IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජපක්ෂ රෙජිමයට සුවකළ නොහැකිවූ ලෙඩ 2 ක් ජාතික රජයෙන් සුවපත් කළා

‘‘රාජපක්‍ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්‍ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ මානව හිමිකම් ප‍්‍රශ්නයට සහ විදේශීය ණය බර යන රෝග දෙක හඳුනාගෙන නිට්ටාවටම සුවපත් කිරීම සඳහා බෙහෙත් කර ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ කිරිබත්ගොඩ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩ සටහනෙහි ජන රැලියට සහභාගි වෙමිනි.

එජාප කැලණි ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රවර්ධන වැඩ සටහන සංවිධාන කර  තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

‘‘ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය සංවිධායක ලෙස පත්වීමෙන් පසුව පළමු රැුස්වීම මෙහි පවත්වනවා.

සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ අපේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා සිරබත් කන්න වුණා. අවසානයේ ඔහු අප සමග එකතුවී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වා. එතුමා වින්ද දුක අප කවුරුත් දන්නවා. එක්සත් ජාතික පක්‍ෂයට බැඳී කැලණිය සංවිධායක පදවිය ෆොන්සේකා මහතා විසින් බාර ගත්තා.

අමාරු කාලයේ කැලණිය බාරගෙන ජයග‍්‍රහණය කරා මෙහෙය වූ බෙවන් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි. එමෙන්ම අමාරු කාලයේ සිටි ජෝර්ජ් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි.

වෙසක් උත්සවයට වෙසක් කාඞ් සකස් කිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු කරනවා. ධම්මපදයෙන් හෝ වෙනත් තැනකින් හෝ ඊට කවියක් යොදනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් එතුමලාගේ වෙසක් කාඞ් පතට යොදන්න හොඳ කතාවක් කිව්වා.

මේ පොහොය නොව ඊළඟ පොහොයෙන් පසු නැවත ආණ්ඩුව ගන්නා බව ඔහු ප‍්‍රකාශ කළා. මොනවා කරන්නද? මාර දූවරුන් තුන්දෙනත් නැටුවානේ? ජනවාරි මාසයේදීත් ඔය කතාවම කිව්වා. මා රට ගිය පසු ආණ්ඩුව පෙරළන්නැයි මා අභියෝග කළා. ඊට පසුව එතුමා පාර්ලිමේන්තුවේදීවත් දුටුවේ නැහැ.

වෙසක් පොහොය දෙකක් යන විට අපේ සංවර්ධන වැඩ සටහනේ මූලික ප‍්‍රතිඵල ලැබෙනවා. මහින්ද රාජපක්‍ෂ රෙජිමයට සුව කළ නොහැකි වූ රාජපක්‍ෂලා විසින් ඇති කරගත් ලෙඩ දෙකක් තිබුණා.

එක ලෙඩක් මානව හිමිකම් ප‍්‍රශ්නයයි. එක්සත් ජාතින්ගේ මහලේකම්ව සිටි බැන්කි මූන් සමග ප‍්‍රකාශය අත්සන් කළේ ඒ අයයි. දරුස්මාන් හමුවට ගොස් අප සාක්කි දෙන්නම්. නඩු පවරන්නම් යනුවෙන් කිව්වොත් ඒ අයයි. අවසානයේ ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා. ජාත්‍යන්තර අප‍්‍රසාදයට ලක් වුණා.

රාජපක්‍ෂ සමයේ අනෙක් ප‍්‍රශ්නය ණය බරයි. ඔහුගේ සමයේ වසර හතරක් යුද්ධ කර වසර පහක් සාමය තිබුණා. ඩොලර් කෝටි 3600 ක ණයක් අද අපි ගෙවා දැමිය යුතුයි.

මේ බව මා මුලින්ම දැනගෙන හිටියා. 2015 දී ආණ්ඩුව මාරු කරන බවට මා ප‍්‍රකාශ කළේ ඒ නිසයි. එදා මා කී කතාව කව්රුවත් පිළිගත්තේ නැහැ. ජාත්‍යන්තර ප‍්‍රශ්න සඳහා ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ විට රාජපක්‍ෂලාට ආණ්ඩු කරන්න බැරි බව අප දැනගෙන හිටියා.

