IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා

(නාලක සංජීව දහනායක)

බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (15) පැවසීය.

එබැවින් මෙවන් ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයිද කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පෙරේදා (15) පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 වීරවංශ මහතා මෙසේද පැවසීය.       

සංවර්ධනයට මුවාවී හොරකම් කරන බවට එදා අපේ ආණ්ඩුවට චෝදනාවක් තිබුණා. ඒ නිසා හොරකමට එරෙහිව එදා විශාල ජනමතයක් හැදුණා. ඒ ජනබලයට මුවාවී මේ ආණ්ඩුව කරපු හොරකම කොහොමද? මේක තනිකරම ණයදෙන ගමන් ගහපු ගැහිල්ලක්. ඉතිහාසයේ පළමු වතාවට මහබැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට පවරා ගන්නවා. අගමැතිවරයා එසේ ක‍්‍රියා කළේ ඇයි? මේ දේවල් නිකම්ම සිදුවුණේ නැහැ. මේ සියල්ලක්ම සිදුවුණේ කිසියම් පූර්ව සූදානමක් ඇතුවයි.

රාජිත සේනාරත්න ඇමතිතුමාට අනුව නම් මේ වංචාව ලූනු බිකක්. මේ වංචාවෙන් රුපියල් ටි‍්‍රලියනයක වංචාවක් සිදුවෙලා තිබෙන බව ලක්‍ෂමන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා. මෙම වංචාව නිසා රටේ සමස්ත මූල්‍ය ක්‍ෂේත‍්‍රයම කඩාවැටිලා. රටට වැඩි පොලියට ණය ගන්න සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. සියලූම රටවැසියන් දිනපතාම මේ වංචාවේ බලපෑම්වලට යටත් වෙනවා. යහපාලනයේ නාමයෙන් බලයට ආවේ චෞර රැලක්. බැඳුම්කර කොමිසම නෙමෙයි මේ වංචාව පිළිබඳව උසාවියෙන් විභාග කළ යුතුයි. බැඳුම්කර කොමිසමට තවම චෝදනාවට නම් කියවෙන ඇමැතිවරුන් ගෙන්වූයේ නැහැ. බැඳුම්කර වංචාව සිදුවීමට පෙර මහබැංකුවට ගිය මැති ඇමැතිවරුන් කවුද? ඒ ගැන රටට හෙළිවිය යුතුයි.

මේ චෞර රැල රටේ සම්පත් විකුණමින් ඉතාම බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කරනවා. දැන් ආණ්ඩුවේ අයට විරුද්ධව ආණ්ඩුවේ අයම විශ්වාසභංග යෝජනා ගේනවා. මුළු ආණ්ඩුවම මුරුගසන් වරුසාවට අහුවෙලා. අපි විශ්වාසභංග යෝජනාව නොගෙනාව නම් රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. තමන් බිත්තියටම හේත්තුවුණ බව දන්නා නිසයි ඔහු ඉල්ලා අස්වුණේ. බල පෙරළියේ ඩොලර් කුට්ටි හුවමාරු වුණේ සිංගප්පූරුව හරහායි. මේ ආණ්ඩුවේ එවැනි මූල්‍ය ඞීල් පමණක් නෙමෙයි දේශපාලන ඞීල් පවා තිබෙනවා. ඒ දේශපාලන ඞීල් ගැනත් සෙවිය යුතුයි.

රට දවසින් දවස අගාධයට යනව. 8 වැනිදා බලපෙරළියට කර ගැසූ සියලූම දෙනා මේ පාපකර්මයට වගකිව යුතුයි. මෙහෙම ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයි ඔහු පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

 බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූම දෙනාට මේ වනතුරුත් දඬුවම් ලැබී නැහැ. ඔවුන් සියලූම දෙනාට ද`ඩුවම් ලබාදීමේ ක‍්‍රියාවලියකට අපි එළඹිය යුතුයි. බැඳුම්කර වංචාව නිසා රටේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ අවුල් ජාලාවක් නිර්මාණයවී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය බැඳුම්කර වංචාව ගැන නිරන්තරයෙන්ම හාරා ඇවිස්සුවේ නැත්නම් මෙය මෙතරම් දුරක් යන්නේ නැහැ. ආත්ම ගරුත්වයක් තිබුණානම් අර්ජුන් මහේන්ද්‍රන් මුල් අවධියේම මහබැංකු අධිපතිධුරයෙන් ඉවත්විය යුතුව තිබුණා. නමුත් ඔහු ඉල්ලා අස්වුනේ නැහැ. එසේ ඉල්ලා අස්නොවූයේ ඔහු පිටුපස්සෙන් යම් බලයක් තිබූ නිසයි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව අපි මුලින්ගෙනා විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්තේ නැහැ. එය තවමත් කතානායකවරයාගේ ලිපිගොනුවේ තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කප්පාදුවෙමින් තිබෙනවා. එපමණක් නෙමෙයි රැකියා අවස්ථාවන් ලක්‍ෂ ගණනින් කප්පාදු වෙමින් තිබෙනවා. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ. දවස ගානේ බදු ගහනවා. අපි අද මෙතන ඉඳගෙන ඉන්න ටිකටත් සීනිවලට බද්දක් ගහලා යැයි ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

