IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිසිදෙයක් කරගන්න බෑ: මෙහෙම ගියොත් රටත් විනාශයි

විධායක බලතල ඇති අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකු සිටිනවිට ඇමැති සංශෝධනයක් නොව කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයට ගැටලූ ඇතිවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හලාවත - මාදම්පේ ප‍්‍රදේශයට පෞද්ගලික කටයුත්තක් සඳහා පෙරේදා 21 වැනිදා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අස්ථාවර එකක් කියලයි. තුනෙන් දෙකක බලයක් ලබාගෙන තිබෙන්නේ ඒ අයට හිතවත් පක්ෂවලට විවිධ දේවල් දීලයි. ඒත් රට තුළ අස්ථාවර ආණ්ඩුවක් තියෙන්නේ කියන එක පැහැදිලියි.

ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීම ජනාධිපතිවරයාට තියන අයිතියක්. ඒත් ජනාධිපතිවරයාට කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මොකද අගමැතිවරයා විරුද්ධවීම නිසා. විධායක බලය පාවිච්චි කරන අගමැතිවරයෙක් සහ විධායක බලය පාවිච්චි කරන ජනාධිපතිවරයකු සිටිනවිට කිසිම දෙයක් කරන්න බැහැ. මෙහෙම ගියොත් රට විනාශවෙලා යනවා. අපිට දුක ඒකයි.

පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා, වයඹ පළාත් සභා මන්ත‍්‍රී පාලිත රෝහණ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

කිසිදෙයක් කරගන්න බෑ: මෙහෙම ගියොත් රටත් විනාශයි

ඉයන් Friday, 26 May 2017 05:30 PM

අඩුම ගාණෙ ඒ තනතුරු දෙක එක පවුලෙ දෙන්නෙක් වත් දැරුවනන් මොකක් හරි වෙන්න තිබ්බ නේද? දෙදෙනෙකු අතර බලය තියෙන්නේ තනි පුද්ගලයෙකුට බලය ඒකරාශී වී නිවරදිව කටයුතු කරන්නයි.

:       160       29

dingirala Sunday, 28 May 2017 06:31 AM

ඔය වැදි බණ කීවාට වැඩක් නැහැ. රටේ දැන් ඇතිවීගෙන යන තත්වයට වග කියන්න ඕනේ. අසීමිත බලය නිසි අයුරින් භාවිතා කරානම් ඔබතුමා පරදින්නේ නැහැ. එහෙම වුණානම් අද මෙවැනි තත්වයක් රටේ ඇතිවෙන්නේ නැහැ. එ.ජා.ප. යට බලය ලැබුණොත් මොකද වෙන්නේ කියා ඔබතුමා අපට වඩා හොඳින් දන්නවා. එහෙම දැනගෙනත් රට මේ තත්වයට පත් කිරීම ගැන චෝදනාවෙන් බේරෙන්න නම් බැහැ...

:       655       1085

shan saudi Monday, 29 May 2017 12:04 PM

අනේ!!! කරපු ටික නම් රටම දන්නවා... ඕවා නිකන් වැදි බණ තමයි.

:       574       675

hira Wednesday, 31 May 2017 11:01 AM

ශාන්,... කරපු ටික හරියට කරපු නිසා තමයි අද කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ. මුල මතක නැත්තේ ඇයි?

:       129       177

MahasenFriday, 02 June 2017 03:20 AM

HIRA : කරපු ටික හොඳට මතකයි. සුනාමි සල්ලි ගැන....

:       0       0

suranga Wednesday, 31 May 2017 11:25 AM

ජපානේ පන්සල්වලට යන්නේ සල්ලි අරගන්න ද?

:       105       75

siri Friday, 02 June 2017 07:45 AM

කාට කාටත් අවලාද නගන්න රටක් බාර දුන්න එක දැන් ගොඩ දෙනෙකුට අමතකයි. ඕක තමයි රටට වෙලා තියෙන කරුමේ....

:       0       0

Nandalal DE SILVA - France Saturday, 03 June 2017 11:50 PM

ඒ කියන්නේ මෙයාගේ පෞද්ගලික කටයුතු වලටත් මාධ්‍යවේදීන් නැතුවම බැරි උපාංගයක්ද ?

:       0       0

පිටිගල මිලානෝ Sunday, 04 June 2017 07:45 PM

පව් කල අය කර්මයට කවදා හරි මුහුණ දෙනවා. සමහරු එක මොහොතකින් සැප විඳගන්න තිබුණ කාලයද තණ්හාව නිසාම අඩුවී උන්මත්තකයෝ මෙන් ප්‍රසිද්ධව හැසිරෙනවා.

:       0       19

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 186 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site