IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විශිෂ්ට ශ්‍රී ලාංකිකයෝ 89 ක් ජනපති අතින් සම්මාන ලබති

(ආරියරත්න රණබාහු)


මාතෘභුමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලැබූ ‘‘ජාතික සම්මාන උළෙල 2017’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පෙරේදා (20) සන්ධ්‍යා යාමයේ පැවැත්විණි. වසර 12කට පසු පැවැති මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික පුරවැසියෝ 89 දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ. විවිධ වර්ණ ආලෝකයෙන් වර්ණිත වූ නෙළුම්පොකුණ රඟහලේ ප‍්‍රධාන වේදිකා මණ්ඩපය මැද ජනාධිපතිවරයා දෙපස සම්මානලාභීහු අසුන් ගෙන සිටියහ.

වයෝවෘද්ධ සහ ආබාධිත තත්ත්වයට පත්ව සිටි ඇතැම් සම්මානලාභීන්ට සිය සම්මානය ජනාධිපතිවරයා වෙතින් ලබා ගැනීමට පැමිණීමේ දී සංවිධාකයින්ගේ සහාය ද ලැබුණු අතර ඇතැමෙක් රෝද පුටු ආධාරයෙන් සම්මාන ලබාගැනීමට පැමිණියහ. ශ්‍රී ලංකා පොලිස් සේවයේ නර්තන ශිල්පීන් ඉදිරිපත් කළ පූජා නැටුමකින් උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා අතින් සම්මාන ප‍්‍රදානය ඇරඹිණි. ඒ අනුව ප‍්‍රථම සම්මානය පිරිනැමුණේ අභාවප‍්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් වෙනුවෙනි.

ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් පිරිනැමුණු අතර එම ගාන්ධර්වයා වෙනුවෙන් සම්මානය ලබාගත්තේ අමරදේවයන්ගේ බිරිඳ වූ විමලා අමරදේව මහත්මියයි. ඇය එම මොහොතේ බෙහෙවින් සංවේදී වූ අයුරුද දක්නට ලැබිණි.
විමලා අමරදේව මහත්මිය වෙත ජනාධිපතිවරයා එම සම්මානය පිරිනැමුණු අවස්ථාවේ සියලූ දෙනා සිය අසුන්වලින් නැගිට ඊට ගෞරව දැක් වූ අතර සභාවෙන් නැගුණු ප‍්‍රසාදජනක අත්පොළසන් නාදයෙන් රඟහල නින්නාද විය.

එම සම්මාන ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ නෙළුම් මලක ලාංඡුනයක් සහිත රන් පදක්කමක් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් විමලා අමරදේව මහත්මියට පිරිනැමිණි.අනතුරුව දේශමාන්‍ය සම්මාන 10ක් පිරිනැමුණු අතර එම සම්මාන ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ නිල් මානෙල් මලක ලාංඡනයක් සහිත රිදී පදක්කමක් පිරිනැමුණි.

ජාතිය උදෙසා කරන ලද අති විශිෂ්ට වූත් ප‍්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිරිනැමුණු මෙම සම්මානයෙන් පුද ලැබුවේ අබ්බාස් අලි අක්බාර් අලි, මහාචාර්ය කොල්වින් ගුණරත්න, ආචාර්ය දේවනේසන් තේසයියා, නන්දදාස රාජපක්‍ෂ, මහාචාර්ය කේ.එම්. ද සිල්වා, ලතා වල්පොල, මිනේක ප‍්‍රසන්න වික‍්‍රමසිංහ, මහාචාර්ය ප‍්‍රියානි සොයිසා, අමරදාස ගුණවර්ධන, තිස්ස දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන්ය.

