IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මම රුපියල් 100 ක් වත් අරගෙන තිබුණ නම් මා සැකකරුවාත් අර්ජුන් රජයේ සාක්ෂිකරුවත් වෙනවා

අනීෂා මානගේ  

                            
නාමල් රාජපක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් සීයක් අරගෙන තිබුණා නම් යහපාලන ක්‍රමවේදය අනුව නාමල් රාජපක්ෂ සැකකරු වන බවත් අර්ජුන් ඇලෝසියස් රජයේ සාක්කිකරු වන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.


නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (25) විතාරන්දෙණිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. 


ජාතික මැතිවරණයක් කැදවන ලෙස රජයට බල කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.


එහිදී  මාධ්‍යවේදීන් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

 
නාමල් රාජපක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් සීයක් අරගෙන තිබුණා නම් මේ යහපාලන ක්‍රමවේදය අනුව නාමල් සැකකරු, අර්ජුන් ඇලෝසියස් මුදලාලි රජයේ සාක්කිකාරයා. අපිට ඇගිල්ල දික් කරපු අය අපිට හොරා කියපු අය ඇලෝසියස් මුදලාලිගේ අරක්කු බෙදීම පටන් අරගෙන. බෙදාහරින්නෙත් බලන කොට එයාලා. ඇලෝසියස් මුදලාලිගෙන් සල්ලි ගත්තු එක කොටසයි එළියට ඇවිත් තියෙන්නේ. තව මේ ආණ්ඩුව අපිට හොරා කිය කිය සුද්ධ කරපු බැංකු වගේම තවත් හොරකම් රාශියක් මේ රටේ තියෙනවා.

රටේ ජනතාවගේ සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාල කරලා රාජපක්ෂලාට හොරා කිය කිය ගිය ආණ්ඩුව අද හොරා කියල ඔප්පු වෙලා තියෙනවා. ඇලෝෂියස් මුදලාලිගෙන් මමත් සල්ලි අරන් තියෙනවා නම් මමත් සීඅයීඩීයට දාලා මමත් නාමල් රාජපක්ෂවත් අත්අඩංගුවට ගන්න. මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි.

සල්ලි ගත්තු අය තාම එලියේ ඉන්නවා. මට කෝල් අටසීයක් දුන්නා නම් දීපු සල්ලි තියෙනවා නම් ඒවා හොයාගෙන මාව හිරේ දාන්න. හැබැයි අර සල්ලි ගත්තු අයත් හිරේ දාන්න. එතකොට අපි තුන්හතරම එකට ඉන්නම්. එතකොට හරිනේ වැඩේ. 
 



අදහස් (8)

මම රුපියල් 100 ක් වත් අරගෙන තිබුණ නම් මා සැකකරුවාත් අර්ජුන් රජයේ සාක්ෂිකරුවත් වෙනවා

chathuri Monday, 25 June 2018 02:08 PM

ඇලෝසියස්ලාගෙන් ඉල්ලන් කන්න වුවමනා නැහැ. රජ කමයි. මුදල් ඇමතිකමයි දෙකම කෙරුවේ. මහ බැංකුව හිස් වෙනකම් මුළු පවුලම රජ සැප වින්දා. නූගතුන් ටික එකතුවෙලා රට විනාශ කෙරුවා.

:       18       146

Chanak Los angeles Monday, 25 June 2018 10:48 PM

ගොනාගෙ ශරීරය වැඩුනට මොලය වැඩෙන්නේ නැත .

:       14       282

pj Monday, 25 June 2018 10:57 PM

මොනවටද ඇලොසියෙස් ලාගෙන් රුපියල් 100ක් ගන්නේ. මේගොල්ලෝ තනියෙන් ගහපුවා පරම්පරා 100 කට ඇති.

:       69       281

Saththaya Tuesday, 26 June 2018 02:29 AM

මෙවැනි අහිංසක අයව මේ ලෝකෙන්වත් හොයාගන්න පුලුවන්ද ? මෙවැනි අයට එක එක කතා කියන අයට හොදක් වෙන්නේ නම් නැහැ .

:       12       341

d.upul Tuesday, 26 June 2018 05:01 AM

එතකොට දැන් නඩු කියන ඉස්සර අරගත්තයි කියන දේවල්.

:       3       11

Shan Tuesday, 26 June 2018 06:07 AM

අර්ජුන ම ඕන නෑ. මෙයාල කෝටි ගණන් හොරකම් කලේ නෑ වගේ දැන් කතාව.

:       12       140

kalani Thursday, 28 June 2018 08:27 AM

මුල්‍ය අවභාවිතා පිලිබඳ නඩු කියක් ඔබට එරහිව උසාවිවල තිබෙනවාද? නොදන්නා නිසයි අහන්නේ.

:       0       104

rohana Saturday, 30 June 2018 10:42 AM

අනේ අපේ නාමල් බේබිට මොකුත් කියන්න එපා එයා පව්. කවදාවත් කිසිම වැරද්දක් කරලා නැහැ. නිධන් අරන් නැහැ සල්ලි වංචා කරලා නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 175 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 958 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3692 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site