IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


එයාලට පිහිටුවන්න පුළුවන් වෙන්නේ සියඹලාණ්ඩුවක් විතරයි

රටේ කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය : රාජ්‍ය අමාත්‍ය ධුරයේ බලතල නොපැවරීම සම්බන්ධයෙන් ඔබට තිබුණ ප්‍රශ්නය විසඳුණා කියලා ආරංචියි. 
පිළිතුර :
ඒක විසඳුණා කියන්නේ අපි මෙච්චර දවසක් කරගෙන ආපු වැඩ ටිකම ගැසට් එකකින් දීලා තියෙනවා. එච්චරයි. 


ප්‍රශ්නය : ආයතන මොනවත් පවරල නෑ. 
පිළිතුර :
ආයතන මොනවත් මට නෑ. 


ප්‍රශ්නය : ඒ කියන්නේ ලැබුණ විසඳුම ගැන ඔබ තෘප්තිමත් නෑ.
පිළිතුර
: කිසිම තෘප්තියක් නෑ. අපි වැඩ කරගෙන ආවා. ඒවම අපිට කරගෙන යන්න පුළුවන්. යම් යම් ආයතනවල විෂයන් කිහිපයක් දීලා තියෙනවා. ඒවා කරගෙන යනවා. 


ප්‍රශ්නය : ඔබ වගේම රටේ ජනතාව ඉන්නෙත් අසතුටෙන් කියලා ඔබට හිතෙනවද? 
පිළිතුර
: ජනතාව ඉතින් අසතුටෙන් ඉන්නවා.  කියන්නේ මේ රැකී රක්ෂා ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපාලා තියෙන්නේ. ඉගෙන ගත්ත තරුණ තරුණියන්ට රස්සා නෑනේ. අනික් අතට සාමන්‍ය ජනතාවට එහෙම අසතුටට පත් වෙන්න හේතුවක් නෑ. මට පේන විදියට. 


ප්‍රශ්නය : මේ ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ ඔබට කී දෙනෙකුට රස්සා දෙන්න පුළුවන් වුණාද? 
පිළිතුර :
රස්සාවල් දහයක් දොළහක් විතර තමයි දෙන්න පුළුවන් වුණේ. 


ප්‍රශ්නය : ඒ ඇති කියලා ඔබ හිතනවද? 
පිළිතුර :
ගෑවෙන්නවත් මදි. ඒක ඉතින් කියන්නත් දෙයක්ද?


ප්‍රශ්නය : ඇයි දෙන්න රස්සා නැද්ද? 
පිළිතුර :
තාම මේ ආණ්ඩුවට රස්සා උත්පාදනය කරන්න වෙලාව මදි. කාලය ප්‍රමාණවත් නෑනේ. ඒ වගේම සෑම අමාත්‍යාංශයක්ම සෑම ආයතනයක්ම පසුගිය ආණ්ඩුව කාලේ මිනිස්සු දාලා පුරවලා තියෙන්නේ. සේවක අතිරික්තයකුත් තියෙනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට ඉන්න අය පැන්ෂන් යනකොට තමයි පුරප්පාඩු ඇතිවෙන්නේ. එහෙම තුලනයක් ඇති වුණාම තමයි අලුතෙන් රස්සා දෙන්න පුළුවන් වෙන්නේ. 


ප්‍රශ්නය : කෝ එතකොට අගමැතිවරයාගේ රැකියා  දස ලක්ෂයේ ව්‍යාපෘතිය. 
පිළිතුර :
අගමැතිතුමා චීනයේ ජනාධිපතිතුමා ගෙනල්ලා හම්බන්තොට කර්මාන්ත පුරයක් හදන්න මුල්ගල තිබ්බා. ඒ කර්මාන්ත පුරයේ ලබන මාසයේ වැඩ පටන් ගන්නවා. එතකොට අගමැතිතුමා අපට කිව්වා හැම ආසනයකටම රැකියා දාහක් පමණ දෙන්න පුළුවන් කියලා. එතකොට රැකියා දස ලක්ෂයේ වැඩසටහනට ඒක සම්බන්ධ වෙනවා. ඊට අමතරව රැකියා දස ලක්ෂයේ වැඩසටහන යටතේ ස්වශක්තියෙන් නැගී සිටීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ස්වයං රැකියා ආරම්භ කරන්න රුපියල් ලක්ෂ දෙකක් දෙනවා සියයට  පහේ පොලියට. රුපියල් පනස් දාහක් නොමිලේ දෙනවා. සෑම දිස්ත්‍රික්කයකම මේක ක්‍රියාත්මක වෙනවා. තරුණ තරුණියන්ට ප්‍රමුඛස්ථානය දීලා තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ. තව ටික දවසකින් ඒක ආරම්භ කරනවා. 