අනතුරුව දේශබන්දු සම්මාන 9ක් පිරිනැමුණු අතර ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ මොණරා ලාංඡුනය සහිත රිදී පදක්කමක් සම්මානලාභින්ට පිරිනැමිණි. එම සම්මානයට හිමිකම් කියූවන් අතර දේවනායගම් ඊශ්වරන්, වෛද්‍ය ලක්‍ෂ්මන් වීරසේන, ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර, කපිතාන් එම්.ජී. කුලරත්න, සුසන්තිකා ජයසිංහ, රංජන් මඩුගල්ල, ශාන් වික‍්‍රමසිංහ, ආචාර්ය පබිලිස් සිල්වා සහ ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය යන මහත්ම මහත්මීහු වෙති.
මෙහිදී ශාන් වික‍්‍රමසිංහ මහතා සම්මානය ලබාගැනීමට පැමිණ නොසිටි අතර එම සම්මානය ජනාධිපතිවරයා අතින් ලබාගත්තේ චන්න වික‍්‍රමසිංහ මහතාය.
විද්‍යාජෝති සම්මාන 11ක් අනතුරුව ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු අතර ප‍්‍රදානය ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ සූර්ය ලාංඡුනය සහිත රිදී පදක්කමක් සම්මානලාභීන්ට පිරිනැමිණි.

මුල්වරට ස්වාධීනව කරන ලද පර්යේෂණ මගින් ලබන ලද විශිෂ්ට විද්‍යාත්මක හා තාක්‍ෂණික ජයග‍්‍රහණයන් සඳහා පිරිනැමුණු මෙම සම්මානය හිමි කරගත් අය අතර මහාචාර්ය නිමල් සේනානායක, ආචාර්ය බන්දුල විජේරත්න, වෛද්‍ය කොල්වින් සමරසිංහ, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, මහාචාර්ය ටී.කේ. විමල් පද්මසේන, මහාචාර්ය එරල් රැුඞ්ක්ලිෆ් ජෑන්ස්, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, මහාචාර්ය එම්.ඩබ්.ජේ.පී. මෙන්ඩිස්, මහාචාර්ය එම්.එම්.ආර්. වාස් ජයසේකර, මහාචාර්ය සරත් කොටගම, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ද වූහ.

කලාව සංස්කෘතිය නාට්‍ය ආදිය සම්බන්ධයෙන් වූ ජයග‍්‍රහණ සඳහා කලා කීර්ති සම්මාන 22ක් මෙහිදී පිරිනැමිණි. ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයත් සහ පුන්කලස් ලාංඡුනය සහිත රිදී පදක්කමක් සම්මානලාභීන්ට පිරිනැමිණි. එම සම්මානයෙන් පුද ලැබූ පිරිස අතර අරුන් ඩයස් බණ්ඩාරනායක, එඞ්මන්ඞ් රණසිංහ, පී. කර්තිනි ඩුහමන් මොහමඞ්, තලංගම ජයසිංහ, අජිත් හේමචන්ද්‍ර, දාස හපුවලානගේ, ගර්මන් රොනල්ඞ් ලක්‍ෂ්මන් ද අල්විස්, අයිවෝ ඩෙනිස්, දයා නෙල්ලම්පිටිය, ලාල් හෑගොඩ, සරවනෙයි විනායාගමුර්ති, සින්නාරම්පිල්ලයි තිල්ලනවරාජා, සුමින්ද සිරිසේන, සුරේෂ් මාලියද්ද, සුනන්ද මහේන්ද්‍ර, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, කැමිලස් පෙරේරා, ලලිතා සරත්චන්ද්‍ර, ලයනල් බෙන්තරගේ, මධුභාෂිණි දිසානායක, රත්නායක නාමෙල් වීරමුණි සහ සුමනා ජයතිලක යන මහත්ම මහත්මීහු වෙති.

මෙහිදී ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය වෙනුවෙන් සනත් විමලසිරි මහතාට අදාළ සම්මානය ජනාධිපතිවරයා විසින් පිරිනැමිණි.අනතුරුව ශ්‍රී ලංකා ශිඛාමණි සම්මාන 7ක් පිරිනැමිණි. ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ ශ්‍රී පාදස්ථානයේ ලාංඡුනය සහිත තඹ පදක්කමක් මෙහිදී සම්මානලාභීන්ට පිරිනැමිණි. එම සම්මානය ලැබූවන් අතර අචි මොහොමඞ් ඉෂාක්, ගුණසෝම නවරත්න, පියදාස අභයවර්ධන, ක‍්‍රිෂ්ණ මුර්තිරත්නම්, රවීන්ද්‍රන් ලීලානන්ද පේ‍්‍රමතිලක, ලූෂන් බෙනඩික් රෝසා සහ සිවසුබ‍්‍රමනියම් පත්මනාදන් යන මහත්වරු වෙති.

