IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආර්ථිකය නංවන්න නම් සම්ප්‍රදායයෙන් පිටපනින්න ඕනෑ

(නාලක සංජීව දහනායක)

ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ආර්ථික රාමුවෙන් හැකි ඉක්මනින්ම වෙනස් විය යුතු බවත් එසේ නොවුණහොත් අපට ලැබෙන අවස්ථාවන් ගිලිහී යන බවත් වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (13) පැවැසීය.        

රටක ආර්ථිකය ගොඩනැඟෙන්නේ ශ්‍රමය වගුරන ජනතාව අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, විශ්ලේෂණය හෝ ප්‍රතිපත්ති මඟින් නොවන බව ද ඔහු කීය.

කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (13) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වියත්මඟ වාර්ෂික සම්මේලනය පැවැත්විණි.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ඇල්ලේ ගුණවංශ හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හැරී ජයවර්ධන, කෙන් බාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන දෙස් විදෙස් විද්වත්හු හා ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය ප්‍රමුඛ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පැවැති සටනේදී ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ ගෝකුළන් නමැති තරුණයා ද්‍රවිඩ හා සිංහල ගීත ගයමින් වියත්මඟ සමුළුව වර්ණවත් කළේය. ඔහු වියත්මඟ සමුළුව වෙනුවෙන්ම යාපනයේ සිට පැමිණ සිටියේය. 
 සමුළුව ඇමතූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවැසීය.

“වසර 2030 වනවිට චීනයේ ආර්ථික වර්ධන වේගය ඇමෙරිකාව මෙන් දෙගුණයක් වෙනවා. ඉන්දියාව තුන්වැනි තැනටත්, ජපානය සිවුවැනි තැනට හා ඉන්දුනීසියාව පස්වැනි තැනටත් පත්වෙනවා. එවිට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියානු සාගරය පත්වෙනවා. එහෙත් ඒ ගෝලීය ආර්ථික වෙනසට අප රට සූදානම් ද කියන ප්‍රශ්නය මතුවෙනවා.

මේ රටේ සිටින පර්යේෂකයන්, නිර්මාණකරුවන්, වෘත්තීයවේදීන්ට හිමි කාර්යය අප හඳුනාගත යුතුයි. වියත්මඟ සංවිධානයේ අරමුණ ඒ සඳහා රට සූදානම් කිරීමයි. එනම් 2030 වසර සඳහා රට සූදානම් කිරීමයි.

ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කිසිවක් සංවර්ධනය කළ නොහැකියි. ආර්ථිකය නිසි පරිදි වර්ධනය වුවහොත් අද තිබෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. ඒ සඳහා ගැළපෙන පරිදි ආර්ථික ව්‍යුහය සකස් කරගන්න ඕන. සමාජවාදී වෙළඳෙපොළ ආර්ථිකයක් හරහා ආර්ථිකය වර්ධනය කරන ගමන්ම අපි අපේ සංස්කෘතිය ආරක්‍ෂා කරගත යුතුයි. ලෝකයෙන් ඈත්වෙලා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ.

එමෙන්ම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින්ම වෙනස් කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට අපි ප්‍රමාද වුවහොත් අපිට ලැබෙන අවස්ථාවන් අහිමි වී යනවා. එමෙන්ම අපි ප්‍රමාදවන තරමට මේ ආර්ථික ප්‍රශ්න උග්‍රවෙනවා. අපේ රටේ බොහෝ වෘත්තීන් තිබෙන්නේ තාක්‍ෂණයේ ඉතාම පහළ මට්ටමේයි. නව ආර්ථික සැලැස්මක් යටතේ අපි මේවා දියුණු කරගත යුතුයි.

දැනුම මුල්වූ ආර්ථිකය ලෝකයේ නව ප්‍රවණතාවයි. දැනුම මුල්වූ ආර්ථිකය මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි. ගෝලීය ආර්ථික නිරන්තරයෙන්ම සංක්‍රමණය වෙනවා. වර්තමානය වනවිට දියුණුව පවතින්නේ අන්තර්ජාලය හා සබැඳි ආර්ථිකයයි. අප එයට සූදානම් විය යුතුයි. ඒ සඳහා නව තාක්‍ෂණයෙන් පිරිපුන් කර්මාන්ත බිහිකළ යුතුයි. අපේ සංස්කෘතිය බැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. නවීන තාක්‍ෂණය සමඟ කෘෂිකර්මාන්තය එකතු කිරීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකියි.

සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර අධ්‍යාපනය, සංචාරක වෛද්‍ය ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍රයන් අප තව තවත් දියුණු කරගත යුතුයි. එමෙන්ම විද්‍යාත්මක හා තාක්‍ෂණික පර්යේෂණ තව තවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට රජය ආධාර කළ යුතුයි. ගෝලීය ආර්ථිකයට සාපේක්‍ෂව අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමේදී සංවර්ධනයට බලපෑම් කරන රෙගුලාසි හා පුරුදු වෙනස් කරගන්න ඕන. 

