IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජාතික කොඩිය නොපිළිගන්නා උදවියට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ

(ජේ.ඒ.එල්. ජයසිංහ)

‘ජාතික කොඩිය පිළිගන්නේ නැති කවුරු හෝ ඉන්නවානම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ. ඒකට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ නැත්නම් අපි මොකද කරන්නේ’ යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් පෙරේදා (18) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විශේෂ පිංකම් මාලාවක් අවසානයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක් වූ හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර පූජාවක් පවත්වා දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේදී මහා සංඝරත්නය විෂයෙහි දහවල් අටපිරිකර සහිතව මහා දානමය පිංකම සිදු කළේය.

මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගි වූහ. 

හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“මහ බැංකුවේ බැඳුම්කරය තමයි මහා කොල්ලය. මේ ඉතිහාසයේ ලංකාවේ පමණක් නොව ආසියාවේම මෙවැනි බැංකු කොල්ලයක් සිදුවී නැහැ. මෙය ලෝකයේ ලොකුම බැංකු කොල්ලය කීවොත් නිවැරදියි.

මේක අමු අමුවේ කොල්ලකෑමක්. මේක දැන් හෙළිදරව්වෙමින් පවතිනවා. මේක කෝප් කමිටුවේ සාකච්ඡා කරල කතා කරපු අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතිව පත්කළ අය තමයි කෝප් කමිටුවට පත්කළේ. ඒ අය මේ මහා බැංකු සොරකම කරපු කෙනා එක්ක ගනුදෙනු කරල තිබෙනවා. මේ ගැන සාකච්ඡා කිරීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු මෙයත් එක්ක දුරකථනයෙන් බොහෝ අවස්ථාවල්වල වාර ගණනක් කතා කරල තිබෙන බව දැන් හෙළිවෙමින් තිබෙනවා. දිගින් දිගටම කතා කරල තිබෙනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් සිදුවිය යුතුයි. ඒ එක පැත්තක්. එහි දෙවන පැත්ත, දෙවන ප්‍රශ්නය තමයි දුරකථනයෙන් කතා කරද්දි ඒ සෑම දුරකතන සාකච්ඡාවක් ටැප් කරල තියන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. අපේ දුරකතනවලට සවන් දීම ඉතාම භයානකයි. අපි දන්නේ නැහැ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ දුරකතන සංවාද පවා ටැප් කරල තියනවා. කැබිනට් ඇමති වරුන්ගේ, විපක්‍ෂයේ, අපේ අයගේ දුරකතන සංවාද මේ විදියට ටැප් කරන්න ගියොත් අපේ පමණක් නොවෙයි ජනතාවගේත් මූලික අයිතිය නැතිවෙනවා. නිදහසකුත් නැතිවනවා”

මාධ්‍යවේදිහු මෙහිදී පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළහ. එයට පිළිතුරු දුන් ඒ මහතා,

පළාත් පාලන මැතිවරණය කල්දාන එක හරියන එකක් නැහැ. විනිශ්චයකාරවරුන් මැතිවරණ කල්දාන්න කියන එකට එකඟවන එකක් නැහැ.
කොහොම වුණත් අපි ඔක්කොම පක්‍ෂ මේ මැතිවරණ කල්දාන්න යනවා නම් ඒකට විරුද්ධ වෙනවා. ශ්‍රී ලනිපය පමණක් පැමිණ සිටියේ නැතත්  මම දුටුවා පුවත්පතක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයත් ඒකට විරුද්ධයි කියල. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටු පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වන එකඟතාවයක් තවම නම් නැහැ. තවම එහෙම සාකච්ඡා වෙලත් නැහැ. එහෙත් කට්ටිය ඉල්ලීමක් කරල තියනවා. ඒක නිකන් යෝජනාවක්. අපේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියක් නැතිව ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටු පක්‍ෂය හා එකතු වී ඡන්දය ඉල්ලනවාද කියල මොනම සාකච්ඡාවක්වත් පවත්වල නැහැ. මට නම් තවම ඒ ගැන යෝජනා අතට ලැබිල නැහැ. කට කතාවක් නම් ගියා. එවිට අපි ඇහුවා මේ ගැන යෝජනාවක් තිබෙනවා නම් අපිට ලිඛිතව එවන්න කියල.

පළාත් පාලන මැතිවරණය කල්දානවට එක පක්‍ෂයක්වත් කැමති නැහැ. මැතිවරණය වසර දෙකහමාරක් තිස්සේ ප්‍රමාද වූ එකක්. 

