IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්‍ෂණය නීතියේ ස්වාධිපත්‍යයයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍ය වුවත් විධායක හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවක් දැන් උදා වී ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා ඉවත් කිරීමට ගන්නා උත්සාහයට අප එරෙහි විය යුත්තේ ඒ නිසා යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන බවට පොරොන්දු වෙමිනි. මැතිවරණ කල් දමමින් ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකර ඇත. සොරකම් නොකරන බවට වූ පොරොන්දුව එදා මෙදා තුර ලොකුම වංචාව වන බැඳුම්කර වංචාව කරමින් ඉටු කළේය. එසේම නීතියේ ආධිපත්‍ය සුරකින බවට වූ පොරොන්දුව ද මේ වන විට පියවරින් පියවර ඉටුකරමින් සිටින අන්දම අපට පෙනී ගොස් තිබේ.

ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකරන්නට පටන් ගත්තේ නීති විරෝධී අන්දමට අගවිනිසුරුවරයා ඉවත් කරමිනි. දැන් රට හමුවේ උදා වී ඇත්තේ එකී ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවයි. දැන් ඔවුන් සූදානම් වන්නේ අධිකරණ අමාත්‍යවරයා එම තනතුරින් එළවා දමන්නටය. ඒ සඳහා විධායකයේ ද අනුමැතිය ආශිර්වාදය ලැබී තිබේ. ආණ්ඩුවේ ඇතැම් බත්බැලයන් පසුගිය දින කිහිපයක් තිස්සේ අධිකරණ අමාත්‍යවරයාට බැණ අඬගසමින් සිටින්නේ ඊට අනුවය.

ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තීන්දුව කලින්ම ගෙන චූදිතයන් බෙල්ලෙන් අල්ලා දඬුවම් දෙන වන්ෂොට් පන්නයේ අමාත්‍යවරයෙකි. ලොව කුමන හෝ තැනක නොමැති අන්දමට එක් පවුලකට එරෙහි නඩු විභාග කිරීම සඳහා පමණක් අධිකරණ පිහිටුවීම වැනි නෛතික නොවන යෝජනා ඉදිරිපත් වන්නේ ඒ අනුවය. එමඟින් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ දේශපාලනිකව පරාජය කළ නොහැකි තම ප‍්‍රතිවාදීන් -කෙසේ හෝ” මර්දනය කිරීමටය. එසේ කොට ආණ්ඩුවට කඬේ යමින් සිටින එන්.ජී. ඕ. නඩයේ ද ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ ද මන දොළ සපුරාලන්නටය.

මෙවැනි මර්දනකාරී, නීති විරෝධී ක‍්‍රියාමාර්ග මඟින් අගතියට පත්වන්නේ රාජපක්ෂ පවුල හා ඒකාබද්ධ විපක්ෂය පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි නීතිවිරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් යම් දිනක මේ රටේ  ඕනෑම අයකුට එරෙහිව භාවිත නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍යයයි. දැන් උදා වී ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ දරන අවස්ථාවකි. අධිකරණ අමාත්‍යවරයා ඉවත් කිරීමට අප එරෙහි විය යුත්තේ ඒ නිසාය.

ඒ නිසා මේ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යයට මුවා වී ආණ්ඩුව ගෙනයන මේ නීති විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සදාචාරවත් නොවන ක‍්‍රියාමාර්ගයන් පරාජයට පත් කිරීම සඳහා එක්වන ලෙස නීති කේෂත‍්‍රයේ සියලූම දෙනාගෙන් මෙන්ම නීතිගරුක සියලූ පුරවැසියන්ගෙන් ද අපි ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.



අදහස් (18)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්‍ෂණය නීතියේ ස්වාධිපත්‍යයයි

mahee Tuesday, 22 August 2017 06:18 AM

මේ කතා කරන්නේ කටින්ද කියල හිතා ගන්නත් අමාරුයි. මෙයා හීනෙන්වත් අහල තියෙනවද මන්ද නීතියේ ආධිපත්‍යය කියන්නේ මොකක්ද කියල.