එකල මැතිවරණයක් පැමිණි පසුව අප සංවිධානය වී ජයග‍්‍රහණය කරා රට ගෙන ගියා. අපට විසඳන්න බැරි ප‍්‍රශ්න මෛත‍්‍රී - රනිල් කරන්නේ කෙසේදැයි එවිට රාජපක්‍ෂලා සිතුවා. ආණ්ඩුව වැටෙනතුරු කට ඇරගෙන බලා සිටියා. අවසානයේ අප ඒ ප‍්‍රශ්න දෙකම විසඳුවා.

මෙරට සංහිදියාව ඇති කිරීම සඳහා ජාත්‍යන්තරය විසින් අපට තව වසර දෙකක කාලයක් දුන්නා. දැන් අපි ඒ සඳහා වැඩ කරමු.

අපේ තරුණ කාලය ගත වුණේ යුද්ධය සමගයි. නමුත් වත්මන් තරුණයන්ගේ යොවුන් විය සාමය සමග හොඳ රැකියා කරමින් ගත විය යුතුයි. ඒ වෙනස ඇති කරනවා නම් නැවත ආගම්, ජාති බේද ඇති කළ යුතු නැහැ. බහුතරය සහ සුළුතරයට එකට ජීවත් විය හැකි ශ්‍රී ලංකාව අප නිර්මාණය කරනවා.  තම තමන්ගේ ජාතිය - ආගම ගැන හැමෝටම ආඩම්බර විය හැකියි.

අපට කිසිවකුගෙන්වත් පළිගන්න අවශ්‍ය නැහැ. එල්ටීටීඊ සංවිධානය කළ හානිය අප දන්නවා. උතුරේ ජනතාවට තම සැමියා මව, පියා, සහෝදරයා අහිමි වූවා. ඉඩම් - ගෙවල් අහිමි වෙලා. ඒ අයටත් නැවත ජීවිතය - ආර්ථිකය දිය යුතුයි.

මොන පැත්තේ හිටියත් දුක් වින්ද ජනතාවට උදව් කර ලාංකිකයන් ලෙස ඉදිරියට යමු. අප අලූත් ව්‍යවස්ථා ඇති කර ගනිමු.

සංධානයේම මහ ඇමැතිවරුන් කියන බලය බෙදා හැරීම සමග අපි ඉදිරියට යමු.

ඩොලර් කෝටි 3600 ක ණය මුදල 2026 දක්වා ගෙවිය යුතුයි. අන්තිම ණය මුදල ගෙවන්නේ 2038 වසරේදීයි. මගේ උත්සාහය ඊට පෙර ණය ගෙවා දමා අවසන් කිරීමටයි. රාජපක්‍ෂලාගේ පව් ගෙවන්න 2038 දක්වා බලාගෙන ඉන්න හැකියාවක් නැහැ.

අපි මෙරට ඉදිරියට ගෙනයන ක‍්‍රමය ගැන කල්පනා කරමු. මැලේසියාව, තායිලන්තය වගේ අපි ඉදිරියට යමු.

රට ගොඩගන්න නම් අප එකතු වී වැඩ කළ යුතුයි. සමහර අවස්ථාවලදී අපේ අයට විශාල ප‍්‍රශ්න තිබුණා. අපි  පළමුවෙන්ම රට ගොඩ ගනිමු. දැන් අප ණය ප‍්‍රශ්නයදීත් පාලනය කරගෙන තිබෙනවා. අපේ ආදායම ටිකෙන් ටික වැඩි වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. අප උත්සාහ කරන්නේ ජනතාවට බර නොදී ණය ගෙවා දැමිය හැකි ආර්ථිකය ඇති කිරීමටයි.

ඊළඟ වසර පහේදී අපේ සංවර්ධනය පටන් ගන්නවා. බියගම මන්ත‍්‍රී ලෙස මා මෙහි එන විට අප ආසියාවේ දියුණු රට ලෙස ඉදිරියෙන් සිටියා. අද වන විට රටවල් රැසක් අප පසු කරගෙන ගිහිල්ලා. ඇෆ්ගනිස්තානය, කාම්බෝජය, ලා ඕසය, මොංගෝලියාව, පමණක් අප පසුපසින් අද සිටිනවා. බංගලාදේශයත් දැන් අපේ මට්ටමට එනවා.

අප දිගටම දුප්පත්කම ගෙනයනවාද නැතිනම් තරුණ - තරුණියන්ට රැකියා සහ හොඳ ආදායම් මාර්ග දෙනවාද?

ප‍්‍රශ්නවලට අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. මූලික ප‍්‍රශ්න විසඳූ පසු අපට  පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කළ හැකියි. දේශපාලන පළිගැනීම් ගැන කටයුතු කිරීම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැවරුවා.