ප්‍රශ්නය : හම්බන්තොට ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඔය ව්‍යාපෘතියට විරුද්ධව එදා හම්බන්තොට  ජනතාවට  විදී බැස්සා. 
පිළිතුර :
ජනතාව වීදි බැස්සේ එක කණ්ඩායමක  අවශ්‍යතාවකට දේශපාලන අවශ්‍යතාවකට නැතුව ජනතාව වීදි බහින්නේ නෑ. ඔය වගේ රැකියා අවස්ථා උත්පාදනය කරන දෙයකට. මිනිසුන්ව පොළඹවලා. පන්සල්වල නායක හාමුදුරුවන් පොළඹවලා. නිල් බළකායේ කණ්ඩායම් පොළඹවලා මේ වැඩකටයුත්ත කඩාකප්පල් කරන්න තමයි ලෑස්ති වුණේ. අපේ දිස්ත්‍රික්කයේ මේ වැඩකටයුත්ත  සාර්ථක වුණොත්  ජනතා විමුක්ති පෙරමුණටයි ඒකාබද්ධ විපක්ෂයේ උදවියටයි පෝස්ටරයක් ගහගන්න කොල්ලෙක් සොයා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි රාජපක්ෂ සමාගම මේ කටයුත්ත කඩාකප්පල් කරන්න ලෑස්ති වුණේ. නමුත් ඒ වැඬේ කඩාකප්පල් කරන්න ඒ අයට පුළුවන් වුණේ නෑ, ඒ වැඩ සටහන අපි සාර්ථකව දිගටම කරගෙන යනවා. දැන් ජනතාව තේරුම් අරගෙන තියෙනවා. එදා උද්ඝෝෂණයට ආපු කණ්ඩායමත් තේරුම් අරගෙන තියෙනවා. මේක හරි දෙයක් කියලා. 


ප්‍රශ්නය : ආයෝජකයො එනවා කිව්වට කෝ ආයෝජකයො? ඒකාබද්ධ විපක්ෂය කියන්නේ බැඳුම්කර  වංචාව නිසා ආයෝජකයෝ එන්නේ නෑ කියලයි. 
පිළිතුර :
ආයෝජකයෝ ආවේ නැත්තේ පසුගිය ආණ්ඩුව කාලයේදී. බැසිල් රාජපක්ෂ සියයට 10 ඉල්ලුවා සියයට 15 ඉල්ලුවා. ඒ නිසා කිසිම ආයෝජකයෙක් ලංකාවට ආවේ නෑ. ආපු අයත් සියයට 10 ඉල්ලපු  ගමන් අකුලගෙන ගියා. අද සියයට 10 ඉල්ලන්නෙත් නෑ. සියයට 15 ඉල්ලන්නේ නෑ. ආයෝජකයන්ට ඇවිල්ලා ඕනෑම ව්‍යාපෘතියක් ඉදිරිපත් කරලා වැඩ පටන් ගන්න පුළුවන්. අපේ මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ සංවර්ධන උපාය මාර්ගය අමාත්‍යාංශය හරහා අගමැතිතුමාගේ මණ්ඩලයට ඉදිරිපත් කරලා ඕනෑම ආයෝජකයකුට මේ රටේ ආයෝජනය කරන්න අවස්ථාව තියෙනවා. දැන් කාටවත් කොමිස් දෙන්න අවශ්‍ය නෑ. 


ප්‍රශ්නය : මලික් සමරවික්‍රම ඇමැතිවරයා මූලික වෙලා හොරණදී ආරම්භ කරපු ටයර් කම්හල ජනාධිපතිවරයා නතර කළා. 
පිළිතුර :
ඒක මම හරියට දන්නේ නැහැ. එතැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති. නමුත් මම ඒක හරියටම දන්නේ නැහැ.


