(ජයන්ත සමරකෝන්)
මෙම වෙසක් සමයේ ඔලුබක්කන් නටන්නාක් මෙන් කැබිනට් සංශෝධන මඟින් මුහුණු මාරුකිරීමෙන් පමණක්
රට වැටී ඇති ආර්ථික අගාධයෙන් කිසිවිටෙකත් ගොඩගත නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්ු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (1) පැවසීය.
ගතවූ වසර දෙක ඇතුළත ආර්ථික වර්ධන වේගය සියයට 3.1 මට්ටමට ඇද දැමීම සම්බන්ධයෙන් එජාපයේ ආර්ථික කළමනාකාර කමිටුව මුළුමනින්ම වගකිව යුතු යැයිද නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටද මේවාට උත්තර දෙන්නට සිදුවනු ඇතැයිද පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මඟින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. අද වැඩ කරන ජනතාවගේ දිනය වුණාට ඔවුන්ට ඒ අයිතිය පවා මේ වන විට අහිමි වෙලා.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් 2017ට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කළා.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ එම විශ්ලේෂණ වාර්තාව මෙම 8 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
මේ වාගේ දරුණු ආර්ථික පසුබැස්මක් සිදු වී ඇත්තේ අවුරුදු 17කට පසුවයි.
2001 වසරේදී ආර්ථිකයේ ඍණ අගයක් තිබුණා. ඒ සියයට 1.4ක් වශයෙන්. පසුව 2005 සිට ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබූ ආර්ථිකය යුද්ධයේ උච්ඡතම අවස්ථාව හේතුවෙන් 2009 වසර වන විට සියයට 3.5ට කඩා වැටුණා.එම සියලුම අභියෝග හමුවේ වුවද, 2014 වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සියයට හතක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා.
අද වන විට සියයට 3.1ක තරම් ආර්ථික අපගමනයක් මෙම වැඩ බැරි ආණ්ඩුව විසින් පෙන්නුම් කර අවසන්.
ගැසට් නිවේදනයක්වත් හරිහැරි ගහගන්නට බැරි ආණ්ඩුවකට ආර්ථිකයක් හැසිරවිය හැකිද යන්න බරපතළ
ප්‍රශ්නයක්. ආර්ථිකය, ආහාර, ඉන්ධන ඇතුළු ලෝක ආර්ථික අර්බුද රැසක් හමුවේ වුවද, මහින්ද රාජපක්ෂ රජය එම සියලුම අභියෝග ජයගනිමින් ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කළා.
අද වන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා අංශ සියල්ලම කඩාවැටිලා. ඒ ආර්ථික පසුබැස්මේ සමුච්චිත
ප්‍රතිඵලයි. එදා ජනාධිපතිවරයා පුංචි ඡන්දයට පෙර කිව්වේ ගතවූ වසර දෙක තුළ එජාපය නිසා ආර්ථිකය ගොඩනගන්නට බැරිවූ බවයි. ඡන්දයෙන් පසුව ආර්ථිකය ගොඩගන්න බවද ඔහු කිව්වා. අපි ඒක විශ්වාස කළේ නැහැ. ඉදිරි මාස 18 තුළ මේ කඩාවැටුණු ආර්ථිකය, නැවත ගොඩනගන්නට බැහැ ජාතික වැඩපිළිවෙළක් නැතිව.
එදා මහින්ද චින්තන ඉදිරි වැඩපිළිවෙළ තුළින් රට ගොඩනැගුවා.
ආර්ථිකයේ ඉහළම වර්ධන වේගයක් පෙන්නුම් කළා. කැබිනට් සංශෝධන වරින්වර කරලා ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ජනතා විශ්වාසයක් ඇති කරන්නට බැහැ. ලබන 2019 වසර වන විට මෙම තත්ත්වය තවත් දරුණු වෙනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ඉටුකරන්නට රජයට සිදුව තිබෙනවා. එසේ නොවන්නේ නම් ණය මුදලේ ඉතිරි වාරික නොලැබෙන්නට ඉඩ තිබෙනවා. එසේ නොවන්නට නම් තෙල් මිල සූත්‍රය ක්‍රියාවට නැංවිය යුතුයි. අයවැය හිඟය පියවීම සඳහා වියදම් කපා හැරීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා අදහස් දක්වමින් මෙසේ කීය. ඉතිහායේ ආර්ථිකය කඩාවැටුණු මෙවන් යුගයක් තිබී නැහැ. අද ආණ්ඩුවක් නැහැ. තම තමන්ගේ පක්ෂවල දේශපාලන අර්බුද විසඳාගැනීම හා තනතුරු බෙදා ගැනීම හැරුණුවිට අද වෙනත් කිසිවක් සිදුවන්නේ නැහැ. මේ ආණ්ඩුවට සාමූහික ප්‍රතිපත්තියක් තබා එකට ගමන් කිරීමක්වත් ඇත්තේ නැහැ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රීලනිපයේ 10 දෙනෙක් මේ වන විටත් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වෙලා අවසන්. තවත් ශ්‍රීලනිප 23ක් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ඉන්නවා.