අපේ පාක්ෂිකයන්ට ක‍්‍රමානුකූලව අවශ්‍ය සහන දෙනවා. ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සොයා දිය යුතුයි.

ඉස්සර ගම්පහ කැලයක් නොවේද? මා ඇවිත් කටුනායක, බියගම වෙළෙඳ කලාප ඉදි කළා. අද ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේයි.

එදා 1977 කිරිබත්ගොඩ කුඩා නගරයක් පමණයි. ඡන්දවලට අවශ්‍ය බඩු ගන්නත් මට කොළඹට යන්න වුණා. අද කිරිබත්ගොඩ දියුණුව කොහොමද?

කිරිබත්ගොඩ, සපුගස්කන්ද, කඩවත, මාවරමණ්ඩිය එකතු වී ඊළඟ වසර 10 තුළ විශාල නගරයක් ඇති කිරීමට නියමිතයි.

බියගම පැත්තෙන් තවත් නගරයක් ඇති වෙනවා. වත්තල, ජා ඇල, කටාන, මීගමුව මැතිවරණ කොට්ඨාස අනෙක් පැත්තට හරවන්න අපට හැකි වුණා. අද  මා උත්සාහ කරන්නේ මුළු රටටම ඒ දියුණුව ගෙන එන්නයි.

මහනුවර සිට සම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. මහනුවර සංචාරක මධ්‍යස්ථානය බවට පත් කරනවා. වයඹ සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. කුලියාපිටිය කර්මාන්තකරණය ගෙන ආ විට දිවුලපිටිය, කුරුණෑගල, නුවර, කෑගල්ල දියුණු වෙනවා. එවිට ගම්පහත් ශීඝ‍්‍ර දියුණුවකට ලක් වෙනවා. මේ ප‍්‍රදේශය ක‍්‍රමානුකූලව මධ්‍යම පාන්තික ප‍්‍රදේශ බවට පත් කරනවා.

බස්නාහිර මහා නගර වැඩ සටහන යටතේ මුළු බස්නාහිර විශාල දියුණුවක් ඇති කරනවා.

තායිලන්තයේ ප‍්‍රධාන කර්මාන්ත සමාගම කළුතර කර්මාන්තකරණය කිරීම සඳහා මේ වන විට අධ්‍යයනය කරනවා. ගාල්ල මුදල් ඇති සංචාරකයන් එන කලාපය බවට පත් කරනවා. රුහුණු සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට වරාය ආශ‍්‍රිතව දියුණුවට පත් කරනවා. කොළඹ - ගම්පහ වැනි දියුණුවක් ඒ ප‍්‍රදේශවලත් ඇති වේවි.

සිංගප්පූරු සමාගම පැමිණ ත‍්‍රිකුණාමලය ආර්ථික කලාපය සකසනවා. වරාය, සංචාරක කලාපය, කර්මාන්ත කලාපය දියුණු කරනවා.

මා මේ මාසයේ ජපානයට සහ ඉන්දියාවට යනවා. ත‍්‍රිකුණාමලය දියුණුවට ඔවුන්ගෙන්ද ආධාර උපකාර ගන්නවා.

අනුරාධපුරයද සංචාරක කලාපය බවට පත් කරනවා. අම්පාර දියුණු කරනවා. බදුල්ල - නුවරඑළිය ප‍්‍රදේශත් දියුණුයට පත් කරනවා. නැති වූ ආර්ථිකය මා ගොඩ නඟනවා.

මොනරාගල, වැල්ලවාය ප‍්‍රදේශවලටත් වෙළෙඳ කලාප දෙනවා. ඒ ප‍්‍රදේශත් කිරිබත්ගොඩ සේම දියුණු කරන්නම් යයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා කිව්වා. මා ඒ දියුණුව දෙන්නම්.

මෙලෙස තරුණ - තරුණියට අනාගතය දෙන්නද? එපාද?

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩිකරගත යුතුයි. මට අවශ්‍ය මුදල් ඇති සංචාරකයන් ගෙන එන්නයි. වතුර බොන සංචාරකයන් ගෙනැවිත් රටට පළක් නැහැ.

 

මෙරට බැංකු මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එදා වරාය නගරය අද දකුණු ආසියාවේ ප‍්‍රධාන මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අප කටයුතු කළා. සිංගප්පූරුව-ඩුබායි යන රටවල් පරිද්දෙන් නීති පද්ධති සකස් කරගෙන යනවා.

