IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා

(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)

‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.

‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.

රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.

නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.

නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.

දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.

නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.

නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.

නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.

වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.

සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.

මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.

2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.

2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.

අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.

එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.

ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.

2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.

අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.

අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.

බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.

2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.

එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.

මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.

කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.

එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.

කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.

හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.

එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.

සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.

නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?

ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.

ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.

අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.

ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.

ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.

ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.

කෝටි ලක්‍ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.

අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන  යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.

ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය  අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.

ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.

තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්‍ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර  සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.

ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.

ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.

ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.

ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නිවාස  හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:

‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.

2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.

අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.

සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.

අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.

ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.

රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.

2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද  ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.

අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.

ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.

යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ  තාවකාලිකබාරය  නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.

අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?

කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු  විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:

‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.

නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’

 

පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:

‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.

එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.

කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (1)

ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා

bamunuarachchi Wednesday, 01 November 2017 05:36 AM

හොඳම පියවර තමයි 2020 ඡන්දය හෙට අනිද්දාම තියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 75 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 905 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site