ප්‍රශ්නය : බැඳුම්කර සිද්ධිය නිසා ආණ්ඩුවේ ප්‍රතිරූපයට බරපතළ ලෙස හානිවෙලා. 
පිළිතුර :
දැන් ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. අනික ඕක අද ඊයේ වෙච්ච එකකුත් නොවෙයි. පසුගිය ආණ්ඩුව කාලේ ඉඳලම කෙරිච්ච ගනුදෙනුවක්. මෙතැන හොරකමක් වෙලා තියෙනවා කියලා. අපේ අගමැතිතුමාට මඩ ගහනකොට  ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා. කෝප් කමිටුව මේක විමර්ශනයට ලක් කළා. ඒකේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති  මන්ත්‍රීතුමා. දැන් ඒක අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මහ බැංකු හිටපු අධිපතිවරයාගෙන් ඔය පැය පහ හය හත ප්‍රශ්න කරන්නේ. ඔය කියන විදියට හොර පොල් කඩපු එකෙකුගේ බෙල්ලෙන් අල්ලලා කූඩුවට දානවා වගේ මේව කරන්න බෑ. ක්‍රමානුකූලව පිළිවෙළකට ක්‍රමයකට ඕන හොරු අල්ලන්න. අපි නිතීමය කටයුතු කරගෙන යනවා. 


ප්‍රශ්නය : මහ බැංකුව පවා රජයට අනතුරු හැඟවීමක් කළා. විශාල ආර්ථික අර්බුදයක් එන බව. කෝ ආණ්ඩුවේ සූදානම. 
පිළිතුර :
ආර්ථිකය  කඩා වැටෙන තැනට පසුගිය ආණ්ඩුව ගෙනාපු නිසා තමයි දැන් කඩා වැටිලා  තියෙන්නේ. අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි ලෝකයේ රාජ්‍ය නායකයන් හමුවෙලා ආධාර උපකාර අරන් ණය  අරන් ආර්ථිකය බේරා ගන්න දැන් සැලසුම් සකස් කරගෙන යනවා. 


ප්‍රශ්නය : නමුත් ආණ්ඩුව කරන්නේ රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපොළ විකිණීම බවයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ. 
පිළිතුර :
හා එහෙම විකිණිල්ලක් නෑ. කොහේද විකුණලා තියෙන්නේ. පට්ටපල් බොරුනේ. 


ප්‍රශ්නය : හයිවේ එකත් පෞද්ගලික සමාගමකට දෙන්න හදනවා කියලා පුවත් පළ වුණා. 
පිළිතුර :
එහෙම යෝජනාවක් තිබුණා. හයිවේ  හැදුවෙත් පිටරටින් කෝටි ගණන් ණය අරගෙනනේ. නමුත් තාම එහෙම අවසන් තීරණයක් අරගෙන නෑ. එහෙම යෝජනාවක් ඉදිරිපත්වෙලා තියෙනවා. අපේ රටේ ආයතන එහෙම පිටරටට විකුණන්න අපේ නායකතුමත් අපේ පක්ෂයත් තීරණය කරලත් නෑ. කරන්නෙත් නෑ. 


ප්‍රශ්නය : ඔබ එහෙම කිවුවත් ධීවර සංස්ථාව විකුණන්නත් සැලැසුමක් තිබුණා. 
පිළිතුර :
ධීවර සංස්ථාව පසුගිය කාලේ අන්තිමට වැටුණා. ධීවර සංස්ථාව කියන්නේ මේ රටේ සමස්ත ජනතාවට සහන මිලකට හොඳ මත්ස්‍ය සම්පතක් ලබාදෙන ආයතනයක්. ධීවර සංස්ථාව පාඩුවට හරි ජනතාවට සේවයක් කළයුතු ආයතනයක්. මේ ආයතනය පසුගිය ආණ්ඩුව කාලේ මළ ගෙදරටයි දාන ගෙදරටයි අප්පච්චිලාගේ ගෙදරටයි මාළු දෙන්න පටන් ගත්තම ධීවර සංස්ථාව බංකොලොත් වුණා. 


ප්‍රශ්නය : ඒ කාලේ ධීවර ඇමැති රාජිත සේනාරත්න. 
පිළිතුර :
ඔව්. එතුමත් හිටියා. මහින්ද රාජපක්ෂත් ධීවර ඇමැතිවෙලා හිටියා. හත්සිය ගාණයි ඉන්න ඕනෑ සේවක සංඛ්‍යාව ඒත් එක්දහස් එකසිය ගාණක් සේවකයෝ බඳවා ගත්තා. ඒ සේවකයන්ට පඩි ගෙවා ගන්න විදියක් නෑ. හැමදාම පඩි ගෙව්වේ  භාණ්ඩාගාරයෙන්.