පාසල් අධ්‍යාපනය වසර 13ක්  අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව වැඩි කරනවා. අලූතින් ගුරුවරුන් බඳවා ගන්නවා.

නාගරික නිවාස, මධ්‍යම පාන්තික නිවාස, උතුරේ නිවාස ආදි ලෙස නිවාස ව්‍යාපෘති රැසක් අද ක‍්‍රියාත්මකයි. පාක්ෂිකයා මෙන්ම රටත් බලාගත යුතුයි.

අද තරුණයන්ගේ දරුවන්ටත් වසර 20කින් පසු හොඳ රටක් අප නිර්මාණය කළ යුතුයි. මේ යන ගමන අනුව නව වෙසක් පෝය දෙකකින් මහින්ද රාජපක්‍ෂට අඬන්න නම් වේවි.

හම්බන්තොට වරාය ගැන දැන්  කෑ ගහනවා. හම්බන්තොට වරාය හදන්න මහින්ද රාජපක්‍ෂ චීනයේ එක්සිම් බැංකුව සමග ගිවිසුම එළැඹුනා. නැවත ණය වෙන්න වසර 20ක කාලයක් වත් එදා ඉල්ලන්න තිබුණා. 2016 සිට ණය ගෙවන බව මහින්ද රාජපක්‍ෂ කිව්වා.

දැන් ඩොලර් කෝටි 30ක පමණ වාරිකයක් වසරකට ගෙවිය යුතුයි. මේ සඳහා රජයට මුදල් නැහැ. මුදල් නොගෙව්වොත් ගිවිසුම අනුව වන්නේ කුමක්ද? කෝටි 1400 ම එකවර අපෙන් අයකර ගන්න පුළුවනි. කෝටි 30ක් ගෙවා ගන්න බැරි රටක් එකවර සියල්ල ගෙවන්නේ කෙසේද?

රට ණය උගුලක සිරවී ඉන්න බව සත්‍යයි. ඒ මුදල ගෙවන්න බැරිනම් හම්බන්තොට වරායත්, කොළඹ දකුණු වරායත් ඔවුන් ඉල්ලනවා.

2014 වසරේ රාජපක්‍ෂ රජය එළැඹි තවත් ගිවිසුමකට අනුව චීන සමාගමකට හම්බන්තොටින් කොටසක් සින්නක්කරවම දුන්නා. ණය ගෙවන්නේ අපියි. චීනය ලාභ ගෙන එයින් කොටසක් අපට දෙනවා. එහෙම බිස්නස් කරන්නේ මොන රටේද? එහෙම බිස්නස් නම් කරන්න මමත් කැමැතියි. අගමැතිකමින් ඉවත්ව ජනතාව ණය ගෙවන්න. මා ලාභ ලබන්නම් කියා ඉන්නම්. ඊට පසුව කොළඹ වරාය නගරය කියා කොටසක් අවුරුදු 99 කට බදු දුන්නා. කොටසක් සින්නක්කරවම විකුණා දැම්මා. දැන් එයා හම්බන්තොට වරාය විකුණනවා කියමින් කෑ ගසනවා.

මා ප‍්‍රශ්න තුනක් මහින්දගෙන් අහන්න කැමතියි. මාධ්‍ය ඒ ප‍්‍රශ්න දාන්න අකමැති වේවි. ඒ මාධ්‍ය මහින්දට උදව් කරන නිසයි.

වරාය ඉදිකර වසර 20කින් පසු ගෙවීම් කිරීමට එකඟ වුයේ නැත්තේ ඇයි? 2016 දී ණය ගෙවන බවට පොරොන්දු වූයේ ඇයි? හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම් වලට දී ණය ගෙවීම අප බාරගත්තේ ඇයි? වරාය නගරයෙන් කොටසක් විකුණා අනෙක් කොටස වසර 99 කට බදු දුන්නේ ඇයි?

මා හතරවැනි ප‍්‍රශ්නයකුත් අසන්නම්. එය මාධ්‍යයේ පළ කරනවාද? හම්බන්තොට විකුණනවා කියා ලැජ්ජා නැතිව අද මහින්ද රාජපක්‍ෂ අඬන්නේ ඇයි? හම්බන්තොට චීන- ලංකා හවුල් ව්‍යාපාරයට බද්දට දී ණය කළමනාකරණය කර ගැනීමට අපට හැකියි.

තවත් අපට ගෙවන්න ඉතිරි වී ඇත්තේ කෝටි 3460ක් පමණයි. දැන් අඬන්නේ ණය අඩු කර ගත්තාටද?

