IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්දලා ඉදිරියට ගෙනියන්නේ එජාපයේ වැඩ පිළිවෙළයි

(***අමරසිරි රණසිංහ)
නාවික හමුදා සෙබළුන් කොරෝනා රෝගයට ගොදුරු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ ඌරගස්මංහන්දිය කයිලත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
සිල්වා මහතා මෙසේද පැවසීය.

ලංකාවේ හමුදාව හරියට ගමරාළගේ වංගෙඩිය වගේ. ලෝකයේ වැදගත් තැනක් හිමිකරගෙන තිබෙන අපේ රටේ හමුදාව ඕනෑම වර්ගයක යුද්ධයක් ආවම එයට ශක්තිමත්ව මුහුණ දී ජයග්‍රහණය කරනවා. ගංවතුර ඇවිත් ගෙවල් යට වුණාම හමුදාව ඇවිත් ජනතාව බේරා ගන්නවා. කඳු නාය යද්දී ඒ අය බේරාගන්න හමුදාව ඉදිරිපත් වෙනවා. එහෙත් ඇසට නොපෙනෙන වයිරසයක් එක්ක සටන් කරන්න හමුදාවට පුළුවන්ද? වෛරස් වලට තුවක්කු වලින් වෙඩි තියන්න බැහැ. වයිරස් රෝග මැඩලන්න දන්නෙ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පමණයි. මේ බැව් දැන දැනම ජනාධිපතිවරයා කොරෝනා මැඩලන්න හමුදාව යෙදෙව්වා.

ගම්වල ජනතාව සිතාගෙන ඉන්නෙ කොරෝනා පාලනය කළේ ගෝඨාභය ජනාධිපති කියල. ලංකාව කොරෝනා සාර්ථකව පාලනය කළ බව අපි පිළිගන්නවා. කොරෝනා පාලනය කිරීමේ වැඩි ගෞරවය හිමි වන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට. හමුදාව හා පොලීසිය යන අංශ ජනතාව නිරෝධායන කරවීමේ කටයුතු හොදින් ඉටු කළා. ඒ කාර්ය මණ්ඩල වල දැඩි කැපවීම හා ජනතාව ඉවසගෙන නිරෝධායනය වූ නිසා රටේ වාසනාවකට කොරෝනා පාලනය වුණා.

කොරෝනා පාලනය කළේ ජනාධිපතිතුමා බව කියමින් දැන් මහින්ද අයියට අගමැතිකම ලබාදෙන්න කියනවා. ජනාධිපතිවරණය වෙලාවේ රට ඉඳන් ඇවිත් ඡන්දය දුන් අය එදා රටවිරුවන් ලෙස නම් කළා. අද ඒ පිරිසෙන් වැඩි දෙනෙක් රස්සාවල් නැතිවෙලා ඉන්න හිටින්න තැනක් නැතිව දුක් විඳිනවා. එලෙස රැකියා අහිමි වූ 40,000 ක් අපේ රටට එන්න බැරිව සිටිනවා. අපි රජයට කිව්වා ඒ 40,000 ම ගෙන්වනවා නම් ජනතා විමුක්ති පෙරමුණ 20,000 ක් පිරිස බාර ගන්නවා බය නැතිව ඔවුන් ගෙන්වන්න කියලා. අද වනතුරු රජයෙන් ඊට පිළිතුරක් නැහැ.

අපේ රටේ බහුතරයක් ජනතාව මෙතෙක් තිබූ සෑම ඡන්දයකම ප්‍රතිඵල අහල ටික වෙලාවක් යද්දි ඡන්දය දිනපු සතුට නැතිව දුකින් ඉන්නවා. ජනතාවට පොරොන්දු දීල හදන ආණ්ඩු ටික දිනකින් ජනතා අපේක්ෂා අමතක කර දමනවා.

එක්සත් ජාතික පක්ෂයට නැවත ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. ඔවුන් මීට පෙර ආණ්ඩු බලය ගත්තා. ඔවුන් ඒ බලය අපතේ යැව්වා. ඡන්දය දුන් ජනතාව අමතක කර ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දැම්මා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට කලින් හොරු ආණ්ඩුව අල්ලා ගත්තා. ඉන් පස්සෙ මහ බැංකුවත් හොරකම් කළා. ආර්ථිකය කඩා බිඳ දමපු ඒ හොරු අල්ලන්න බැරිවුණ අය නැවත බලය ඉල්ලනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න පොහොට්ටුවට ඡන්දය ඉල්ලනවා. එයා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න යන්නේ යහපාලන රජයේ හිටපු කැබිනට් ඇමතිවරුන් 14ක් දැනටමත් එකතු කරගෙන. යහපාලන රජය කරපු වැරැදි වලට ඒ ඇමතිවරු 14 දෙනාත් වගකිව යුතුයි. මහින්ද මහත්තයා ඉදිරියට ගෙනියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙළමයි.

ගමේ ජනතාව නිල්, කොළ හා රතු වශයෙන් පිල්වලට බෙදිලා ඡන්දය දුන්නත් අන්තිමට මහින්ද මහත්තය ආණ්ඩුවක් හැදුවොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීලා කොටසක් ආණ්ඩුවට යනවා. රනිල් මහත්තයා හරි සජිත් මහත්තයා හරි ආණ්ඩුවක් හැදුවොත් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීලා ඒ ආණ්ඩුවට යනවා. ජනතා ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු මුදලට විකිණෙනවා.

