සිරාජ් හසීම්
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්ධ කර නොගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක් යෑමට සූදානම් නම් තම පක්ෂයද ඔහු හා එක්වීමට සූදානම් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ප්‍රතිපත්ති සමගින් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවත් ඔවුනගේ එම ප්‍රතිපත්ති දෙමළ දේශයටම ශාපයක් වී තිබෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පිහිටුවාගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොන්නම්බලම් මහතා මේ අදහස් පළකර සිටියේය.
ඔහු මෙසේද කීය.
‘විග්නේෂ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගන්න යනවා කියල දැනගන්නට ලැබුණා. එම තොරතුර සත්‍යක් නම් ඔහුගේ එම තීරණය දෙමළ ජාතික ජනතා පෙරමුණ අගය කරනවා. විග්නේෂ්වරන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය යටතේ පත්වූ මහ ඇමතිවරයෙකු මෙන්ම එම සන්ධානයේ නියෝජිතයෙක්.
විග්නේෂ්වරන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හා එහි ප්‍රතිපත්ති සමගින් වැඩ කරන්න බැහැ කියල ඔහු විසින් කරන ලද ප්‍රකාශ වලින්ම පැහැදිලි වෙනවා. දෙමළ ජාතික සන්ධනෙයේ ප්‍රතිපත්ති දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවලට තර්ජනයක් බව ඔහු නිරන්තරයෙන්ම අවධාරණය කරපු කරුණක්.එය අපිත් කියනවා. ‘
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්ර පොන්නම්බලම් සැරසෙයි
C. A. Perera - Wales, England Friday, 20 April 2018 01:24 PM
ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ මේ පක්ෂවල දේශපාලන කටයුතු කෙරෙහි දැඩි අවදානයෙන් සහ අවදියෙන් සිටිය යුතුයි. ශ්‍රී ලංකාව චීනයට ඉතා සමීප කාරණයෙන් සමහර සතුරු රටවල් නැවත දෙමල ඩයස්පෝරාවේ නායකත්වය තුලින් ඊලම පමණක් ඉල්ලීම ඇති කිරීමේ උත්සාහයක යෙදී සිටී. මේ දිනවල දෙමල ගෝලීය ඒකකය ලොව පුරා වෙසෙන දමිලයන්ගෙන් වෙනම රටක් අවශ්‍යද නැද්ද? යන මාතෘකාවෙන් ජනමත විචාරණයක යෙදී සිටී. මෙයට සංවර්දිත සහ වැදගත් රටවල සහයෝගය ඇතිහෙයින් මේ කාරණය ඉතා දරුණු ස්වභාවයක් ගැනීමේ අවදානමක් ඇතිවී තිබේ.
SAM Saturday, 21 April 2018 05:57 AM
මේ සේරම ජාතිවාදී, කොටි... මේ ගැන වහාම හොයා බලන්න.