IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා මර්දනයට දුන් ඩොලර් මිලියන 230ට මොකද වුණේ?

(*** අංජුල මහික වීරරත්න)

 

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ඩොලර් මිලියන 230 ක්  මුදලට සිදුවූයේ කුමක් දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) වැනිදා කොළඹදී පැවැසීය.

පාර්ලිමේන්තුව සක්‍රීයව පැවැති අවස්ථාවක නම් මේ මුදලට වූ දේ හෙළි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය බැඳී සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන් දහසක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් කළ යෝජනාව ද මග හැර දමා ඇතැයි කීවේය.

එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කරන කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල අපේක්ෂක හමුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පිටකෝට්ටේ-සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ හමුව පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මර්දන කටයුතු සඳහා ඩොලර් මිලියන 230 ක මුදලක් දුන්නා. ඒ මුදලට වූයේ කුමක්දැයි ආණ්‍ඩුව වහා රටට හෙළි කළ යුතුයි.

කොරෝනා පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ මුහුණු ආවරණ හෝ වෙන්ටිලේටර් යන්ත්‍ර හෝ කිසිවක් මේ වන තෙක් රජය මිලදී ගෙන නැහැ. ඒ තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මුදලට සිදු වූයේ කුමක්දැයි ශ්‍රී ලාංකිකයන් දැනගත යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය මැදිහත්වී ඒ මුදලට වූ දේ ගැන හෙළි කළ යුතුයි.

ලෝකයේ අනෙක් රටවල් නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තම රටවලට වෙන් කරන ලද මුදල් ලැබීමටත් පෙර අවශ්‍ය කරන උපකරණ ඇණවුම් කළා. ආණ්‍ඩුවට විදේශ මුදල් නැති නම් දේශීය සෞඛ්‍ය සමාගම්වලින් උපකරණ නොගත්තේ ඇයි.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ඔවුනට ලැබුණු ආධාර මුදල් යොදවා වෙන්ටිලේටර් යන්ත්‍ර 5000 අධික ප්‍රමාණයක් ගත්තා. කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් නොපමාව අවශ්‍ය සියලු සෞඛ්‍ය උපකරණ ගෙන ඇති බව සඳහන් කළ යුතුයි.

පාර්ලිමේන්තුව බලාත්මක වී තිබූ අවස්ථාවක නම් මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න හැකියාව තිබුණා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරිය මහජනතාවට මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විනිවිද භාවයකින් යුතු ලේඛනයක් ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා.

කොරෝනා වසංගතය පැතිරෙමින් තිබූ සමයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සමහර කණ්ඩායම් අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී කටයුතු කිරීමට බලා ගත්තා. අප රජයෙන් කළ එකම ඉල්ලීම වූයේ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන්දහසක් කරන ලෙසයි. අපේ ඒ ඉල්ලීම ද රජය නොසලකා හැරීම කනගාටුදායක බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කොරෝනා මර්දනයට දුන් ඩොලර් මිලියන 230ට මොකද වුණේ?

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 187 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 967 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site