IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්

(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

”වෙට්ටු දාලා තමන්ට  ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. මේ ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීම රටට ආදරේ කරන අපි කාගෙත් වගකීමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඉකුත්දා (14) වැනිදා පැවසීය.

වීරවංශ මහතා එසේ පැවසුවේ ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජාතික සමුළුව නමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වූ ජනරැලියකදී අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

-ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු වාර්තාවක් විතරයි කියලා සමහරු කියනවා. මේ අතුරු වාර්තාවට එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග‍්‍රසයත් හැර අනෙක් හැම පක්ෂයකින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය යෝජනා සංශෝධන එකතු කර නැත්තේ තමන් මේ වාර්තාවේ අඩංගුවට කැමැති නිසයි. එහෙම නම් මේකේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව නෙවෙයි නම් වෙන එකක් එයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?

අපි පහුගිය කාලය තුළ දැක්කා ඒ විදිහට කියලා ගෙනාපු පනත් කෙටුම්පත් කොහොමද තමන්ට අවශ්‍ය විදිහට සම්මත කරගත්තේ කියලා. පාර්ලිමේන්තුවට එන්නෙ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එන්නේ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වුවත් සම්මත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න අද තිබෙන ඉඩ වැඩියි. මොකද අපිට පහුගිය කාලයේ අත්දැකීම් තිබෙනවා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වුණ ආකාරය ගැන. ගෙනාපු පනතේ තිබෙනවාට වඩා වැඩි වගන්ති ප‍්‍රමාණයක්, එහි කිසිම වගන්තියකට අදාළ නොවන කොටස් විශාල ප‍්‍රමාණයක් සංශෝධන හැටියට එනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන වෙලාව වෙනකොට අධිකරණයට යන්න තියා පාර්ලිමේන්තුව තුළදීවත් විරුද්ධ වෙන්න කාලයක් ඉතිරිවන්නේ නැහැ.

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය ගැන කතා කරන්න ඉදිරිපත් කළ පිටු හතරක පුංචි පනතට අපිත් එකඟ වුණා. ඒත් ඒක කාරක සභාවට ගිහින් සංශෝධන හතළිස් තුනක් එක්කරලා ආපහු ආවේ ලොකු පනතක්. එහි කාන්තා නියෝජනය ගැන කතා කරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන පරිදි නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම, සමෘද්ධි නිලධාරීන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියන කරුණු ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මේ ආණ්ඩුව පහුගිය කාලේ අනුගමනය කළ පිළිවෙළ. කාරක සභා අවස්ථාවේදී තමයි නියම බබා එළියට එන්නේ. අගමැති දන්නේ වෙට්ටු දාන්න විතරයි. තමන්ගේ වුවමනාව මොකක්ද කියලා ඇයි කෙලින් නොකියන්නේ? වචන වෙට්ටු දාන්නේ ඇයි?

මෙවැනි ව්‍යවස්ථා ප‍්‍රශ්නයකට අපි  ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීත් මුහුණ දුන්නා. එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඉන්දියාවේ  ඕනකමට. ඉන්දියාවේ බලපෑමට. ඒක ගෙනාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා. දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරලා. අද ඒක වෙනත් ක‍්‍රමයකට ඒ මාමාගේ බෑනා කරන්න යනවා. අද වුවමනාව හා බලපෑම එන්නේ බටහිරින්.

වසර තිහක් පැවැති උතුරේ යුද්ධය අවසන් කළා. අද උතුරෙත් දකුණෙත් බෝම්බ පුපුරන්නේ නැහැ. එදා වගේ අද දෙමළ අම්මාටවත් සිංහල අම්මාටවත් තමන්ගේ දරුවන්ගේ මිනී බදාගෙන වැළපෙන්න අවශ්‍ය නැහැ. ඒ යුගය අවසන් කිරීම ගැන මේ රටේ ජනතාව සතුටු වුණා. හැම කෙනෙක්ම කිරිබත් කැවුම් කාලා ඒ සතුට සැමරුවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ට යුද්ධයෙන් ජයගන්න බැරි වුණ ඊළම ව්‍යවස්ථාමය වශයෙන්  ලබාදෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. ව්‍යවස්ථාවෙන් රට බෙදන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි, ජාත්‍යන්තර නීතියට අනුවයි. අපි කරන්න  ඕන ඒ අයට ඒ ටික කරන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස්කර දීමයි.