:       233       308

jai Tuesday, 22 August 2017 07:40 AM

ඔබ ඉපදී ඇත්තේ 2015 ජනවාරි 08 වෙනිදාට පස්සේ වගේ මට තේරෙන්නේ.

:       0       0

ranavi Tuesday, 22 August 2017 08:02 AM

නීති විශාරද රටේ නීතිය පිළිබඳව දේශනා කරනවා.

:       0       0

chutta Tuesday, 22 August 2017 10:16 PM

අර මනුස්සයකුට කුණුහරපයෙන් බනින විට, තර්ජනය කරනවිට කොහෙද නීතිය තිබුණේ?

:       0       0

SUMUDU Tuesday, 22 August 2017 11:03 PM

ඒ කියන්නේ තිබුණේ එහෙම ආණ්ඩුවක් නෙමෙයි කියලා පිළිගන්නවා?

:       0       0

rohana Wednesday, 23 August 2017 03:30 AM

නීතියේ ස්වාධිපත්‍ය ගැන මහින්ද රාජපක්ස මහතය්ගෙන් අහන්න.

:       26       239

latha Wednesday, 23 August 2017 03:39 AM

හොඳම උදාහරණ වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ සහ ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සම්බන්දව කටයුතු කල ආකාරය වෙයි.

:       163       371

piyalFriday, 25 August 2017 05:47 AM

ශිරානි බණ්ඩාරනායක මැතිණියගේ අදාළ ගිණුම් පරීක්ෂාවට එම විදෙස් බැංකුව අති විශාල මුදලක් වැයවෙන බව උසාවියට කිව්වා. ඒ නඩුව ගොඩදාගත්තෙ ඒ විදියට. නීතිය දන්නා උදවිය නීතියේ සිදුරු අස්සෙන් රිංගන්න දන්නවා. සරත් ෆොන්සේකා මහතාගේ රුපියල් මිලියන අටසීයක් නඩු භාණ්ඩ වශයෙන් තිබෙන බවටත්, එය ලබා දෙනලෙස තමාට බලපෑම් කල බවත් හිටපු අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කළා. මොනවද ලතා ඔබ ඔය කියන කතා...

:       74       0

parakkrama Wednesday, 23 August 2017 01:12 PM

තමුන් බලයේ සිටි කාලයේ තමුන් ඇතුළුව බල පුළුවන්කාරයින් සහ හෙන්චයියන් පොකුරු පිටින් කළ වංචා, දුෂණ, සල්ලාලකම් ,අල්ලස් ගැනිලි, මැරකම් ,මිනී මැරුම් ගැනත් ; ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට, ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව අති ගෞරවනීයව හා ප්‍රජාතන්ත්‍රවාදීව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවූ අකාරය ගැනත් අමතක වීමට මෙරට ජනතාව මැරී ඉපදුණා හෝ නින්දෙන් අවදි වුණා හෝ නොවේ නේද? විද්‍යුත් මාධ්‍යයෙන් ඒ කෙරුවාවන්ට අදාළ දර්ශන වරින් වර පෙන්නන්නේත් මාධ්‍ය නිදහස එදාට වඩා අද තිබෙන නිසා නේද? ගොඩ යෑමේ එකම අරමුණ ඇතිව දැන් මඩගොහොරුවක වැටී සිටින ඒකාබද්ධ කල්ලියක් මෙසේ කෑගහන්නේ ඇයි කියා මේ රටේ බහුතරයක් හොඳ අවබෝධයෙන් සිටිති. ඩීල්දාසවත් බේරා ගන්න තිබුණා නම්...?

:       0       0

karunakaththna Wednesday, 23 August 2017 02:02 PM

නීතියේ ස්වාධිපත්‍යය කියන්නේ.. තමන්ගේ බලපුළුවන් කාරකම් පෙන්වලා තර්ජනය කරලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කොල්ලකා ගැනීමද? ලැජ්ජයි...

:       0       0

Rohitha Wednesday, 23 August 2017 03:16 PM

ලංකාවේ ම්නුස්සු මැරිලා ඉපදිලා නෑ. ශිරාණි බණ්ඩාරනායක මැතිණිය සහ සරත් ෆොන්සේකා මහතා ඉවත් කරපු කාලේ මෙයා නම් මැරිලා තමා ඉඳලා තියන්නේ...

