IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඩිලාන් එජාපයට අනතුරු අඟවයි


(පාලිත ආරියවංශ) 

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. ඔලුව උඩ ඕන නම්  කුඩු හදන්නත් පුලුවන් හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔලුව උඩ කුඩු හදලා අසුචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවනුන්ට අපි කියනවා අපි නිකම් ඉන්නේ නැහැ. අපි පවුරක් වගේ එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ එවුන්ටත් නිසි පාඩම් උගන්වනවා යැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා හාලිඇල අද (13) පැවති ජන හමුවක දී පැවසීය.

දැන් තියන රජය අපිට ටිකක් හුරු නැති රජයක් නයයි මුගටියයි එකතු වෙලා ඉන්නේ. රජයේ ගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකොට පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටවන්න මිනිස්සු බලය දුන්නේ නැහැ. 

රටේම ඡන්ද ගත්තම යු.එන්.පි එකට 106 යි  වැඩි අපිට 95 යි ඒ පාර්ලිමේන්තු මැතිවරණය ඔබට මතකයි මම යු.එන්.පි එක පරද්දන්න වහ කුප්පි අරගෙන ගියා මාධ්‍ය ඉස්සරහට වහ පොවන්න උන්ට. තාම අහනවා සමහර අය. ළගදිත් දාලා තිබුණා කාටුන් එකක් වහ කුප්පිත් එක්ක මාව. මම වහ කුප්පි එන්න නල්ලතන්නනියේ බලන් ඉන්නවා. මම වැඩිපුර ඉන්නේ කාටුන් වල නල්ලතන්නියේනේ. ඔව් මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ. ඇයි? මම තාමත් හිතනවා නල්ලතන්නියේ ඉදගෙන සිරිපාදේ වදින්න රත්නපුරේන් එන අයයි හැටන් පාරේ එන අයයි එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා යු.එන්.පි පරද්දන්න පුලුවන් කියලා. මම තාමත් හිතනවා. ඒ නිසා මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ යැයි වැඩිදුරටත් කීවේය.   



අදහස් (13)

ඩිලාන් එජාපයට අනතුරු අඟවයි

Pradeep Perera Monday, 13 November 2017 10:40 AM

යූඑන්පී එකට ඕන දේ කරකර බොරුවට බුරනවා.

:       0       64

nishanMonday, 13 November 2017 10:31 PM

මහින්ද මෙතුමාවත් කපලයි තිබුනේ..................

:       0       34

rohana Monday, 13 November 2017 12:07 PM

මෙතුමාගේ ආසනය පරාදයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ. මෙයා හැරෙන හැරෙන පැත්තට කතා කරන කෙනෙක්.

:       16       213

nimmi Monday, 13 November 2017 01:59 PM

මෙයාටද නැත්නම් අපිටද පිස්සු..? අනේ මන්දාෙ

:       1       22

chathuri Monday, 13 November 2017 03:37 PM

ඔය විදියටම තමයි... අප්පච්චි රජකම් කරන කොටත්. ඔය කට්ටිය කිව්වේ..., තමන්ගේ රාජකාරිය අකුරට කරලා ගෙදරයන්න. ජනාධිපතිට තනියම කඩේ යන්න බැරි කමක් නැහැ. වැඩි ආරක්ෂාව දෙන්න ගියොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ...

:       0       74

nimal Monday, 13 November 2017 10:35 PM

ඔබතුමාගේ අසනෙත් පරදයිනේ .. ඔයි ??

:       0       27

නන්දාවතී Tuesday, 14 November 2017 02:38 AM

ඔව් ප්‍රදීප් පෙරෙරා සජිත් රනිල්ට පෙනෙන්න මුවහමට තඩිබානවා වගේ හැමදාම මහින්දට බනිනවා. මෙයා මහින්දගෙ අනුරපුර රැලිය දැකලා මහින්දට පෙනෙන්න යූඑන්පියට බොරුවට බුරනවා.

:       152       125

Priya Tuesday, 14 November 2017 04:47 AM

පනින රිලව් ඉන්නකන් රට හදන්න බැහැ මෙයත් බොරුවට මිනිස්සු රවට්ටන්න හදන්නෙ.

:       0       20

nimal Tuesday, 14 November 2017 04:57 AM

ලජ්ජා නැතිකම, තමන්ගේ ආසනේ දිනාගන්න බැරි කෙනා,2020 ඇපත් නැ මෙයාට ජාතික ලැයිස්තුවට මේවගේ අය දාන්නේ නැති තරමට එන ඕනෑම ආණ්ඩුවකට යහපතක් වේවි.

:       0       63

සෞම්‍ය Tuesday, 14 November 2017 06:00 AM

දැනට බොරුවට බැනල, හංස පූට්ටු දන්නේ නෑ කියල, ඡන්දෙ මදි උනොත් ආයේ පූට්ටුව දාගෙන ජනතාව කාටවත් වැඩිය දීල නැත්තේ එකතු වෙලා වැඩ කොරන්න නිසා කියයි, එහෙම කියල ජාතික ලැයිස්තුව නමැති "හෙලුවට කඩමාල්ලෙන්" පාර්ලිමේන්තුත් එයි, එකක් කියන්න කැමති ඔබතුමාලා හැමෝටම, ආයේ රැවටෙන්නේ නෑ කියන එක.....!!!

:       4       12

gamaati Tuesday, 14 November 2017 12:49 PM

තමන්ගේ ආසනෙත් පරාදවෙලා ලොකු හයියක් තියනකෙනෙක් වගේ තමයි කතාකරන්නේනම්.

:       0       40

prakaash Wednesday, 15 November 2017 11:43 AM

නිකන් දොඩවනවා විතරයි. එජාපයේ ඔඩොක්කුවේ සිටින්නෙක්...

:       0       1

Risanaa Saturday, 25 November 2017 11:10 AM

ඔයා මේ කැඳවාගෙන ගියේ ස්වර්ග රාජ්‍යයටද? කියන්න අයියා කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1178 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 942 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1643 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site