IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පසුගිය රජයේ දූෂණ වලටත් නීතිය එක ලෙසම - මන්ත්‍රී කාවින්ද

ඩයනා උදයංගනී
 
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති ඇතුළු පිරිස මෙන්ම  බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් චෝදනා කර ඇති 34 දෙනා සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
 
මේ වන විට රටේ අධිකරණයට හෝ වෙනත් කිසිම ආයතනයකට බලපෑමක් එල්ල නොවන බැවින් හා නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙමින් පවතින බැවින් කිසිවෙකුත් ඒ සම්බන්ධව අබමල් රේණුවක තරම්වත් සැකයක් තබාගත යුතු නැතැයිද මන්ත‍්‍ර‍්‍රීවරයා සඳහන් කළේය.
 
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
පාර්ලිමේන්තුවේදී හෙට (6)  පැවැත්වෙන බැඳුම්කර හා බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ  විවාදයට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (3)

පසුගිය රජයේ දූෂණ වලටත් නීතිය එක ලෙසම - මන්ත්‍රී කාවින්ද

prakaash Monday, 05 February 2018 11:33 AM

බැඳුම්කර හොරු සමග සිටියා නේද? මන්ත්‍රීකමට එන්න කලින් පොලිස්නිලධාරියෙකුට ගැහුවෙත් මෙයාගේ තාත්තගේ බලය පෙන්නලා තමයි.

:       0       111

Sathyayaa Wednesday, 07 February 2018 08:49 PM

අපරාධයක් පිලිබඳ පොලිසිය වෘත්තීකයින් වශයෙන් සොයා ගන්නා කරුණු මත පදනම් වූ වාර්තා සහ අපරාධකාරී දේශපාලකයා දරන මතය අතර ඇති පැහැදිලි වෙනස දැකිය හැක්කේ බුද්ධියක් තියෙන මිනිසුන්ට පමණයි. නීතිඥයා යනු මුදලට මිනී නොමරා මිනී මරණ පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙක් හෝ කිසියම් පක්ෂයක ගැත්තෙක් වූ විට තත්වය තවත් භයානක වෙනවා. එවිට ඔහුගේ රාජකාරිය ඇත්ත බොරුව කිරීමත්, බොරුව ඇත්ත කිරීමත්ය.

:       0       8

Sathyayaa Wednesday, 07 February 2018 09:00 PM

දැනට වසර 15 කට පමණ ඉහත කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තාප්පයක කුණු හරුපයක් ලියමින් සිටි කොලු ගැටයෙක් ව කුරුඳුවත්තේ පොලිසියේ රාළහාමි කෙනෙක් විසින් අල්ලාගනු ලැබුවා. කළ කැත වැඩය ගැන ප්‍රශ්න කිරීම ගැන උරණවූ කොලු ගැටයා රාළහාමිට "තෝ දැනගනින් මම අහවල් ඇමති තුමාගේ පුතා" කියන වචන ටික කටින් කියා ඉතුරු ටික අතින් ඉවර කළා. රාළහාමිට කටේ දතක් අහිමි වුනා කොලු පුන්ච හිටපු පාලකයාගේ ත් ආශීර්වාදය මැද තාවකාලිකව රටෙන් පලා ගියා. මෙය ටෙලිනාට්‍යයක කොටසක් නොව අපේ කාලයේ සජීවී විකාශනයක් පමණයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 64 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 900 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2300 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site