ආර්ථික වර්ධනය සඳහා ආයෝජන ඉතාම වැදගත්. ඒ නිසා පුද්ගලික අංශයට උදව් කරමින්ම ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගෙන ආ යුතුයි. එසේ නොවුණහොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන ගෙන ඒම සුදුසු නැහැ. ආයෝජන ගෙන ඒම සඳහා නව ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. විදේශ ආයෝජන ගෙන ඒමේදී අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කරගන්න ඕන.

අප විසින් නිදහස් වෙළෙඳ කලාප නිසි කාලයේදී වෙනස් නොකළ නිසා ඒ සම්බන්ධයෙන් පහත් හැඟීමක් අපිට තියෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් වෙළෙඳ කලාප තිබෙනවා. අපිත් නවීන ලෝකයට ගැළපෙන පරිදි නිදහස් වෙළෙඳ කලාප වෙනස් කරන්න ඕන.

එමෙන්ම අප වැනි දියුණු රටවල් සඳහා තාක්‍ෂණික මිනිසුන් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති තව තවත් දියුණු කළ යුතුයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා නිර්මාණකරුවන් හා පර්යේෂකයන් බිහිකරන්න පුළුවන්. එමෙන්ම නිපුණතාවයෙන් වැඩි කම්කරුවන් බිහිකරන්නත් හැකියි.

එමෙන්ම රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්විය යුතු අතරම සියලුම පුද්ගලයන් හා සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවමින් කටයුතු කරන්න ඕන. පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්ව කටයුතු කරන්නත් ඕන. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ වැඩබිමේ, ගොවිබිමේ පැය 8ක් හෝ 10ක් ශ්‍රමය වගුරවන කම්කරුවන් අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාලේඛන මගින් නොවේ.” යැයි ද කීය.

 ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවැසීය.

“ඔබ බොහෝ දෙනකු අත ඇපල් හෝ සැම්සුන් දුරකතනයක් තිබෙනවා. අපේ රටේ මෙම වසරේම සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 84යි. නමුත් ඔබ දන්නේ නැතුව ඇති මෙම වසරේ අවසන් කාර්තුවේ ඇපල් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 88ක් වෙනවා. සැම්සුන් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 174යි. එය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක් වැඩියි. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 74යි. මෙම වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 වනවිට ෆේස්බුක් සමාගමේ ආර්ථික වර්ධන වේගය සියයට 25යි.

 මාක් සකර්බර්ග්ගේ වයස අවුරුදු 30යි. අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70යි. ගෙවී ගිය වසර 70 දී අපේ රට අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. 1977 දී ධනේෂ්වර ක්‍රමය මත පදනම් වූ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ සියල්ල උඩුයටිකුරු වුණා. 70 යුගයේදී හාල් පොල්ලෙන්, මිරිස් පොල්ලෙන් බැටකාපු ජනතාව මේ දෙස බොහොම සතුටින් බලන් හිටියා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඇති නැති පරතරය වැඩිවෙලා සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත්වීම නිසා උතුරේත්, දකුණේත් තරුණ තරුණියන් ආයුධ අතට ගත්තා. 

ප්‍රේමදාස යුගයේදී රටට වේගයෙන් විදේශ ආයෝජන ගලා ආවත් එය ලෙයින් නැහැවුණ යුගයක්. නමුත් ඇඟලුම් කර්මාන්තයට ලංකා ආර්ථිකයේ වැදගත් තැනක් ලැබුණේ මෙම යුගයේදීයි. නමුත් මහින්ද රාජපක්‍ෂ යුගයේදී රටේ ආර්ථිකය සිව්ගුණයකින් ප්‍රසාරණය වුණා.  ඒ නිසා 2015 ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් සියයට 52ක් යහපාලන සංකල්පයට ඡන්දය දුන්නා.

පසුගිය වසර තුන තුළදී රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුණා. 2012-2014 කාලයේදී සියයට 7කට ආසන්න ආර්ථික සංවර්ධනයක පැවැති රට මේ වනවිට සියයට 3.1 දක්වා පහළ වැටිලා. රැකියා උත්පාදන සියයට 82 දක්වා අඩුවෙලා. ආසියාවේ තිරසාරම වෙළෙඳපොළ ලෙස සම්මාන ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද පාඩු ලබන තැනක් බවට පත්වෙලා. රාජ්‍ය ණය බර රුපියල් කෝටි 1,040,000 දක්වා ඉහළ ගිහිල්ලා.

