IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන කසිප්පු සිගරට් බීමයි

(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලු කටයුතු දීපව්‍යාප්තව සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. 

පොළොන්නරුව නවනගරයේ පිහිටි රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් දිවුරුම්දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

පොළොන්නරුව මහ නගර සභාව, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ඇතුළුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 08ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරඟ කර ජයග්‍රහණය හිමිකර ගත් පළාත් පාලන ආයතන නියෝජිතයන් 58 දෙනකු එහිදී දිවුරුම් දුන් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
“මහත්මා ගාන්ධි” කෘතිය සහ නෙල්සන් මැන්ඩෙලා ස්වයං චරිතාපදානය වූ “ආදරණීය මැන්ඩෙලා” කෘතියද නව මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.

පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු අද උත්සවාකාරයෙන් සුබ මොහොතින් දිවුරුම් දෙන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ජනාධිපතිවරයකු ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාව ලබා ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු වශයෙන් පත්වූ ඔබ වාසනාවන්තවී තිබෙනවා. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන හතරෙන් පක්ෂයට 50% ට වඩා ඡන්ද ලැබුණේ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව පමණයි. පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ 50% ට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලැබී තිබෙන නිසා මැතිවරණ කොමසාරිස්තුමාගේ මැතිවරණ නීතිය යටතේම පක්ෂයට අවස්ථාව ලැබුණා සභාපතිවරයා නම් කිරීමට. ඒ අනුව අපි පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා විදියට ප්‍රේමසිරි මුණසිංහ මහත්මයාව පත්කරනු ලැබුවේ. ඔබේ මහජන සේවාව ඉතාමත් අවංකව, කැපවීමෙන් මානුෂීය ලෙස දේශපාලන පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඔබට සියලු ආකාරයෙන් ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියා මම ආශිර්වාද කරනවා. පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණය කොමිසම විසින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඇතැම් පෞද්ගලික විද්‍යුත් නාලිකා ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවා. එමෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන මැතිවරණ සංඛ්‍යාත්මකව ප්‍රතිශතයන් ඒ අය විසින් සකස් කරලා රටේ ජනතාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒත් නිවැරදි ලෙස මැතිවරණ ප්‍රතිඵලය එක් එක් දේශපාලන පක්ෂ ලබා ගත් ප්‍රතිශතයන් නිසි ලෙස ගණනය කිරීමේදී ඇති වූ ප්‍රතිඵලය පැහැදිලිව පෙන්නුම් කරන්නේ, කවුරුන් කෙසේ ජයග්‍රහණය පිළිබඳව උද්දාමවී කටයුතු කළත් තරග කළ කිසිදු දේශපාලන පක්ෂයකට රටේ ඡන්ද දායකයන්ගෙන් 40% ක් ඡන්ද ලබා ගැනීමට පුළුවන් වී නැහැ. සත්‍ය තත්ත්වය එයයි. මැතිවරණ කොමිසම නිල නිවේදනය නිකුත් කිරීමට පෙර පෞද්ගලික නාලිකා මැතිවරණ ප්‍රතිඵල විකෘති කරලා රටේ මහජනතාවට පෙන්නුවා. එමෙන්ම ෆේස්බුක්, වෙබ් සයිට් හරහා මැතිවරණ ප්‍රතිඵල විකෘති කොට පෙන්වන තත්ත්වයන් ඇති කළා.

ඒ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පළාත් පාලන අමාත්‍යාංශයටත් අපේ මාධ්‍ය ආයතනයටත් මම උපදෙස් දුන්නා, නිවැරදි ලෙස මැතිවරණ ප්‍රතිඵලය ගණනය කර ප්‍රතිශතය පෙන්වීම සකස් කර දෙන්න කියා. ඒ තුළ කිසිදු දේශපාලන පක්ෂයකට භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන් 40% ක් ලබා ගැනීමට පුළුවන්වී නැහැ. වැඩිම ප්‍රාදේශීය සභා  සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය ලබාගෙන තිබෙන්නෙත් 40% ට අඩුවෙන් බව අමතක කරන්න එපා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලය රටේ ජාතික දේශපාලනය ඉදිරි අනාගතය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් එක් එක් පුද්ගලයන් තමාට වාසි සහගත ලෙස මෙය විග්‍රහ කරනු ලබනවා. 

ඇතැම් අය මහා විශිෂ්ට ජයග්‍රහණය කළා කියා උඩ පනින නිසා අපි මෙහි නිවැරදි ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ගණනය කළා. මේ මැතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද ප්‍රතිඵලයට ගණනය කිරීමේදී ලැබුණු තත්ත්වය වන්නේ, වැඩිම ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කර තිබෙන දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිවෙන්නේ මන්ත්‍රී ධුර 102 යි. 

මේ මැතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක් වූවානම් ආණ්ඩුවක් පිහිටුවීමේ බලයක් කිසිම දේශපාලන පක්ෂයකට ලැබී නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113 ක් අඩු වශයෙන් තිබිය යුතුයි යම් දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් හදන්න. අපි ලකුණු හතරකින් දිවයින පුරා තරග කෙරුවා. අත ලකුණ, බුලත් කොළය, කුකුළා ලකුණ, අශ්වයා. මේ ලකුණු හතරම සන්ධානයක් විදියට එකඟත්වයට ඇවිල්ලා තරග කළේ. ඒ ලකුණු හතරට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 17 ට වැඩියි.

