(*** අංජුල මහික වීරරත්න)
අලිමංකඩදී එක රැයින් හමුදාවේ දෙදහසක් - තුන්දහසක් ඝාතනය කළ බවටත් එය කොරෝනාවට වඩා බරපතළ බවටත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ජනහමුවේදී කළැයි කියන කතාව සුළුවෙන් තැකිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, හිටපු අරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
‘දකුණේ දේශප්‍රේමීන් ලෙස පෙනී සිට උතුරට ගොස් රණවිරු ඝාතන ගැන කියා ඡන්දය ගන්නට උත්සාහ කරන පුද්ගලයන් ගැන තමා කනගාටු වන බවද රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.
අත්තනගල්ලේ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.
මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ඉදිරිපත්ව සිටින හිටපු කොටි නායකයකු ද වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරණා අම්මාන් කළ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහ නිර්මාණය වී තිබෙනවා.
අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවේදී කරුණා අම්මාන් මෙලෙස ප්‍රකාශ කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න මහන්සි වෙන්නේ ඇයි කියා මගෙන් මහින්ද අගමැති ඇසුවා. මෙවරත් ඡන්දෙ ඉල්ලා එන්නම් යැයි මා එතුමාට පැසුවා. මාගේ කිලිනොච්චි ඝාතන කොරෝනාවටත් වඩා බරපතළ යයි කාර්තිව් සභාපතිවරයා පවසා තිබුණා. ඔව් එහෙම තමයි. කොරෝනාවෙන් මැරුණේ නව දෙනකු විතරයි. එක රැයෙන් අලිමංකඩ දී මා හමුදාවේ දෙදහක් තුන්දාහක් මැරුවා. තේරෙනවනේ, කිළිනොච්චියේ දහස් ගාණක්. යනුවෙන් කරුණා අම්මාන් ප්‍රකාශයක් කළ බවට වාර්තා පළ වුණා.
මෙවැනි ප්‍රකාශ රටේ නීතියේ ආධිපත්‍යය බරපතළ අභියෝගයක් ලක් කරන බව මාගේ හැඟීමයි.
සැම විටම දේශාභිමානය, දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතර උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගණනක් මැරුවා යයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව අප කනගාටු වනවා.
මහින්ද රාජපක්ෂ මහතා කරුණා අම්මාන් වැනි පුද්ගලයන්ට තම දේශපාලන පක්ෂයේ උපසභාපති තනතුරු දෙමින් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් ජනතාව රටවමින් කරන දේශපාලනය කුමක්දැයි මා ප්‍රශ්න කරනවා. මෙලෙස තවදුරටත් රට ගොනාට ඇන්දවීමට බුද්ධිමත් ජනතාව ඉඩ නොතැබිය යුතු බව තම හැඟීම යැයිද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කරුණා අම්මාන් කියන කතා ගැන කණගාටු වෙනවා