උතුරේ පළාත් සභා අමාත්‍යවරයෙකු උත්සවයකදි ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

ජාතික කොඩිය පිළිගන්නේ නැති කවුරු හෝ ඉන්නවා නම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ. ආණ්ඩුවකට ඒකට එරෙහිව පියවර ගන්න පණ නැත්නම් අපි මොකද කරන්නේ? පණ නැති ආණ්ඩුව පත් කරගත්තේ ඔයාලගේ.

ජාතික කොඩියට ගරු නොකරන අය තනතුරෙන් ඉවත් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම එය කළ යුතුයි.
අද රාජ්‍ය නිලධාරින්ගෙන් සම්පූර්ණයෙන්ම කරන්නේ පළිගැනීම. මගේ රාජ්‍ය නිලධාරින්ගෙනුත් පළිගන්නවා. 
ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයගෙන් පළිගන්නවා. මේක සිදුවී තිබෙන්නේ එෆ්.සී.අයි.ඩී. එක හරහායි. එෆ්.සී.අයි.ඩී. එක තමයි මේවා කරන්නේ. එෆ්.සී.අයි.ඩී. එක කියන්නේ ආණ්ඩුවේ අතකොළුවක්. ඒකට යවන්නේ අගමැති වරයා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කොමිටියක් තමයි මේ අයට එරෙහිව පරීක්ෂණ කරපල්ලා අත්අඩංගුවට ගනිල්ලා කියල කියන්නේ.

රාජ්‍ය දේපළ අවභාවිතය කියල හැම කෙනාවම අත්අඩංගුවට ගන්නවා. කරුණා අම්මාන්ව ගත්තා. මාස ගණනක් බන්ධනාගාරගතව ඉඳල එළියට ගියා. කරුණා අම්මාන් වන්දි ඉල්ලයිද මම දන්නේ නැහැ.

ගාල්ලේ කිසියම් සිද්ධින් කීපයක් ඇතිවෙලා තිබෙනවා. මට මිනිස්සු ඇවිල්ලා දැනුම් දුන්නා. මම අගමැතිතුමාටත් දැනුම් දුන්නා ඒ ප්‍රදේශයට අවශ්‍ය විශේෂ ආරක්ෂාව යොදවන්න කියල. ගාල්ලේ පන්සල් පල්ලි ආරක්ෂා කරන්න කියල මම රජයට දැනුම් දුන්නා.

දුරකතන සංවාද ‘ටැප්’ කිරීම තුළ පොලිස් රාජ්‍යයක් සඳහා යනවාදෝයි සැකයක් මතුවෙනවා. 
මෙම අවස්ථාවේදී තම උපන්දිනයට සුබ පතා විවිධ පණිවුඩ එවු සැමටද මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තුතිය පුද කළේය.

මෙහිදි විශේෂ අනුශාසනාවක් කළ වේඬරුවේ උපාලි අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනාහිමියෝ මෙසේ පැවසූහ.

30 වසරක යුද්ධය නිමා කරපු රටට මනා සංවර්ධනයක් ගෙන ආ මහින්ද රාජපක්ෂ මහතාගේ අගය මේ රටේ ජනතාවට දැන් වැටහිලා තිබෙනවා. මේ විදියට පරාජයවීමත් එක්තරා අතකින් හොඳයි. ඒ ලෙස පරාජය වූ නිසයි තව තවත් රටේ ජනතාවට ඔබේ වටිනාකම දැනෙන්නේ.

පෙර රජ දවසේ තුන්හෙළය එක්සේසත් කළ ඔබ තුමන්ට ශ්‍රී ලංකාධීෂ්වර යන ගෞරව නාමය මහා සංඝරත්නය විසින් ප්‍රදානය කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ නාමයට ඔබතුමා හිමිකම් කියනවා. පෙර රජ දවසෙන් පසු පහළ වූ ජාතියේ පියා වශයෙන් රටට දැයට විශාල සේවයක් ඉටුකළ ඔබගේ ඉදිරි ගමනට සුභාශිංසනය කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක, ලොහාන් රත්වත්තේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රොෂාන් රණසිංහ, මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, එම්.ජී. ජයරත්න, මහනුවර හිටපු පුරපති සේන දිසානායක යන මහත්වරුන්ද මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මහනුවර මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප සාමාජික සාමාජිකාවෝ රැසක්ද සහභාගි වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ සිටි ජනතාව ද හිටපු ජනාධිපතිවරයාට සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීමද මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිද්ධියක් විය.

මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (14)

ජාතික කොඩිය නොපිළිගන්නා උදවියට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ

Sahan Monday, 20 November 2017 04:07 PM

අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි "ලන්කාධීශ්වර" කීර්ති නාමය දීම ඉතා හොඳ ක්‍රියාවක්. එය බෞද්ධ ධර්මයේ කියන විදියට "පුජාච පුජනීයන්තං - එතං මංගල මුත්තමං" හෝ " පිදිය යුත්තාට පිදීමත් මංගල ක්‍රියාවක්". නමුත්, සියලු ලංකාවාසීන්ට මහින්ද රාජපක්ෂ යනු, "අපේ අප්පච්චි". එය කිසිදා වෙනෙස් නොවනු ඇත.

:       0       0

Nandalal DE SILVA - France Monday, 20 November 2017 08:15 PM

මහින්ද උපාසක මහත්තයා උපන් දින දානය දීල යලිත් වරක් යහපාලන රජය පතුරු ගහන්න ශ්‍රී දළදා මන්දිරය තෝරාගැනීම, සිල් රෙද්දක් ඇඳනොගෙන කරපු විලිලැජ්ජා නැති වැඩක් බව නම් නොකියාම බැරිය. පින් අනුමෝදන් කරපු වේඬරුවේ උපාලි අස්ගිරි අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනාහිමියන් රජ දවසෙන් පසු පහළ වූ "ජාතියේ පියා" කියා මෙයාට ඔටුන්න පළදන්නට ඕන උනාට, රටවැසියා ඒක කරන්න සුදානම් නැහැ. අප දන්නා හැටියට "ජාතියේ පියා" නමින් විරුදාවලි ලබා සිටින්නේ, ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිදුන් බව සමහරවිට ඔබ වහන්සේට අමතක වෙලා ඇති. එක ජාතියකට අප්පච්චිලා දෙන්නෙක් හිටියේ මොන රටේද, කියල වේඬරුවේ උපාලි අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනාහිමියන්ගෙන් අහන්න කැමතියි.

:       77       8

Nandalal DE SILVA - France Monday, 20 November 2017 08:35 PM

ඊළඟට මේ මහා උපාසකයා ශ්‍රී දළදා මන්දිරයට බෝම්බ ගහපු කොටි ත්‍රස්තවාදී හවුලේ හිටපු කරුණා අම්මාන් ගැන එම උතුම් ශුද්ධ භුමියේ සිටම කියනවා මෙහෙම ...."කරුණා අම්මාන් වන්දි ඉල්ලයිද මම දන්නේ නැහැ." රාජ්‍ය දේපළ අවභාවිත කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද කියන්නේ එහෙනම් ? කොටි ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වුන ඒ පින්බිමේ සිටම එයාගේ සගයෙක් ආරක්ෂා කිරීමට මෙවැනි දෙයක් කීමට තරම් මෙයාගේ සිහිය විකලවී තිබේද ? එෆ්.සී.අයි.ඩී. එක නොතිබෙන්න ඔය ගැහුවා කියන රාජකීය ගැහිලි ගැන මහජනතාවට දැනගන්න ක්‍රමයක් තිබුනද ? ගාල්ලේ සිද්ධින් ගැන

:       62       2

nishan Monday, 20 November 2017 10:11 PM

අර්ජුන් ඇලෝසියස් සමග ඔබතුමාලත් 800 වාර ගානක් කතා කරලා තියෙනවා. එකත් හෙළි උනා. ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ?

:       68       2

Deepal Nirosh Tuesday, 21 November 2017 09:03 AM

එහෙම පණ අරගෙන කොහොමද මහත්තයො ආණ්ඩුව ගෙනියන්නෙ? තමුන්නාන්සෙ හදන්නෙ මේ ආණ්ඩුවටත් තමුන්ට 2014 දි අත්වෙච්ච ඉරණම අත් කරන්නද? රාජිත ඇමතිතුමාගෙන් උපදෙසක් අරගෙන හරි දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න.

:       42       1

BamunuarachchiFriday, 24 November 2017 02:24 AM

"රාජිත ඇමතිතුමාගෙන් උපදෙසක් අරගෙන හරි දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න." මොන කාලේ උපදෙස්ද ගන්නේ මහින්ද මහතා බලයේ ඉන්න කලේ දීපු උපදෙස්ද නැතිනම් සිරිසේන බලයේ ඉන්න කොට දෙන උපදෙස්ද? මම හිතුවේ රාජිතගේ උපදෙස් ගන්නේ අර චතුර විතරයි කියලා බලනකොට තව ඉන්නවනේ ඉතින් මේ සිරිලකට හරියාවිද.