අගමැතිවරයාට විරුද්ධව ඡන්දය නොදී මඟහැර සිටි ශ්‍රීලනිපයේ එම මැති ඇමතිවරුන් 23 දෙනා ආණ්ඩුවේ ඉන්නේ කොහොමද? අගමැතිවරයා කෙරෙහි විශ්වාසයක් නැති නිසා එදා පාර්ලිමේන්තුව මඟහැරියා. දැන් ඒ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේම ඔවුන් පෙනී සිටිනවා. අද ශ්‍රීලනිපයට සිදුවී ඇති විනාශය ගැන හිතා ගන්නට බැහැ. පක්ෂය දියාරුවෙලා. ලබන 8 වැනිදා ජනාධිපති කරන ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනුවෙන් ශ්‍රීලනිපය දක්වන ප්‍රතිචාරය මොකක්ද? එජාප ප්‍රතිපත්ති තුළ අද ශ්‍රීලනිපය හිරවෙලා. අරාජික තත්ත්වයක් පවතින්නේ. එදා මහින්ද රජය සමයේ යුද්ධය අවසන් කරන්නට හදන විට කිරිඇල්ල ඇමතිවරයා කිව්වේ, ඕනෑ ගොනෙකුට යුද්ධ කළ හැකි බවයි. අද කියන්නට තියෙන්නේ ඕන ගොනෙකුට ආණ්ඩු කරන්නට පුළුවන් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය. මෙදා යහපාලන ආණ්ඩුවෙන් රටේ ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුද්දක් නැහැ. වැඩ කරන ජනතාවට මැයි දිනයක් නැහැ. බොදු බැතිමතුන්ට වෙසක් දිනයක්නැහැ.
1956 බණ්ඩාරනායක රජය ලබාදුන් මැයි දින නිවාඩුව ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙන් අද අහිමි කරලා. එදිනට
රජයේ හා බැංකු නිවාඩු දිනක් පමණක් බවට පත් කරලා. ලක්ෂ 70ක් පමණ වන වැඩ කරන ජනතාවට මැයි දිනය දා නිවාඩු නැහැ. මැයි දිනය 7 දාට නම් කරලා. 1 දා මැයි දින සමරනවානම් නිවාඩු දාලා යන්නට කියලා කම්කරු
කොමසාරිස් ජනරාල් කියනවා. එදා මහින්ද රාජපක්ෂ රජය උපාධිධාරීන් 60000කට රැකියා දුන්නා. අද එක උපාධිධාරියෙකුට රස්සා දෙන්නට වැඩපිළිවෙළක් නැහැ. පස්සා දොරෙන් දේශපාලන පත්වීම් නම් දෙනවා. රැකියා ලක්ෂ 10ක් දෙන බව කිව්ව ආණ්ඩුව බුරුතු පිටින් රස්සාවලින් එළියට නම් දානවා. හදිසි මැතිවරණයකින් හැර, වෙනත් විකල්පයක් නැහැ. මේ දේශද්‍රෝහි ආණ්ඩුව ගෙදර යවන්නට. මැතිවරණයක් ඉල්ලා රටම සටන් පෙරමුණකට යොමු කළ යුතුයි. මෙම 7 දා ගාල්ල මැයි දින රැලියෙන් පසු ඒ ජනතා අරගලය අරඹනවා යැයිද ඔහු කීය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔලුබක්කන් නටවනවා වගේ කරන කැබිනට් සංශෝධනයෙන් ආර්ථික ආගාධයෙන් ගොඩඑනු බෑ
dammi Wednesday, 02 May 2018 03:36 PM
ඕකෙ ඉන්න ඔක්කොම අය ඔලුබක්කො තමා... ඇතුල හිස්.
Saththaya Saturday, 05 May 2018 12:56 PM
ඔව්, මුදලට අත උස්සලා අනුන්ට ගසා කන්න ඉඩ දීලා තමන්ටත් යමක් කරගත්තනේ. අවංක නම් මෙච්චර කාලයක් කැබිනට් ඇමැතිවරයෙක් වෙලා ඉඳලා රට දියුණු කරන්න බැරි වුනේ ඇයි?