   එකතැන නතරව තිබූ රටක් මහින්ද රාජපක්‍ෂ යුගයේදී වේගයෙන් සංවර්ධනය වුණා. ඒ නිසා පහළ මැදි ආදායම් ලබන රටක් බවට අපේ රට පත්වුණා.  මේ හේතුවෙන් පොළී අනුපාතය, විරැකියාව, උද්ධමනය තනි ඉලක්කමක් බවට පත්වුණා. රටේ සමස්ත සංවර්ධන වේගය සියයට 7,8 ක් පමණ වුණා. පොලී අනුපාතය පහළ යෑම නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල වාසියක් වුණා.

නමුත් බැඳුම්කර වංචාව නිසා අපේ රටේ සමස්ත ණය පොලිය රුපියල් බිලියන 167 ක් දක්වා වැඩිවුණා. ඒ මුදලින් මත්තල වගේ ගුවන් තොටුපළක් හා වරායක් හදන්න තිබුණා. එපමණක් නෙමෙයි බැඳුම්කර වංචාව නිසා විදේශීය ආයෝජකයන් විසින් මහබැංකු සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන නැවත අරගෙන ගියා. ආසන්න වශයෙන් පසුගිය වසර දෙකේදී පමණක් රුපියල් බිලියන දෙදාහකට වඩා ආයෝජන නැවැත අරගෙන ගිහින් තිබෙනවා. විදේශ විනිමය රටින් පිටට යනවිට රුපියල බාල්දු වුණා. 2005 මහින්ද රාජපක්‍ෂ මහතා රට බාර ගනිද්දි අපි ආමරිකානු ඩොලරයකට රුපියල් 101 ක් ගෙව්වා. 2005 සිට 2015 වසර දක්වා මහින්ද රාජපක්‍ෂ රජය අර්බුධ රාශියකට මුහුණ දුන්නා. එහෙත් එම වසර දහයේදී ඇමරිකානු ඩොලරය වර්ධනය වී තිබෙන්නේ රුපියල් 30න් පමණයි. එතුමා නැවත රට බාරදෙනවිට අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 131 මුදලක් ගෙව්වා. දැන් අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 155ක් ගෙවනවා. ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා. රුපියල බාල්දු වීම නිසා ජාතියේ ණය බර ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා.

මේ හැම දෙයක්ම සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. බැඳුම්කරේ සියලූම බර පැටවුණේ මේ රටේ අවිහිංසක ජනතාව මතයි. ඒනිසා බැඳුම්කර වගකීම බාරගෙන මුදල් ඇමැතිවරයා හා අගමැතිවරයා ගෙදර යා යුතුයැයි පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ රවී කරුණානායක මහතා තමන්ගේ ඇමැති තනතුරින් ඉල්ලා අස්වුණා. දැන් මෙම සටන මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද? බැඳුම්කර වංචාව  සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට වැරදිකරුවන්ට දඬුවම් කරන්න බැහැ. සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපතිවරයා  ඕනෑම කොමිසමකට කැඳවිය හැකියි. ඒ නිසා මෙම කොමිසම හමුවට ජනාධිපතිවරයාද කැඳවිය යුතු බව අපේ අදහසයි.

තමන්ගේම කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙද්දිත් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. එමෙන්ම බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරින් ඉවත් කරන ලෙසට රටේම ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. නමුත් ඔහු ඉවත් කළේ නැහැ. ඒ නිසා 2016 වසරේ මාර්තු මාසයේදී පෙරටත් වඩා විශාල බැඳුම්කර වංචාවක් සිදුවුණා. නමුත් අඩුම තරමේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයගේ විදේශ ගමන් බලපත‍්‍රයවත් අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ.

බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් ප‍්‍රකෝටි ගණන් මුදල් යොදා ස්කාගාර පටන් ගන්නවා. මේ ගැන කතා කරන උදවියට මඩ ගහන්න මාධ්‍ය ආයතන ආරම්භ කරනවා. එහෙත් ඒ මුදල් රාජසන්තක කිරීමටත් මේ වනතුරු පියවරක් ගෙන නැහැ.

