(ජයන්ත සමරකෝන්)
රටත්, ජනතාවත් විනාශයට පත්වීමට වැළැක්වීමට නම් මේ ආණ්ඩුව අවසන් කළ යුතු යැයි දල අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ඒ නිසා යැයි දල ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (19 වැනිදා) පැවැසීය.
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ධුරයට පත් කිරීමටත්ල ඔහුට බහුතරය අහිමිවීමෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීමටත් ජනපතිවරයාට හැකියාව පවතින බව ද බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා කීය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්රවෘත්ති සාකච්ඡා සංවිධානය කර තිබිණි.
එහිදී වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය.
සමහර ලේකම්වරුන් කියා ගන්නා පුද්ගලයන් කියනවා විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධව පමණයි කියලාග අගමැතිවරයාට විරුද්ධව එහෙම එකක් ගෙනෙන්නට බැහැ කියලා.
ආණ්ඩුවක් ඉවත් කරන්නට ව්‍යවස්ථාවේ අවස්ථා තුනක් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අගමැතිවරයාට එරෙහිව නැගී සිටියාට පසු කළ හැකි දෙයක් නැහැ.
2018 වසරේ රටේ ආර්ථීක වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ග1 ක් බවටත්, අවසන් කාර්තුවේ එය සියයට 1.3 ක බැස්මක් පැවැති බවටත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ පළකර තිබුණා.
ආණ්ඩුවේ බලපෑමක් මත මෙය වහාම වෙබ් අඩවියෙන් ඉවත් කරලා.
ආණ්ඩුව තම පැවැත්ම උදෙසා රටේ යථාර්ථයත් සත්‍යයත් වෙනස් කරන්නට උත්සාහ දරන ආකාරය එබඳුයි.
මේ අතර අයවැයෙන් පරිබාහිරව රජයේ ගාස්තු හිටිහැටියේ වැඩි කරනවාග ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩි කරලාග තව තවත් වක්‍ර බදු ජනතාව මත පැටවෙනවා.
ආණ්ඩුව සංහිඳියාව ගැන කතා කරනවාග රටේ ජන කොටස් අතර ප්‍රශ්න ඇති කරන සමාජ මාධ්‍ය ජාල පිළිබඳව කිසියම් මැදිහත්වීමක් සිදුකිරීම යුක්ති සහගතයි.
අලුත්ගම සිද්ධියේදී බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමි ඊට අදාළ උසිගැන්වීම් කළ බව කවුරුත් දන්නවාග ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැහැ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව රජයත් ජනතාවත් අතර ප්රතිවිරෝධය පෙන්නුම් කර තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක ඊට පිළියම් නොයොදා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරලාල තම ඡන්ද පදනම රැක ගන්න හදනවා.
කබල් අශ්වයෝ අයින් කරලා අලුත් අශ්වයෝ තෝරගන්නයි එම පක්ෂ නායකයෝ සූදානම් වන්නේ. දුර පනින්නට පුළුවන අශ්වයන් දානොගත්තොත් වැඩක් නැති වෙනවා.
පවතින ධනේශ්වර ක්‍රමයෙන් පිට පැනලා ජනතාවාදී පියවර අනුගමනය කරන්නට වෙන්නේ ඒ අශ්වයන්ටය.ප්‍රතිපත්ති වෙනස් නොකර තනතුරු වෙනස් වෙලා වැඩක් වෙන්නේ නැහැ.
ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණල සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ යන මහත්වරුද දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝද මෙහිදී අදහස් දැක්වූහ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ
Rohana Wednesday, 21 March 2018 05:42 AM
හොරුටික බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ
Chandra Friday, 23 March 2018 06:15 AM
රටත් ජනතාවත් බේරගන්න නම් රටම සුරා කාපු දේශපාලුවන් රටෙනුත් පන්නා දැමිය යුතුයි.