ප්‍රශ්නය : ඒ නිසාද විකුණන්න හදන්නේ.
පිළිතුර :
ධීවර සංස්ථාව පෞද්ගලිකරණය කරනවට මම නම් විරුද්ධයි. අමරවීර ඇමැතිතුමා ඒක දෙන්න වගේ හැදුවේ. නමුත් දැන් දෙන්නේ නෑ. ධීවර සංස්ථාවට පඩි ගෙවන්න මාසෙකට භාණ්ඩාගාරයෙන් මිලියන 13ක් එව්වා. ඒක දරන්න බෑනේ. ඒනිසා සේවකයන්ට වන්දි දීලා කැමැත්තෙන් විශ්‍රාම යන්න ක්‍රමයක් හැදුවා. ඊට  අමතරව තමයි රජයට සියයට 51යි. පෞද්ගලික අංශයට සියයට 49 යන විදියට පෞද්ගලිකරණය කරන්න ගියේ. දැන්නම් මේ වෙනකොට ධීවර සංස්ථාව සුළු සුළු ලාබ පෙන්නුම් කරනවා. අනිත් එක හොරු කණ්ඩායමක් තමයි හිටියේ. ධීවර සංස්ථාවේ හිටියේ හොරු ටික. ඒ හොරු නිසා තමයි මේක මේ තත්ත්වයට පත් වුණේ. 


ප්‍රශ්නය : ධීවර සංස්ථාව ඔබට බාරදෙන්න කියලා ඔබ ඉල්ලීමක් කළා. 
පිළිතුර :
ඔව්. මම එහෙම ඉල්ලීමක් කළා. මම කිව්වා මට දුන්නොත් අවුරුදු දෙකක් ඇතුළත මම ලාබ ලබලා පෙන්වන්නම් කියලා.


ප්‍රශ්නය : ඒකට මොකද කිව්වේ. 
පිළිතුර :
ඒක ආයතනයක්නේ. ඒ නිසා මට ලැබුණේ නෑ. ආයතනයක් මට බාර දෙන්න කැබිනට් අමාත්‍යවරයාට කැමැත්තක් තිබුණේ නෑ. අනික අපි කිව්වා අපිට දෙනවානම් ඇමැතිතුමා දාපු අධ්‍යක්ෂ මණ්ඩලය අපට එපා කියලා. 


ප්‍රශ්නය : එහෙම කිව්වේ ඇයි?
පිළිතුර :
ඒගොල්ලෝ දාපු අධ්‍යක්ෂ මණ්ඩලය දාගෙන නරක නාමේ අපට එන්නත් හොඳ නාමේ ඒගොල්ලොන්ට යන්නත් බෑනේ. 


ප්‍රශ්නය : කතානායකවරයාව කවද්ද අයින් කරන්නේ?
පිළිතුර :
එහෙම අයින් කරන්න අපේ තීරණයක් නෑ.


ප්‍රශ්නය : එහෙම ඉල්ලීමක් යූඑන්පියේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකයාගෙන් ඉල්ලුවා කියලා ප්‍රවෘත්ති පළවුණා. 
පිළිතුර :
එහෙම ඉල්ලීමක් කරලා නෑ. ඔය මේ ඒකාබද්ධ විපක්ෂය කියන කතානේ.


ප්‍රශ්නය : නමුත් සභානායක ඇමැති කිරිඇල්ල ඇතුළු යුඑන්පී මන්ත්‍රීවරු පිරිසක් කතානායකට විරෝධය පළ කරලා. පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. 
පිළිතුර :
නෑ. ඉතින් මේක හැමදාම පාර්ලිමේන්තුව  පටන් ගත්තාම පැයයි තියෙන්නේ. ප්‍රශ්න අහන්න. නමුත් ඒකාබද්ධ විපක්ෂය මේක ඇද ඇද පැය තුන හතරක් ගන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න බැරි වෙනවනේ. මේක හැමදාම සිද්ධවෙන නිසා කතානායකතුමාට නොවෙයි. මේ ක්‍රමයට විරෝධය පාලා තමයි එළියට ගියේ. එතකොට මේ දෙකෙන් එකක් වෙන්නැතෑ. 