ජනාධිපතිවරයා පමණක් නෙමෙයි අගමැතිවරයාත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කිරීමට තමන් විරුද්ධවූ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා ප‍්‍රකාශ කළා. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සියලූම වගකීම් තමන් බාරගන්නා බව අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.                 

මෙම වංචාව ගැන හොයන්න අගමැතිවරයා නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා. එම කමිටුව නිර්දේශ ක‍්‍රියාත්මක නොකළේ ඇයි? මේ වංචාවට සම්බන්ධ වූ ලංකා බැංකු ප‍්‍රධානීන් හා සේවක අර්ථසාධක අරමුදලේ ප‍්‍රධානීන්ද මෙම කොමිසම හමුවට කැඳවිය යුතුයි.  එමෙන්ම කෝප් කමිටු වාර්තාව කඩාකප්පල් කිරීමට ක‍්‍රියාකළ ”ෆුට්නෝටි” කල්ලියත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි.

ඒ කල්ලියේ සමහරුන් තමන්ගේ නැන්දම්මා, සහෝදර සහෝදරියන්ගේ නම්වලින් දේපළ මිළදී ගෙන තිබෙන බව ආරංචියි. ඒ පිළිබඳවත් සොයා බලා දේපළ රාජසන්තක කිරීමට රජය ක‍්‍රියා කළ යුතුයි. එවිට මේ බැඳුම්කර වංචාව ගැන දිග පළල සහිත පැහැදිලි චිත‍්‍රයක් මවා ගත හැකියි. මේ වංචාව නිසා රටේ සමස්ත ආර්ථිකයම පීඩාවට පත්වෙලා. ඒ නිසා රවී කරුණානායක වැලිකඩට ගෙනියනතුරු මේ සටන නවත්වන්නේ නැතැයි ද පැවසීය.  

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.

බැඳුම්කර වංචාව පිළිබඳව කතාන්දර හඳුනා ගැනීමට අපි කරුණු එකිනෙක පෙළ ගස්වමින් සිටියා. නමුත් ඊට පෙර රවී කරුණානායක මහතා හරහා මේ කතාව එළියට පැන්නා. රවී කරුණානායක මහතා ඉල්ලා අස්වෙන්නේ ඇයි? ඔහු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයත්, ආණ්ඩුව ඇතුළෙත් ලොකු බෙදීමක් තිබුණා. රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ මේ දේශපාලන අර්බුදය නිසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මුලින්ම පැමිණිලි කළා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ ගැන කරුණු ඇවිස්සුවා. පාර්ලිමේන්තු කෝප් කමිටු දෙකකින්ම මෙම වංචාව සම්බන්ධයෙන් එකම නිගමනයකට එළැඹුණා. නමුත් අගමැතිවරයා පත්කළ ත‍්‍රිපුද්ගල නීතිඥ කමිටුවට මෙම වංචාව හසුවුණේ නැහැ.

බැඳුම්කර වංචාව මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී තිබෙනවා. ඒ දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දීමට නොහැකිව සිටිනවා. ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකිනෙකාට ගහ ගන්නවා. බැඳුම්කර වංචාව නිසා ලංකාවේ මූල්‍ය අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් හටගෙන තිබෙන බව ආර්ථික විශේඥයන් සඳහන් කරනවා. මේ නිසා ආණ්ඩුව හැම පැත්තකින්ම කොටුවී සිටිනවා. දැන් ආණ්ඩුව ගැලවෙන්න විවිධ උපක‍්‍රම සොයන බව ද පැවසීය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.

ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අනන්ත අප‍්‍රමාණව මිත්‍යාව වපුරනවා. මෙම වංචාවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක මහතා තමන්ගේ අවසන් කතාවේදී දේවධර්මය උපුටා දක්වමින්  කතා කළා. අද ඔවුන් ජනතාව අතර වීරයන් වීමට උත්සාහ ගන්නවා. මුදල් පනත අනුව මහ බැංකුව අයත් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයටයි. නමුත් මෙම රජය යටතේ මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළා. මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යාංශයකට පවරනවා නම් මුදල් පනත වෙනස් කළ යුතුයි. නමුත් මෙහිදී මුදල් පනත වෙනස් කළේ නැහැ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිව් ගුණසේකර මහතා විසින් අංගසම්පූර්ණ වාර්තාවක් සකස් කළා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එපමණක් නෙමෙයි ළඟදී සිදුවූ කැබිනට් සංශෝධනයේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රවී කරුණානායක මහතාට අයත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය පවරනවා. ලෝකයේ කිසිම රටක එවැනි දෙයක් සිදුවී නැහැ. අමාත්‍යංශවලට විෂයන් වෙන්කිරීම ඉතාම විද්‍යානුකූල ආකාරයට සිදුකරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එහෙත් ලොතරැුයි මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද?

