(අංජුල මහික වීරරත්න)
“තම ශක්තියෙන් ඉදිරියට ගොස් ලෝකයට මුහුණදීමට හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීම රජයේ අරමුණ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
“ගමේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වසරේදීත් විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන්නේ යැයි” ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ව්‍යවසාය - 2018 ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
කොළඹ - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රදර්ශනය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
“රටේ සුළු ව්‍යාපාර වර්ධනය වීමත් සමගම අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ නිසා අප බලාපොරොත්තු වන්නේ සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාරිකයින් ශක්තිමත් කර දියුණු කිරීමටයි. අලුතින් ව්‍යාපාරිකයන් බවට පත් වූ අය මෙන්ම කාලයක් තිස්සේ සුළු ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අයත්, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අයත් ඇතුළු කණ්ඩායම් දෙකම ප්‍රදර්ශනය නියෝජනය කරනවා. සියලු දෙනාම සාර්ථකත්වය ළඟා කර ගත් අය බව කිව යුතුයි.
එමෙන්ම මෙවැනි සුළු ව්‍යාපාරිකයින් රැසක් ග්‍රාමීය ප්‍රදේශවල ද සිටිනවා. අපේ ප්‍රධාන අරමුණ වන්නේ මේ ව්‍යාපාරවලට අත හිත දීමයි. ව්‍යාපාර තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පූර්ණ සහාය දිය යුතුයි.
රටේ ශක්තිය වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයිනුයි. ඔවුන් විදේශකයින් නොවෙයි. අපේම අයයි. ඒ නිසා අපේ බැංකුවල සම්පත් මේ කණ්ඩායම්වලට දිය යුතුයි. නමුත් අවාසනාවකට දෝ බලාපොරොත්තු වූ අන්දමට මේ අයට බැංකුවලින් මුදල් දීම වී නැහැ.
ඒ නිසා මේ අවුරුද්දේත්, ඉදිරි වර්ෂවලදීත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකුවලින් කඩිනමින් ණය දීමට අප කටයුතු කරනවා.
මූල්‍ය පහසුකම් දෙනවා පමණක් නොව ඒ ප්‍රමාණ වැඩි කිරීමටත් උපදේශක සේවා දීමටත් කටයුතු යොදන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ නිෂ්පාදන හා නිර්මාණ වෙනස් කිරීම තුළින් අලෙවිය හා ආදායම වැඩිකර ගන්නවා.
විදේශ රටවලට ගොස් ව්‍යාපාර කටයුතු අධ්‍යයනය කරන්න, විදේශ ව්‍යවසායකයින් මගින් දේශීය ව්‍යවසායකයින් පුහුණු කරන්න, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයන් හට අලෙවි පහසුකම් දීමටත් අප කැපවී සිටිනවා.
ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍යංශ, ආර්ථික කටයුතු අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය ඒකාබද්ධව ඒ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.
අපට අවශ්‍ය වන්නේ තමන්ගේ ශක්තියෙන් ඉදිරියට යාමට, ලෝකයට මුහුණ දිය හැකි ව්‍යාපාරිකයන් පිරිස ගොඩ නැගීමටයි.
මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ජයග්‍රහණ අත් කරගෙන සිටිනවා. ලෝක වෙළෙඳ පොළට ද ප්රවිශ්ඨ වී සිටිනවා. අනෙකුත් ව්‍යාපාරිකයන්ද ලෝක වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අපෙන් ආධාර උපකාර ඉල්ලුවා. මා ඒ පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. ඒ අයට උදව් කරන්න කැමැත්තෙන් සිටිනවා.
අපට අවශ්‍යව ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගන්නා ලොකු-කුඩා භේදයකින් තොර ව්‍යාපාරික ප්‍රජාව බිහි කිරීමයි.
ගමේ ව්‍යාපාර ආරම්භ කිරීම තුළින්, ගම දියුණු වෙනවා. ආර්ථික වශයෙන් ගමේ පුද්ගලයන් ශක්තිමත් වෙනවා. තරුණ තරුණියනට රැකියා අවස්ථා බිහි වෙනවා. මේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද වඩාත් විධිමත්ව මේ වසර තුළදීත් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙමින් මේ ප්‍රදර්ශනය සඳහා සහාය දුන් සැමට ස්තූති කරනවා යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගමේ ව්‍යාපාර දියුණුකිරීමේ ක්‍රමවේද මේ වසරේත් ක්‍රියාත්මකයි
Raveendra Tuesday, 03 April 2018 08:29 AM
රටේ ප්‍රදානම මුල්‍ය අයාතනයට හතර ගාතේ වැටෙන්න දුන්න, ගමත් විනාශ කරන්න තමා මේ අර අදින්නේ