ප්‍රශ්නය : දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක් පාර්ලිමේන්තුව තහනම් කළා. පාර්ලිමේන්තුව ඇතුළටත් මර්දනය ඇවිත්. 
පිළිතුර :
ඒක සම්ප්‍රදායනේ. කතානායකවරයාට අවනත නොවුණාම පුටු පිටින් උස්සන් ගිහින්  තියෙන්නේ. 


ප්‍රශ්නය : ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් ඉන්නවා. ඔවුන්ට කතා කරන්න ප්‍රමාණවත් කාලයක් නෑ කියලයි  කියන්නේ. 
පිළිතුර :
ඒකාබද්ධ විපක්ෂය කියලා විපක්ෂයක් නෑ. විපක්ෂයට දීලා තියෙන ප්‍රමාණය තමයි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. කතානායකතුමා පක්ෂ නායකයොත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. 


ප්‍රශ්නය : ආණ්ඩුව දැන් උද්ඝෝෂණය කරන තැන් හඳුන්වලා දෙන්න හදනවා. 
පිළිතුර :
ඒක ඉතින් හොඳයිනේ. දැන් කොළඹ නගරයේ මිනිසුන්ට යන්න විදියක් නෑ. වාහනයකට යන්න විදියක් නෑ. පිට පළාතකින් එන මනුස්සයකුට  තමන්ගේ වැඩක් කර ගන්න නෑ. අර කඳුළු ගෑස්වලට තුවාල වෙච්ච මිනිස්සු ඉන්නවා. අපේ ගම් පළාතෙන්  ඇවිල්ලා එහෙම තුවාල වෙච්ච අය ඉන්නවා. ඒ නිසා කොහේ හරි එක තැනක් නම් කරලා එතැනට වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් උද්ඝෝෂණය කරලා යයිනේ. 


ප්‍රශ්නය : මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ආශාවට නොවෙයි. ප්‍රශ්න තියෙන නිසානේ. 
පිළිතුර :
ප්‍රශ්න නැති කරන්න තමයි මේ යන්නේ. මෙතැන තියෙන්නේ  ඇති කරපු ප්‍රශ්නනේ. සයිටම් එක ගන්න. මහින්ද රාජපක්ෂ ඒකට අවසර දුන්නේ. දැන් ඒගොල්ලෝම කට්ටිය දාලා උද්ඝෝෂණය කරවනවා. මේගොල්ලෝ රට ගෙනියන්න දෙන්නේ නෑනේ. ඔය උද්ඝෝෂණවලට මුල පසුගිය රජය ඉතිරි කරපු ප්‍රශ්න. ඒ ආණ්ඩුව කාලේ උද්ඝෝෂණ කරන්න ඉඩ දුන්නේ නෑ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලනවනේ. ඉතින් උද්ඝෝෂණ කරනවා. 


ප්‍රශ්නය : මේ විදියට මේ ආණ්ඩුවට තව කොච්චර දුර යන්න පුළුවන් වෙයිද? 
පිළිතුර :
මේ අවුරුදු පහ ඉවර වෙනකම් යනවා. පහෙන් පස්සේ  යුඑන්පී ආණ්ඩුවක් තව අවුරුදු පහළොවක් විස්සක් යනවා. 


ප්‍රශ්නය : මහින්ද රාජපක්ෂ කිව්වා 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා. 
පිළිතුර :
එයාට පිහිටුවන්න පුළුවන් වෙන්නේ සියඹලාණ්ඩුවක් විතරයි.

සාකච්ඡා කළේ :ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (2)

එයාලට පිහිටුවන්න පුළුවන් වෙන්නේ සියඹලාණ්ඩුවක් විතරයි

sanjeewa Tuesday, 21 March 2017 09:54 PM

සියඹලා ආණ්ඩුවද බලන්න ඡන්දෙ තියන්න. එතකොට එක මිනිස්සු බලාගනියි.

:       0       13

ruwan Wednesday, 22 March 2017 06:36 PM

මොලේ නැති මට කියන මොට්ට ගොන් ජෝක් කතා ගණන් ගන්න මිනිස්සු ලංකාවේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1124 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 857 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2273 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2139 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3673 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1590 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site