බැඳුම්කර වංචාවේ සියලූම පව් රවී කරුණානායක මහතාගේ කරමත පැටවීමේ හැකියාවක් නැහැ. මුළු ආණ්ඩුවම මෙයට වගකිව යුතුයි. විදේශිකයකුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිකමට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් විරුද්ධවී තිබෙනවා. නමුත් අගමැතිවරයාගේ තනි කැමැත්තට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කළා.

2015 වසරේදී පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව පත්වූ නව පාර්ලිමේන්තුවේ කෝප්කමිටුවත් මෙම වංචාව ගැන පරීක්‍ෂණ පැවැත්වූවා. එම පරීක්‍ෂණ කඩාකප්පල් කිරීමටත් අගමැතිවරයා තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායම මෙහෙයවූවා. මෙම ගනුදෙනුවට ලංකා බැංකුවත් සම්බන්ධ වුණා. ඔවුන් එක දුරකතන ඇමතුමට රුපියල් බිලියන 13ක් මෙම ගනුදෙනුව සඳහා ලබා දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ වනවිට අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු 87ක් යවා තිබෙනවා. මෙවැනි කටයුතුවලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම විකෘති වෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ අඹුදරුවන්ටත් තර්ජනය කරනවා. මෙවන් වාතාවරණයක් තුළ ඔවුන්ට තමන්ගේ හෘද සාක්‍ෂියට අනුව වැඩ කිරීමට හැකියාවක් නැහැ.

බැඳුම්කර වංචාව යට ගැසීමට දැන් රාජපක්‍ෂවරුන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. චෝදනා තිබුණත් රාජපක්‍ෂවරුන්ට විරුද්ධව මේවනතුරු කිසිම චෝදනාවක් නැහැ. මෙම පාලන ක‍්‍රමය වෙනස්කර තමන්ට ආදරය කරන නිර්මල පාලනයක් බිහිකර ගැනීමට ජනතාව ක‍්‍රියා කළ යුතු යැයි පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ මහත්වරුන් හා ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (5)

රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා

shan saudi Thursday, 17 August 2017 07:38 AM

මහින්දගේ කාලේ විකුණගෙන කෑවේ එතකොට ඔය රැළ කොහෙද සිටියේ ඒ අය එක්ක එකතුවෙලා රටම උගස් තියලා කොළඹ නගරයේ වටිනාම ඉඩම් විකුණං කාලා දැන් එනවා ජනතාවට බයිලා ගහන්න. මේ අයට ඕනේ අායෙත් රට විකුණාගෙන කන්න බලයට එන්නයි හදන්නේ...

:       406       66

Nandalal DE SILVA - France Thursday, 17 August 2017 11:15 AM

තුම්මුල්ලේ රංචුව ආයෙමත් අළුගසා දාලා නැගිටින්න හදනවා. රවී ඇමකට අල්ලගෙන, යහපාලන රජය පෙරලන්න හදන්නේ... පහුගිය රෙජිමයෙන් කාපු, බීපු, ගෝලයන් කල්ලියම නේද? මේ වන්දිභට්ටයන්ගෙන් කීප දෙනෙකුටත් මහා පරිමාණ වංචා තිබෙන වග අමතක වෙලා වගේ...

:       498       71

siva Thursday, 17 August 2017 12:09 PM

නරියෝ කලේ හූ තිබබට සිංහ පැටවූ බය වෙන්නේ නැහැ.

:       89       0

rohan Friday, 18 August 2017 02:08 AM

රාජපක්ෂ සමයේ දූෂණ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවත්නා පරීක්ෂණවලින් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ලඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට අධික වටිනා (ඩොලර් මිලියන 30) දේපළ අධිකරණයේ හා රජයේ භාරයට ගෙන තිබේ. තමන්ගේ හෝ තම පවුලේ කිසිවෙකුත් රුපියලක් හෝ සොරකම් කර තිබේ නම් තමන් බඩ කපා ගන්නවායැයි වහසි බස් දෙඩූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම පොරොන්දුව හිතාමතාම අමතක කර තිබීම හාස්‍ය ජනකයි.

:       25       5

sathyayaa Sunday, 27 August 2017 10:49 PM

හිස් ටැංකියකින් වතුර පිරවූ ටැංකියකට වඩා ශබ්දය පිටවෙනවා. ටැංකිය හිස්ව තබා ගැනීමේ ප්‍රබලම හේතුව, ජරා පාලකයින්ගේ කුණු වරින්වර තැන්පත් කරන්න එය සූදානම් ව තබන්න පුළුවන් වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 169 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 953 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site