එය ප්‍රතිශතයක් විදියට ගත් විට භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන් 15% ට ආසන්නයි. අපට ලැබුණු ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලයක් හා සංසන්දනය කිරීමේදී අපි ලබාගෙන තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 30 ක්. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරීපත් වූවා නම් වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට අපේ සහයෝගයක් නොමැතිව ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවකු නොසන්සුන් විය යුතු නැහැ. අනවශ්‍ය විදියට මේ පිළිබඳව උද්දාමයට පත් විය යුතු නැහැ.

පළාත් පාලන මැතිවරණයකට වඩා රටේ ඡන්ද දායකයා වෙනස් ආකාරයකට හිතන්නේ. ජාතික දේශපාලනයේදී ඡන්දය භාවිතා කරන්නෙත් වෙනස් ආකාරයට, පළාත් පාලන මැතිවරණයට වඩා. මේ මැතිවරණ ප්‍රතිඵල පදනම් කරගෙන අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපට ලැබුණු ඡන්ද ලක්ෂ 17 ප්‍රතිශතයක් විදියට 15% ආසන්න සංඛ්‍යාව පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේදී ජයග්‍රහණයක් ලබන්නට පැහැදිලිව අපි පක්ෂ, සංවිධාන ශක්තිමත් කරන බව මම සියලු දෙනාට සඳහන් කරන්නට ඕනෑ. 

අපේ රටේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ඉතිහාසය ඔබ දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වෙනත් දේශපාලන පක්ෂ ඇතැම් වේලාවට ඉතා අඩුවෙන් ප්‍රතිඵල ලබා පරාජයට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1977 පාර්ලිමේන්තුවේ ආසන 07 යි ලැබුණේ. ඒත් පසුකාලීනව අපිට හැකි වුණා ආණ්ඩු හදන්න. එක්සත් ජාතික පක්ෂය 1970 මැතිවරණයේදී ආසන 7, 8 ක් ලබා තිබුණේ. මැතිවරණ ප්‍රතිඵලයන් සමග දේශපාලන පක්ෂ නැවත ප්‍රතිසංවිධානය වීමත් මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කරමින් වාසිසහගතව හෝ අවාසිසහගතව ප්‍රතිඵල ඇති වුණේ ඇයි යන කාරණා සමග නිවැරැදි ලෙස දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කිරීම පක්ෂවල ක්‍රියාකාරීන් සැමවිටම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් විදියට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු කිසිදු අඩුවක් නොමැතිව රට වශයෙන් දීපව්‍යාප්තව ඉටු කරනවා. 

ගිය සතිය වන විට පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරු පත්වුණා. අද සිට ඉදිරි දවස් දහයක් වැනි කාලය තුළ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු පත් කරනවා. මේ පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් දැනටම පෙනී යන කාරණයක් වන්නේ, තමාගේ දේශපාලන පක්ෂවල අනන්‍යතාව ජයග්‍රහණය තබන්න ජනතාව ලබා දුන් සහයෝගය අමතක කරලා, පෞද්ගලික වාසි තකා ඡන්ද භාවිතා කරන්න පටන්ගෙන තිබෙනවා. මැතිවරණ ව්‍යාපාරය තුළ තරග කළ සෑම අපේක්ෂකයකුම සියලු දේශපාලන පක්ෂවල රටේ දූෂණය, වංචාව, නාස්තිය පිළිබඳව කොතෙක් කතා කරන්න ඇතිද? දූෂණයට විරුද්ධව හොරකමට විරුද්ධව කොච්චර කතා කරන්න ඇත්ද? මහජන දේපළ, වත්කම් ආරක්ෂා කිරීමට මහජන දේපළ අවභාවිතයෙන් වළකිනවා කියන එකට අදාළව කොච්චර කතා කරන්න ඇත්ද? ඒත් ආරම්භයේදීම පෙන්නුම් කරලා තිබෙනවා ඒ කතා කරපු සියල්ල සමහර අයට අමතක වී තිබෙන බව.

ආයතනවල බලය පිහිටුවීමේදී හැම පක්ෂයකම අය සභාපතිවරු, නගරාධිපතිවරු පත් කිරීමේදී ඒ පත් වූ මන්ත්‍රීවරු තමන්ට අපේක්ෂකත්වය දුන්න ඒ දේශපාලන පක්ෂ අමතක කරලා කටයුතු කරන්න පටන් අරන් තිබෙනවා. ඉදිරි දවස් දහයක කාලය තුළ මම හිතන්නේ බොහෝ දේශපාලන පක්ෂ ඒ අයට පාඩමක් පෙන්නුම් කරයි. ඒ අයගේ හැසිරීම පිළිබඳව නම් කනගාටුවෙන් වුණත් කියන්නට ඕනෑ. මැතිවරණ ව්‍යාපාරයකට ඉදිරිපත් වෙන්නේ, අපේක්ෂකත්වය ලබා ගන්නේ මොනතරම් අමාරුවෙන්ද? ජයග්‍රහණය කරන්නේ මොනතරම් අමාරුවෙන්ද? පාර්ලිමේන්තුවට පත් වෙන අයගෙනුත් පළවෙනි මාස 03, මාස 06 පාර්ලිමේන්තුවට යනවා.