:       0       0

somapala Wednesday, 23 August 2017 11:57 PM

ඊයෙත් මිලියන් හැටක හොරකමට උසාවියට නොගිය මේය් මිනිහා නීතිය ගැන කතාකරන එක අසුචි වල ඉන්න පනුවා අනිත් අය ගඳය කියනවා වගෙය්.

:       0       1

duminda Friday, 25 August 2017 06:02 AM

නැහැ එ්කට හරියටම සුදුසු කාගෙවත් සත පහක් ගැන දන්නෙත් නැහැ. දැක්කෙත් නැහැ කියලා නඩු වැටිලා කෙළවෙන්න යනකොට හොරෙන්ම "අනේ හාමුදුරුවනේ මම ඕස්ට්‍රේලියන් කාරයාගේ කොටස් ටික හොරෙන්ම ධම්මික පෙරේරාට විකුණා ගත්තා. හැබැයි සල්ලි වලට වෙච්චදේ.. කරපුදේ නම් මතක නැහැ" කියල දිවුරුම් ප්‍රකාශ දෙන්න කෙනෙකුට වුණා. මෙයා හැම වෙලේම කියවනවා වගේ ගොබෙල්ස් නියමය ඉහලින්ම භාවිතාකරන්නේ මේවම තමයි.

:       0       186

Chandra Saturday, 26 August 2017 02:33 AM

ලක් පොලවට උපන් ලැජ්ජාවක් කියන එක දන්නේ නැති කෙනෙක් . හිනා වෙනකොටම පැහැදිලිය් .

:       0       0

de silva Sunday, 27 August 2017 01:42 PM

අපරාදේ ඔබතුමාත් කොටස්කාරයෙක් වෙලා හිටපු රජතුමාගේ ආණ්ඩුව තිබුණු කාලේ මේ නීතියේ ස්වාධිපත්‍ය වැනි සියලු දෙයක්ම හොඳට තිබුණනේ? ඒ කාලේ එක මැරයෙක්වත් සිටියේ නැහැ. ජීවන වියදමත් ඉතා අඩුවට තිබුනේ, මාධ්‍යවේදීන්ට කිසිම කරදරයක් තිබුනේ නැහැ. රූපවාහිනී සංස්ථාවට දේශපාලකයෝ කඩා වැදුනෙත් නැහැ. ඉස්සර වැරදි කරපු රාජ්‍ය නිලධාරියෝ ගස් බැඳ ගත්තේ සිය කැමැත්තෙන්මයි. අැමැති පුත්තු වුණත් හැසිරුනේ හරිම විනය ගරුක ලෙසයි.සයිටම් වගේ ඒවා තිබුණත් දොස්තර සංගම් ශිෂ්‍යයෝ උද්ඝෝෂණ වර්ජන කළෙත් නැහැ. බයකට එහෙම නෙවේ. ඒ ගොල්ලන් සියලුදෙනාම සතුටෙන් සිටිය නිසා, දැන් තමයි මේ ඔක්කොම කරදර .....

:       0       0

sathyayaa Sunday, 27 August 2017 09:06 PM

මේ වාක්‍යය ඔබ දැනට වසර 4 කට පමණ උඩදී කිව්වා නම් ඔබේ වටිනාකම කියල නිම කරන්න බැහැ.

:       0       0

Nimal Monday, 28 August 2017 01:07 AM

අතීතය අමතක වෙලා. මේ අයව පාර්ලිමේන්තුවට ගෙනෙන අපේ අයට අබ සරණ, රටටත්, අපටත් දෙවි පිහිට පතමු.

:       0       0

sathyayaa Monday, 28 August 2017 11:23 PM

ගිය ආණ්ඩුව කාලේ ඔබ නඩයක් එක්ක ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙද්දී ගමන් මලු 17ක අරන් ගියේ මොනවාද කියල මිනිස්සු තවමත් කසු කුසු ගානවා. බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියල කිව්වට ප්‍රශ්නය තියෙන්නේ කොයි එකාද බලල කොයි එකාද මැක්කා කියල හොයා ගන්න බැරි එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 180 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1182 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 961 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site