යහපාලන රජය කරපු වැරැදිවලට භාගෙට භාගයක් වග කිවයුතු මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මහින්ද මහත්තයා එක්ක ඡන්දය ඉල්ලනවා. කරන ලද වැරැදිවලට හිරේ ඉන්න ඕනෑ කිහිපදෙනකුම මෙවරත් පාර්ලිමේන්තුවට තරග කරනවා.

ජනතාව කාට ඡන්දය දුන්නත් රට පාලනය කරල තියෙන්නේ එකම කණ්ඩායමක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව වෙනුවෙන් මෙතෙක් කලක් හඬක් නැගුවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පමණයි. ඒනිසා ජනතාව බුද්ධිමත්ව රට ගැන හිතලා ඡන්දය දෙනවා නම් ජනතාව තෝරා ගත යුත්තේ ජාතික ජන බලවේගය පමණයි.

රනිල් සජිත් දෙපිළකට බෙදිල ඡන්දය ඉල්ලුවත් ඒ දෙගොල්ල ළඟම තිබෙන්නේ එකම ප්‍රතිපත්තියක්. ඔවුන් දෙකට බෙදිල ඉන්නේ බල ලෝභයට පමණයි. එක්සත් ජාතික පාක්ෂිකයන් එම කණ්ඩායම් දෙකටම ඡන්දය දුන්නත් වැඩක් නෑ. ඒ මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් මහින්ද මහත්තය මුදලට ගන්නවා.
මහින්ද මහත්තයා මේ සැරේ ආණ්ඩුවක් හැදුවත් එයා හදන්නේ ජාතික ආණ්ඩුවක්. එයට හේතුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ඇමති මණ්ඩලය 30 කට සීමාකළ යුතුයි. මහින්ද මහත්තයට යාළුවෝ වැඩි නිසා එයාට අඩු තරමින් ඇමතිවරු අසූවක් හෝ අනූවක් පමණ අවශ්‍ය වෙනවා.

මැතිවරණය පෙනි පෙනීම මහින්ද අගමැතිවරයා භාණ්ඩ වර්ග 26 කට විශාල ලෙස බදු මුදල් වැඩි කළා. ඒ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර වර්ග වීම හේතුවෙන් ජනතාවගේ බඩට වැදුණා. රණවිරුගාය හොඳටම තිබෙන බව කියන රජය විවාහක හමුදා නිලධාරීන්ගේ ආහාර දීමනාවත් කපලා දැම්මා. විශ්‍රාමිකයන්ට 2015 වැඩිකරපු දීමනාවත් කපලා දැම්මා. මේ වාගේ කප්පාදු කිරීම් නවතා රජයේ නාස්තිය අඩුකර ගන්නවා නම් රජයට මුදල් ගැටලු ඇතිවන්නේ නැහැ.

පසුගිය කොරෝනා කාලයේ ජනතාව නිවෙස්වලට වී සිටින කාලයේ රජය ගල්කිස්ස මුහුදු වෙරළ ගොඩ කරන්න. රුපියල් මිලියන 890 ක් වැය කර ව්‍යාපෘතියක් දියත් කළා. මුහුදු වෙරළට වැලි පුරවල ආපහු හැරිල බලද්දි එක රැල්ලට රුපියල් මිලියන 890 ම මුහුදට ගහගෙන ගියා. දැන් ඒ අය කියනවා ව්‍යාපෘතිය අසාර්ථක නැහැ ගලකිස්ස මුහුදු වෙරළ ගොඩ කළේ‍ වැල්ලවත්ත මුහුදට ඒ වැලි පුරවන්න ඕන නිසා කියලා. කිසිම හිරිකිතක් නැතිව ඔවුන් ජනතාවට බොරු බේගල් කියනවා.
මේ වාගේ කිසිම වගකීමක් නැති රජයකට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් මොනවා වෙයිද කියලා අපට සිතාගන්නවත් බැරිවෙයි.
එම නිසා මේ වැරැදි දැක දැකත් අඳ ගොළු බිහිරි අය වාගේ මේ ආණ්ඩුවට ඡන්දය දුන්නොත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න කෙනෙක් නැතිව යනවා. එම නිසා ජනතාව මෙවර රට ගැන සිතලා මාලිමාව ලකුණෙන් ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගයට ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සභාවේ නියෝජිත පිරිසක් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (3)

මහින්දලා ඉදිරියට ගෙනියන්නේ එජාපයේ වැඩ පිළිවෙළයි

Raveendra Tuesday, 07 July 2020 01:11 PM

අනේ බලන්නකෝ කොතරම් වැදගත් සත්‍ය කතාවක්ද මේ රතු කියන්නේ හැබැට .??

:       0       6

asoka Tuesday, 07 July 2020 04:38 PM

රටක ආර්ථිකය අසාර්ථක වුනාම විවිධ ප්‍රශ්න ඇතිවුණාම රටෙ පාලකයන්ට පහර ගහන්න එඩිතර වන ජවිප රටක් සාර්ථක වුනාම සමත් වුනාම එ්ක දකින්න හොද කියන්න මෙතරම් කුහක ඇයි?

:       177       157

RaveendraTuesday, 07 July 2020 06:56 PM

හේතුව ඉතාමත්ම සරලයි.. සැමදා විපක්ෂයේ සිටින කුහකයින් විපක්ෂ අර්ථ කථනය මැනවින් ඉටුකරන දේශපාලන හිඟන්නන්ය.. විපක්ෂය යනු අප රටේ ඕනෑම දේකට විරුද්ධයි.. ගියවර මෙම දියව් දියව් සමාගමේ නිවටයන් 300% ලබා ගත්තත් මෙවර නම් 100%වත් ලබාගනු ඇතැයි කාට කිවහැකිද?

:       60       185

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 185 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1184 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site