එමෙන්ම සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණය, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වශයෙන් තවත් සමාජ ගැටලු රාශියක් මතුවෙලා.  අතීතය විවේචනය කිරීමෙන් අපේ ගමනට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා හෙටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද යන කරුණ ගැන පමණක් අද සාකච්ඡා කළ යුතුයි.” යැයි ද කීය.
ආරක්‍ෂක විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“1950 දශකය වනවිට අපේ රට ජපානයට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබුණා. 1960 දශකයේ සිංගප්පූරුවට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබූ අපේ රට 1970 දශකය වනවිට ලංකාව කොරියාවට වඩා ඉහළ සංවර්ධනයක් අත්කරගත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඒ සමාජ ආර්ථික දියුණුව දිගින් දිගටම පවත්වා ගන්න අපිට නොහැකි වුණා. එහෙම වුණේ අපේම අත්වැරැදීම් නිසයි.

කිසිදු ජාතියකට හෝ රටකට ගැතිනොවූ නොබැඳි ප්‍රතිපත්තියක ඉන්න අපිට බැරි ඇයි? දිගින් දිගටම අපි එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මීට වඩා ඉහළ දියුණුවක් අත්කරගන්න තිබුණා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝදෙනා එකතු කරන සාමකාමී තැනක්. නොබැඳි ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළා නම් ලංකාවට ආසියාවේ ජිනීවා නුවර බවට පත්වීමට හොඳ අවස්ථාවක් තිබුණා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. මේ වනවිට තත්ත්වය වෙනස් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල දැන් ඇමෙරිකාවෙන් අප්‍රිකාවට ගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ ව්‍යාපෘතීන් අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන නිසා ඒ ප්‍රධාන කාර්යාල අප්‍රිකානු රටවලට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. අපේ රටටත් ඒ ප්‍රධාන කාර්යාලයක් ලබාගත හැකි නම් එය ඉතාම වැදගත් වෙනවා.” යැයි ද කීය.

ඇත්පවුර සම නිර්මාතෘ එරන්ද ගිණිගේ මහතා මෙසේ පැවැසීය.

“සංවර්ධිත යැයි අප හඳුන්වන බොහෝ රටවල් සැබැවින්ම සංවර්ධිත නැහැ. ඒ රටවලත් මූල්‍ය වංචා, දේශපාලන කුමන්ත්‍රණ, යාචකයන් හා දුප්පතුන් ඉන්නවා. සංවර්ධිත නිසාම ඒ රටවල ඉතාම සංකීර්ණ ප්‍රශ්න මතුවෙනවා.
ඇතැම්විට අනුරාධපුර යුගයේදීත් අපේ රටේ මෙගා සිටි ව්‍යාපෘතීන් බිහිවෙන්න ඇති. ඒ යුගයේ සිට අද දක්වා අපි ඉතාම දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා. දැන් අපිට අවශ්‍ය ඕස්ටේ්‍රලියාව, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටක් වෙන්නයි. නමුත් සිදුවිය යුත්තේ අපේ රටේ දේශගුණ හා ස්වාභාවික සම්පත්වලට ගැළපෙන සංවර්ධනයක් ඇතිකිරීමයි. ලෝකයේ හොඳ හා නරක සංකූලතාවන්ට මුහුණ දිය හැකි අලුත් සංවර්ධනයක් නිර්මාණය කර ගැනීමයිද කීය.
විද්‍යාජෝති බන්දුල විජේරත්න, ව්‍යාපාරික මනෝ සේකරන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.  

 



අදහස් (27)

ආර්ථිකය නංවන්න නම් සම්ප්‍රදායයෙන් පිටපනින්න ඕනෑ

කුමාර් (ගල්ෆ්) Tuesday, 15 May 2018 06:12 AM

රට නංවන්න නම්, දේශපාලකයෝ හොරකම් කරපු රටේ සල්ලි ආපහු අරගන රටේ සංවර්ධනයට යොදවන්න ඕනා.

:       2       170

කුමාර් (ගල්ෆ්) Tuesday, 15 May 2018 06:14 AM

මෙයා ඉස්සරහට ලකුණු දාගන්න, මෙයා දන්න ආර්ථිකයක් නැතෝ.

:       1576       1292

enama Tuesday, 15 May 2018 07:31 AM

කලින් ආණ්ඩුව තිබුණේ සම්ප්‍රදායෙන් පිට පනලද ? නැවතත් පිට පන්න කට්ටියමද ගන්න හදන්නේ