හැත්තෑ හතේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති බවට පත්වුණ දේවනායගම් දෙමළ ජාතිකයෙක්. ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ සිතියම අලූතෙන් හැදුවා. එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් පුල්මුඬේ ත‍්‍රිකුණාමලයට අයත් වන හැටියටයි ඒක ඇන්දේ. ඔහු මේ ඉටුකළේ ඊළාම් බෙදුම්වාදීන්ගේ ඊළාම් සිතියමට අවශ්‍ය භූමිය සකස් කර දීමයි. බෙදුම්වාදීන් එක්වර ගෙඩිය පිටින් කන්න දැන් සූදානම් නැහැ. එහෙම කන්න ගිහින් වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා දැන් පියවරෙන් පියවර තමයි ඊළම දිනාගන්න තැනට යන්නේ. මේ නව ව්‍යවස්ථාව එහි එක් පියවරක්.

ජේ.ආර්. ජයවර්ධන එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී ඉන්දියාවේ විරෝධය මැද වුවත් ඒකීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමගාමී ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ වගේම යම් පළාතක් වෙන්ව යාමේ අවදානමක් තිබේ නම් එය පවරා ගැනීමේ බලය එදා විධායක බලතල සහිත ජනාධිපතිවරයාට තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී වුවත් ගෙනා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයට එදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලින් රටේ ඒකීය භාවය නැති වෙනවා කියන ස්ථාවරයේ සිට ඊට එරෙහිව සටන් කළා. දේශද්‍රෝහීන්ට දඬුුවම මරණය කියලා පළාත් සභාවල මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ඝාතනය කළා. ඔවුන් දේශද්‍රෝහීන් කියන පදනමෙන් ඒ ඝාතන සාධාරණීකරණය කළා. එහි ප‍්‍රතිඵල හැටියට මේ රටේ හැටදහසක් තරුණ ජීවිත ඝාතනයට ලක් වුණා. අද අනුර දිසානායකගේ ගජමිතුරාත් මේ ඝාතනවලට හවුල් වුණා.

එදා ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් රට බෙදෙනවට එරෙහිව සටන් කරපු පක්ෂයේ වර්තමාන නායකත්වය අද අගමැතිගේ සුරතලා බවට පත්වෙලා. අද අලූත් ව්‍යවස්ථාවෙන් විධායක බලය අහෝසි කරලා, සමගාමී ලැයිස්තුව ඉවත් කරලා, ඒකීය වෙනුවට ෆෙඩරල් නාමය එකතුකරලා, පළාත් සභාවලට පොලිස්, අධිකරණ, ඉඩම් බලතල ලබාදීලා මේ ගේන ව්‍යවස්ථාව එදා ජේ.ආර්.ගෙනා ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා භයානකව තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දක්වනවා. ටිල්වින් සිල්වා කියනවා ඒකීය හා සන්ධීය කියන වචනවල එල්ලිලා ඉන්න එපාලූ. අනේ මෙයාගේ මේ මොළේ විජේවීර සහෝදරයාට එදා තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරෙනවා. ජවිපෙට සිදුවී ඇති දෙය එයින්ම අපට පැහැදිලියි.

මෙතෙක් පරමාධිපත්‍ය බලය තිබුණේ මේ රටේ ජනතාවට. ජනතාව වෙනුවෙන් මන්ත‍්‍රීවරු 225ක් පාර්ලිමේන්තුව තුළ ඒ බලය නියෝජනය කළා. මේ ව්‍යවස්ථාවෙන් ඒ බලය පළාත් සභාවලටත් බෙදෙනවා.

බුද්ධාගමට තිබූ තැන නැති කරනවා. එදා සිට අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මහාසංඝරත්නය කැපවුණා. සටන් කළා. එදා ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමන්ගේ අධිරාජ්‍යයාට දන්වා යවනවා මේ රටේ කහ රෙද්දක් පොරවගත්ත කහකඩ හමුදාවක් ඉන්නවා. ඒ අය මිනිසුන්ගේ දුකට සැපට හැමදේටම මැදිහත්වෙනවා. ඒ අය ඉන්නකම් මේ රට යටත් කරගන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කතා කරද්දී උන්වහන්සේලාට ගරහනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට තිබුණ තැන නැති කරනවා.

