ජල මූලාශ්‍ර 3112 ක් සම්පූර්ණයෙන් විනාශ වී ගිය  බවත්  විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

අපේ රටේ   රජයන් පසුගිය කාලයේ  පටන්ම උමං හෑරීමට මහත් රුචියක් දක්වන බවත් මහනුවරත් උමං මාර්ගයක් ඉදි කිරීම ආරම්භ වන  බවත්  සමන්ත විද්‍යාරත්න මහතා කීය.  ලෝක උරුම ස්ථාන වශයෙන් නම් කර ඇති  ගාලු කොටුව සහ දඹුල්ල  ලෝක උරුම ලැයස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇති බවද සමන්ත විද්‍යාරත්න මහතා කීය.

 

 

 



අදහස් (5)

‘අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව දේශපාලකයන් මධ්‍යම කඳුකරය විනාශයට ගෙන යනවා’

sachith Friday, 18 August 2017 08:11 AM

ඔබතුමාලගේ දේශපාලනය අපේ රටට ගැලපෙන්නේ නෑ, අපේ බහුතරයක් මිනිස්සු තම ඉන්නේ රජ කාලෙටත් වඩා වහල් මානසිකත්වයක. ඔවුනට මධ්‍යම කදුකරය නෙවෙයි, තමන්ගේ කන බත් පතට මේ පාලකයන් වස දල දුන්නත් ජය වේවා කියල කනවා.

:       0       60

herath mudiyansalaga millawala Saturday, 19 August 2017 05:10 AM

අපරාදේ ලස්සන පරිසරය විනාස කරනව මිනිසාගෙ උතුමිම වස්තුව ජලය අපේ අනාගතය මෝනව වෙයිද...............??????????????????????????

:       1       0

aravinda Saturday, 19 August 2017 12:39 PM

අද කඳුකරයේ ඇති බොහොමයක් ජලාශ ඇත්තේ ජල විදුලිය නිපදවීමට සහ ගොවිතැනට අවශ්‍ය වාරිමාර්ග සඳහායි. ඔය කියන සිංහල රජ කාලේ, ලංකාවේ විදුලිය කියා දෙයක් නොතිබුණු අතර, මිනිසුන් රාත්‍රී කාලයේ ආලෝකය ලබා ගත්තේ පන්දම් වලින් සහ කැකුණ මද වලිනි. රටේ ආර්ථිකය දියුණු වීමට නම් විදුලි බල ශක්තිය අත්‍යවශ්‍ය අතර, එය නොමැතිව කර්මාන්තශාලා, පරිගණක, දුරකථන, විදුලි බල්බ වැනි නවීන ලෝකයට අවශ්‍ය දේ භාවිතා කල නොහැකියි. රටක් දියුණු වෙනවිට, නවීකරණය සඳහා යම් ප්‍රමාණයක වනාන්තර එලි කිරීමක් සිදුවෙන බව සත්‍යයක්. යමෙක් එයට අකමැතිනම්, ඔවුන්ට නැවතත් පන්දම් සහ කැකුණ මද යුගයට යා හැකියි.

:       1       161

Bandara Sunday, 20 August 2017 12:17 AM

මෙතුමා නිදහස් අද්දියාපනය ලබාගත්තෙත්, ඉන් පසුව ගුරු විර්තියට පැමිණියේත්, පසුව දෙස්පාලයකු වී වාහන පඩි නදී ගන්නෙත් ඔය කදුකරය ඇසුරුකරගත් සංවර්ධනය නිසයි. නැතිනම් අද පාරේ කලුගල් කඩනවා.

:       0       64

sathyayaa Sunday, 27 August 2017 10:20 PM

ඇත්ත කිව්වේ විරුද්ධ වාදියෙක් නම් එය ඇත්තක් නොව බොරුවකි. බොරුව කිව්වේ බලයේ සිටින තක්කඩියෙක් නම් එය පුර්ණ සත්‍යයකි. ඔන්න ඕකයි ඇත්ත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 185 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1184 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site