ඊට පස්සේ පාර්ලිමේන්තුව අමතක වෙනවා. පාර්ලිමේන්තුව තිබෙන්නේ දවස් අටයි. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ දවස් අටවත් සහභාගි වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතනවල දැකලා තිබෙන දෙයක් තමයි කුමන දේශපාලන පක්ෂය වුවත් අඩු වශයෙන් මාසික රැස්වීමටවත් සහභාගි වෙන්නේ නැහැ. වෙලාවට යන්නේ නැහැ. අඩුතරමින් ඒ වගකීම්වත් හරිහැටියට ඉෂ්ට කරන්නේ නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි අනාගත සංවර්ධනය වගේම ඉදිරි යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා විශේෂයෙන්ම හැදිච්චකම, සීලාචාරකම, විනය, හික්මීම ඉතාමත් වැදගත් වෙනවා.

ඉදිරි පළාත් පාලන ආයතනවල කටයුතු කරන විට සභාවේ හැසිරීම, සභාවේ කතා කරන විදිය, සභාවේ සාකච්ඡා කළ යුතු ආකාරය ඒ සියලු දේ වඩාත් ගුණ යහපත් ලෙස චරිතවත් ලෙස ආචාරශීලී ලෙස කිරීම ඔබ සෑම කෙනෙකුගේම වගකීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වැරදි විදියට හැසිරුණොත් ඒවා මාධ්‍ය තුළ පළ වුණොත් ඒකෙන් පක්ෂයට විශාල අගෞරවයක් සිද්ධ වෙනවා. ඡන්දය දුන්න ජනතාවට අගෞරවයක් තමන් ඡන්දය දුන්න කෙනෙක් නේද මේ විදියට හැසිරෙන්නේ කියලා. 

මම මුලිනුත් කියලා තියෙනවා පළවෙනි දේ තමයි මත්ද්‍රව්‍යවලින් ඈත් වෙන එක. සිගරට්, අරක්කුවලින් ඈත් වුණු මන්ත්‍රීවරයෙකුට හොඳ අනාගතයක් තිබෙනවා. අරක්කු බොනවා නම් කසිප්පු ගහනවා නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒකෙන්ම තමනුත් ඉවර වෙන බව අමතක කරන්නට එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ජනතාව ප්‍රතික්ෂේප කරනවා. අරක්කුවලින් කසිප්පුවලින් ජනතාව දිනා ගන්න බැහැ. අරක්කු කසිප්පු බිව්වට පස්සේ තමන් කරන වැරදි මොනවද කියලා තමන්ම දන්නේ නැහැ. වැරදිවලට පෙලඹෙන්න පළවෙනි තැන වෙන්නේ ඔතන තමයි.

ඊට පස්සේ තමන් කළේ මොනවද? තමන් කතා කරන්නේ මොනවද? තමන්ගේ කටින් පිට වෙන්නේ මොනවද? ඒ සියලු දේවල් සෑම කෙනෙකුටම අමතක වෙනවා. ඒ නිසා  මේ පත්වෙලා ඉන්න සෑම මන්ත්‍රීවරයෙක්ම සිගරට් එකක් හරි බොනවා නම් ආත්ම ශක්තියක් තියනවා නම් පිට කොන්දක් තියනවා නම් ආත්ම ධෛර්යයක් තිබෙනවා නම් අද දිවුරුම් දෙන දවසේ ඉඳලා ඒවායින් ඉවත් වෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මහජනයාටත් හොඳයි, තමන්ටත් හොඳයි. රටටත් හොඳයි. යැයිද ජනාධිපතිවරයා කීවේය.

 



අදහස් (4)

දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන කසිප්පු සිගරට් බීමයි

Chandra Tuesday, 27 March 2018 03:14 PM

දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන පක්ෂ පාට බලා රට අගාදයට ඇද දැමීමයි.

:       0       212

Raveendra Wednesday, 28 March 2018 02:45 AM

අම්මපා.....කසිප්පු සිගරට් බීමයි නිසා ඔය කියන හතරට ගැන ගන්න බැරි තොත්ත බබාලා ටික එසේ නොකරන්නේ නම් මොනතරම් අවංකව රටේ දියුණුව වෙනුවෙන් වැඩ කරයි ද ??? අනේ අපේ කට.............

:       0       109

PINPAPPA Saturday, 07 April 2018 01:36 PM

මෛත්‍රිප‍ාල නොහොත් ජුදාස්...

:       0       0

sam Sunday, 08 April 2018 01:02 AM

නැහැ නැහැ බොරු පොරොන්දු දීල බලේ අරගෙන ජනතාවට කොකා පෙන්නන එකයි. ඔයා කලෙත් ඒකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 137 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1176 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1623 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site