මේ ප‍්‍රශ්න හැමතැනදීම අහන්න. මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නිකන් අඬන්න ඉඩ දෙන්න බැහැ. ඒ කාලය ඉවරයි. මා හොඳ ලංකාවක් හදනවා. තරුණයන්ට ජීවත් විය හැකි හොඳ රටක් හදනවා යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ප‍්‍රධාන සංවිධායක, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

‘‘අප කළ දේශපාලන පෙරළිය ශක්තිමත් කිරීම මේ රැුලියේ අරමුණයි. කැලණිය අගමැතිතුමාට නුහුරු ප‍්‍රදේශයක් නොවෙයි. අගමැතිතුමන්ද දේශපාලනය ඇරැඹුවේ කැලණියෙනුයි.

කැලණියේ ජනතාවගෙන් 50% කට හරියාකාරව නිවෙසක් නැහැ. අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ කරදරවල වගකීම බාරගත යුත්තේ රාජපක්‍ෂ කාලයේ මෙහි සිටි දේශපාලකයන් බව කිව යුතුයි.

කැලණිය ජනතාවට විශාල පාසල් ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ප‍්‍රශ්නවලට ඉදිරියේදී විසඳුම් සෙවිය යුතුයි.

අපට මහා සංවර්ධන සැලැස්මක් තිබෙනවා. එදා කැලණියේ දේශපාලකයන් රටම දැනගෙන හිටියා. අල්ලස් ගැනීම, කප්පම් ගැනීමේ සංස්කෘතියක් ඇති කළා. අප මේ රැස්වීම පැවැත්වීමට වත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලූවේ නැහැ.

කැලණියේ ජනතාවට දේශපාලකයන්ගේ පිහිට නැතිව තනිව නැඟී සිටින්න හැකි පරිසරයක් මා නිර්මාණය කරනවා.

අගමැතිතුමන්ගේ ආර්ථික ඥානය නිසා දැවැන්ත ණය බරින් රට මුදා ගැනීමේ  මූලික පියවර ගෙන තිබෙනවා.

හැමදාම හිරගෙවල්වල බඩගාන කල්ලියට ගැලපෙන ලකුණ පොහොට්ටුව නොව මාංචු කූට්ටමයි. පොදු ජන මාංචු කූට්ටම් පක්ෂය ඔවුන්ගේ පක්ෂයට හොඳ තමයි.

‘‘පාස්පෝට් වංශ’’ වාහන 40ක් නැදෑයන්ට දීලා දැන් හිරේ දාලා. අප දැන් අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. වැරදි කළ අය වන්දි ගෙවිය යුතුයි’’

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා- ‘‘කැලණිය පක්ෂයට මෙන්ම රටටත් ඉතා වැදගත් වනවා. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගියත් ජනතාවට අවශ්‍ය කිසිම දෙයක් වුණේ නැහැ.

රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය එක් පිරිසකට පමණක් සීමා වුණා. යුද්ධය අවසන් වුණත් තම දරුවන්ට සපත්තුවක් අරගෙන දීමටවත් නොහැකි තරමට ජනතාවගේ ආර්ථිකය බංකොළොත් වුණා’’

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් බද්දුම බණ්ඩාර මහතා ‘‘මේ අරඹන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රාහී ඇරැඹුමයි. මෙරට යුද්ධයට නායකත්වය දුන් යුද ජයග‍්‍රහණයේ නියමුවා කැලණි පුරවරයට නායකත්වය දෙනවා. එතුමා දේශපාලනයට පිවිසුනේ රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු  කිරීමටයි.

ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මෙහි සිටින ජනතාවයි. ආණ්ඩුව හැදුවේ එජාපයේ අයයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

‘‘යුද්ධය අවසන් කිරීමට මුල් වූ සරත් ෆොන්සේකා මහතාට එදා අත් වූ ඉරණම මට හොඳට මතකයි. එදා එතුමා දහයයි දහය කාමරයේ ශක්තිමත් මනසින් ජීවත් වුණා. අද කොහොමද? එදා සරත් ෆොන්සේකා



අදහස් (1)

රාජපක්ෂ රෙජිමයට සුවකළ නොහැකිවූ ලෙඩ 2 ක් ජාතික රජයෙන් සුවපත් කළා

sanjeewa Thursday, 06 April 2017 02:50 AM

ඊට පස්සේ ලෙඩ සියක් විතර ගෙනාවා. අපේ EPF එකෙටත් කෙළලා.

:       0       169

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 186 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site