:       0       0

rama Tuesday, 21 November 2017 09:33 AM

තමුසේ දන්නා ඉටිගෙඩිය ඇමෙරිකාවට වෙලා කියවන්නෙපා. රටේ මිනිස්සුන්ට නිදහස දුන්නේ ඒ මනුස්සය................ මිනිස්සු පාරෙවත්යන්න බයේ හිටිය මතක නැද්මද?

:       1       46

darshana Wednesday, 22 November 2017 05:24 AM

එතකොට අර අපේ ජාතික කොඩිය පැත්තක දාල . කොඩියේ සිංහයා විතරක් ඉන්න කොඩි භාගයක් අරගෙන , දළදා මාලිගාව ඉස්සරහ හිටපු කට්ටිය ගැන මොනාද කියන්නේ ?

:       0       0

Bamunuarachchi Friday, 24 November 2017 02:09 AM

"එතකොට අර අපේ ජාතික කොඩිය පැත්තක දාල . කොඩියේ සිංහයා විතරක් ඉන්න කොඩි භාගයක් අරගෙන , දළදා මාලිගාව ඉස්සරහ හිටපු කට්ටිය ගැන මොනාද කියන්නේ ?" මේ හාදය සිංහ කොඩියේ ඉතිහාසය දන්නේ නැතිව කතා කොරන්නේ. ඔය දැන් ජාතික කොඩිය කියන එක කලින් සිංහලයාගේ ජාතික කොඩියේ සිටියේ ඔබ ඔයකියන සිංහයා පමණයි. ඒකතමයි සිංහලයාගේ ජාතික කොඩිය පසු කාලයක ඔය සිංහ කොඩියට පටි දෙකක් දැම්ම රටේ සියලු දෙනාම නියෝජනය වෙන්න.

:       0       0

Bamunuarachchi Friday, 24 November 2017 02:18 AM

"අර්ජුන් ඇලෝසියස් සමග ඔබතුමාලත් 800 වාර ගානක් කතා කරලා තියෙනවා. එකත් හෙළි උනා. ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ?"

:       0       0

Bamunuarachchi Friday, 24 November 2017 02:48 AM

ඔව් Sahan මේ කුහක සිංහලයින්ට යුද්දයක් තිබුනාද කියලා මතක නැහැ මොකද මහින්ද මහතා යුද්දය කලේ දකුණේ මිනිසුන්ට නොදැනෙන්න. මම ජීවත් වන්නේ ජයවර්දනපුර ඉස්පිරිතාලය ළඟ මට දැනුනා රටේ යුද්දයක් තිබෙන බව නිරතුරුවම ඇසුන ඇම්බියුලන්ස් වල නලා හඬින්. ඕකත් වැඩද සමහරු අලිමංකඩ කිලිනොච්චිය ගැන දැනගත්තේ ඒවා කොටින්ගෙන් නිදහස් කර ගත්ත කියනකොට. දැන් අර නිදහස් කොර ගත්ත පැතිවල කොටි ස්මාරක හදනවා. ගෝඨාභය මහත්තයෝ ඔබේ අඩුව හොඳට තේරෙනවා අපිව කොනිත්තනවිට.

:       0       0

BamunuarachchiFriday, 24 November 2017 04:57 AM

"ගෝඨාභය මහත්තයෝ ඔබේ අඩුව හොඳට තේරෙනවා අපිව කොනිත්තනවිට." ඔව් අපිව කොනිත්තන විට අපිට ඕන සන්හින්දියාවක නැත අපට ඕනේ සිංහල අපේම රටක්.

:       0       0

Bamunuarachchi Friday, 24 November 2017 04:53 AM

"අර්ජුන් ඇලෝසියස් සමග ඔබතුමාලත් 800 වාර ගානක් කතා කරලා තියෙනවා. එකත් හෙළි උනා. ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ?" මේකට දීපු උත්තරය පලකොරන්න පත්තර මල්ලිලාත් බයයි වගේ . ඒ වුනාට අදහස් ලියන්නලු

:       0       0

Priya Saturday, 25 November 2017 06:01 AM

ඔබතුමා කියන කතාව හරි. හැබැයි ඉතින් ඔය පුටුවේ ඔබ සිටියදී තමයි විල්පත්තුව බාරදුන්නේ. ඒ ගැන කොච්චර මිනිස්සු කතා කලත් ඔබත් දැන් රජය වගේම නිහඬව සිටියා ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 75 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site