 නව ව්‍යවස්ථාවේ යම් පළාත් සභාවක් අවශ්‍ය විටක ජනාධිපතිට පවරා ගන්න හැකි බව කියා තිබෙනවා. නමුත් එහෙම කරනවා නම් එසේ කරන්නට හේතු ජනාධිපතිවරයා පළාත් මහ ඇමැතිවරයාට දැනුම් දිය යුතුයි. ඔහු එය පිළිගන්නේ නැතිව අධිකරණයට ගියහොත් අධිකරණය එහිදී ජනාධිපතිගේ පියවර වැරැුදි බවට අර්ථකථනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි තිබෙන වාක්‍යවලින් කියවෙන දේ යථාර්ථය බවට පත්වන්නේ නැහැ.

අද රටවල්වලට වෙන්වී යාමේ බලය හිමිවන්නේ ඒ රටේ ව්‍යාවස්ථාවට අනුව නෙවෙයි. ජාත්‍යන්තර නීතියට අනුවයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප‍්‍රාන්තය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නේ ඒ නීතියට අනුවයි. ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක කොටසක් ස්වාධීන වෙන්න කරන ඉල්ලීම සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් අපි ව්‍යවස්ථාවෙන් සකස් කරදීම පමණයි සිදුකළ යුත්තේ. මේ කරන්නේ එයයි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

”මේ වෙනකොට රට බෙදීම සඳහා ඉතාමත් කූට උපක‍්‍රම යොදමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙහි දිශානතිය වැටී තිබෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත් ජාතික සංහිඳියාව සදාකාලිකවම මේ රටේ ජනතාවට අහිමි කිරීමටයි.

බලය බෙදීමෙන් සුළු ජාතිකයන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවා ද? දැන් බලය තිබෙන්නේ සිංහල ජාතිය අතේ නම් සිංහල ජාතීන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා ද? අන්න ඒ විදිහට සිංහල සාමාන්‍ය ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා නම් අපිට එකඟ වෙන්න පුළුවන් බලය නැති නිසා තමයි ඒ අයට මේ ප‍්‍රශ්න තිබෙන්නේ කියලා. මේ උත්සාහ කරන්නේ සිංහල සාමාන්‍ය ජනතාව අතේ නෙවෙයි. ඒ වගේම මේ බලය ගන්න හදන්නේ දෙමළ සාමාන්‍ය ජනතාවත් නෙවෙයි. දෙමළ ඉහළ පැලැන්තිය අතටයි මේ බලය ලැබෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැහැ. බලය ලබාදිය යුත්තේ රටේ පුරවැසියාටයි.

මෙහිදී කලාශිල්පී සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයි ද යන්න කවියෙන් පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් ද සිංහල රාවයේ ප‍්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (2)

ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්

Sathyayaa Sunday, 29 October 2017 11:49 PM

තමන්ට බලය තියෙන කාලේ රටේ ප්‍රබල චරිත කී දෙනෙකුට මර උගුල් ඇටවුවාද. එයින් එක්කෙනෙකුට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිලිබඳ ආචාර්ය උපාධියක් තිබුන. ඔබට තිබුනේ අටවෙනි පන්තියේ පාසැල් දැනුමට අමතරව ත්‍රස්ත ව්‍යාපාරයකින් ලැබුන "මර උගුල් " අටවන මොළයක්. එකයි අදත් බෝම්බ, මර උගුල් ගැන නන්දොඩවන්නේ.

:       0       1

nilu Sunday, 19 November 2017 11:46 AM

මේ අනිකා. මෙවැනි අය නම් ඉපදිලා තියෙන්නේ ජාතියේ පවකට තමයි. දැකපු නැති ව්‍යවස්ථාවක් ගෙන ජාතිවාදය අවුස්සනවා. බලන්න ගෙදර ගිහින් හොර පාස්පෝර්ට් තව තියෙනවද කියලා. ලක්ෂ 5 ට ලක්ෂ 90 ගෙවල් දීපු පවුලේ තව අය ඉන්නවා නම් ඒවා බාරදෙන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 74 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site