නාලක සංජීව දහනායක
මැතිවරණ වලට බිය නැත්නම් අලූත් හෝ පැරණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමති ඕනෑම ආකාරයකට මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදයේ නමින් බලයට ආ රනිල්-මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළු දිය පහවන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
අද රට පාලනය කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම ආණ්ඩුව බවට කතා දෙකක් නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු තුනක් යනකොට රට හැමපැත්තකින්ම විනාශ වුණා. ආර්ථිකය, සංවර්ධනය, ආරක්ෂාව වගේ හැම අංශයකින්ම රට පහළට වැටුණේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අසාර්ථකකම නිසයි.
මේ ආණ්ඩුව බලයට ආවේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, මානව අයිතිය ගැන ලොකු ලොකු කතා කියමිනුයි. එදා ඒ කිව්ව යහපාලනය අද ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන්න අරගෙන. ප්රජාතන්ත්රවාදය කොයිතරම්ද කියනවා නම් ඡන්ද කිව්ව ගමන් ආණ්ඩුවේ කකුල් ගැහෙන්න ගන්නවා. සුළුදිය පහවෙනවා.
පළාත් පාලන ආයතන ඡන්දය අවුරුදු දෙකක් කල්දැම්මා. අන්තිමට ඡන්දය තිබ්බේ රටෙන් ආපු බලපෑම තවදුරටත් ඉවසන්න බැරි තැනයි. දැන් පළාත් පාලන ඡන්දය කල්දාන්න පටන් අරගෙන තියෙනවා. පළාත් සභා තුනක කාලය ඉවර වෙලා මේ සැප්තැම්බර් මාසයට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. හැබැයි තාම ඡන්දය තියන්න උනන්දුවක් නැහැ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක්
kalani Wednesday, 11 July 2018 03:23 AM
අපේ රට ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව යහ පාලනය නොවෙයි. දොන් ජුවන් ධර්මපාල, ලීලාවතී රැජින, ආදී කොපමණ සංඛාවක් සිටියද?
Chanak Los angeles Wednesday, 11 July 2018 04:54 AM
දේශපාලකයෝ රටේ සම්පත් හොරකම් කරගෙන දියුණු වෙලයි ඉන්නේ. දැන් ජනතාව දියුණු විය යුතුයි.ඒක නිසා රටේ ජනතාව ආර්ථික වශයෙන් නැගිට ගන්න තුරු ඡන්ද තියන්න අවශ්‍ය නැහැ ..