ඉන් අනතුරුව විද්‍යා නිධි සම්මාන 10ක් පිරිනැමුණු අතර ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ පහනක ලාංඡුනය සහිත තඹ පදක්කමක් ඉන් නිරූපනය විය. සම්මාන ලැබූ දස දෙනා අතර ඒ.එම්. මසුන් කාසිම්, තිලක් අබේසේකර, එච්.ආර්.එම්. ගුණසේන, ලොයිඞ් පෙරේරා, එම්.එස්. මූකයියා, එස්. සෝමසිරි ගුණවර්ධන, එස්. සිවානන්තන්, එස්. සන්දරසේගරම්, එන්. චන්ද්‍රසිරි ගුණසේකර සහ ඩබ්ලිව්.එම්.ටී. වන්නිනායක යන මහත්වරු වූහ.


මෙහිදී කලා සූරි සම්මාන 13ක් ද පිරිනැමිණි. ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ සංඛ ලාංඡුනය සහිත තඹ පදක්කමක් සහිත වූ එම සම්මානය හිමි කරගත් පිරිස අතර මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, කැත්ලින් ජයවර්ධන, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, බර්ටි ගුණතිලක, නවරත්න ගමගේ, නීටා ප‍්‍රනාන්දු, සරත් අබේගුණවර්ධන, පේ‍්‍රමසර ඈපාසිංහ, සරත් හැන්නදිගේ, ශ‍්‍රියාණි අමරසේන, සුමිත‍්‍රා රාහුබද්ද, තිස්ස නාගොඩවිතාන, ඩබ්ලිව්. ජයසිරි යන මහත්ම මහත්මීහු වූහ.

ශ්‍රී ලංකාතිලක සම්මාන දෙකක් ද මෙහිදී පිරිනැමුණු අතර ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් සහ තාරකාවක ලාංඡුනය සහිත ලෝකඩ පදක්කමක් සම්මානලාභීන් දෙදෙනා වූ පණ්ඩුල ඇඳගම සහ හේමබණ්ඩාර ජයසිංහ යන මහත්වරුන්ට පිරිනැමිණි.අනතුරුව පිරි නැමුණු වීර ප‍්‍රතාප සම්මාන දෙක රංජිත් අමරජීව සහ ශානක ප‍්‍රසාද් කුමාර යන මහත්වරුන්ට පිරිනැමිණි. ඔවුන්ට පිරිනැමුණු සම්මානයේ මුරගලක ලාංඡුනයක් සහිත ලෝකඩ පදක්කමක් සහ ප‍්‍රදානයේ ස්වභාවය සඳහන් පත‍්‍රයක් හිමිවිය.

ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදු කළ විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප‍්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක් ද මෙහිදී පිරිනැමුණු අතර එම සම්මාන දෙක ආචාර්ය සරත් ඞී. ගුණපාල සහ සිද්ධාර්ථ තාවුල් යන මහත්වරුන්ට හිමිවිය. සිද්ධාර්ථ තාවුල් මහතාගේ සම්මානය ලබාගත්තේ කැස්බෑව එස්. ඕ.එස්. ගම්මානයේ සුමේධ මධුශංඛ සහ එස්.ඒ. චමෝදි යන දරුවන් දෙදෙනා විසිනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ මැති ඇමැතිවරු, විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද, ගුවන් සහ නාවික හමුදා සංගීත කණ්ඩායම් සමග ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංගීත කණ්ඩායම් එක්ව ඉදිරිපත් කළ බෙර සංධවනිය සහ ඒකපුද්ගල ගීත ගායනයකින් උළෙල රසාලිප්ත විය.



අදහස් (0)

විශිෂ්ට ශ්‍රී ලාංකිකයෝ 89 ක් ජනපති අතින් සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 187 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 967 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site