:       407       313

de silva berlin Tuesday, 15 May 2018 08:03 AM

මහත්මයෝ ඔය කියපු රටවල් එකක වත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට රටේ පවතින මිල මෙන් 1/3 මිලකට අධි සුපිරි වහනවත්, රටේ යුධ තත්වයක් නැතිකොට ඉදිරියෙන් පසුපසින් යාමට ආරක්ෂක ඩිෆෙන්ඩර රථ හෝ දෙන්නේ නැහැනේ ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 අපිට වැඩිය කිහිප ගුණයක් විශාල භුමි ප්‍රමාණයක් සහ ආර්ථිකයක් හිමි ජපානේ , කොරියාවේ වත් නැතුව ඇති , ඔය රටවල් වලට වැඩිය අපි සංවර්ධනය වෙලා හිටය කියන කාලේ අපේ රට පාලනය කාලේ දහනායක, වැනි ගාල්ලේ ඉඳල කෝච්චියෙන් පාර්ලිමේන්තු ගිය අගමැතිවරු , තම පරම්පරාවේ ධනය දේශපාලනයට වැය කල , බණ්ඩාරනායක , කොතලාවල , සේනානායක වැනි දේශපාලකයන් , සමහරවිට කොරියාව , ජපානය , සිංගප්පුරුව වැනි රටවල් තවම පාලනය කරනවා ඇත්තේ අපේ රටේ 80 දශකයට ඉස්සර සිටිය ජාතියේ රටට ආදරය කරන දේශපාලකයෝ වෙන්න පුළුවන් , එම රටවල පුරවැසියෝ අත කොටලාට, චොක මල්ලිලට , කෝච්චියේ මාල කඩපු රත්රන්ලාට, කිසිම උගත්කමක් නැති ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ නැති වඩේ කාරයන්ට , කිසිම දෙයක් නොදන්නා නමුත් භාර්යාවට තෑගි ලැබුන මිලියන 165 වටිනා ගෙදර ජිවත් වුන ඇමතිලට මනාපේ ගහන්නේ නැතුව ඇති , එහෙ පාලකයන්ට මහබැංකු මංකොල්ල කන , ආයෝජකයන්ගෙන් කෝටි 10 පගාව වශයෙන් ගන්න යාලුවෝ , නිලධාරී එහෙම නැතුව ඇති

:       143       402

BamunuarachchiTuesday, 15 May 2018 05:08 PM

බස් එකේ මන්ත්‍රීලට කාර් දුන්නේ, වැටුප් දුන්නේ 1977 සිට. දේශපාලනය ජරාජීර්ණ උනේ 1977 සිට එක නැහැ කියන්න කාටවත් බැහැ.

:       0       133

Ajith NissankaWednesday, 16 May 2018 02:23 PM

බස් එකේ මන්ත්‍රීලාට කාර් දුන්නේ, වැටුප් දුන්න 1977 ආණ්ඩුවද තාම දුවන්නේ? ඊට පස්සේ ආපු ආණ්ඩු ඒවා හදන්නේ නැතුව කරපු මෙගා හොරකම් නිසා නොවේද මේ අර්බුද? ඒ පවුල් ආණ්ඩු ගෙනාවත් වෙන්නේ ඔය ප්‍රතිඵලම නොවේද?

:       27       25

BamunuarachchiFriday, 18 May 2018 05:19 PM

මෝඩ කතා කියන්න එපා. මොන දේසපාලුවාද දුන් දෙයක් ආපසු ගත්තේ එහෙනම් යහපාලකයින්ට පුළුවන්නේ ඒවා දැන් ඉවත් කරන්න. යහපාලකයෝ තවත් ලක්ෂයක් දුන්නේ මොකද?

:       0       5

Ajith NissankaFriday, 18 May 2018 10:06 PM

අන්න හරි! මෝඩ කතා කියන්න එපා. ශ්‍රී ලංකාවේ මොන දේසපාලුවාද දුන් දෙයක් ආපසු ගත්තේ! හරියටම හරි! ඔය තොප්පිය රාජපක්ස රෙජිමයටත් දැන් යන යපාලන ගොය්යන්ටත් හොදට ගැලපෙනවා! ඒක නිසා ඔය ඊළගට 2020 කුරුමානම් අල්ලන ගෝටාභය මහතාටත් වලංගු වෙනවා! එයාගේ කෙරුවාවත් ඒකට දෙවෙනි නැහැ!

:       0       25

BamunuarachchiTuesday, 15 May 2018 10:50 PM

බණ්ඩාරනායක, සේනානායක යුග නිමාකර මේ අලුත් දූෂිත යුග පටන් ගැනුනේ 1977 දී බව අමතක කරන්න එපා. මේ රට ගොඩගැනීමට සමත්එකම පුද්ගලයා ගෝඨාභය මහතාය.

:       148       291

Ajith NissankaWednesday, 16 May 2018 10:16 PM

බණ්ඩාරනායක, සේනානායක යුග නිමාකර මේ අලුත් දූෂිත යුග පටන් ගැනුනේ 1977 දී බව අමතක කරන්න එපා වගේම එම යුගය නැති කරනවා කියල දහ අතේ පොරොන්දු වී ආපු චන්ද්‍රිකා යුගය, රාජපක්ෂ පවුල් පාලන යුගය සහ යහ පාලන යුගයන් වලදී එම 77 දූෂිත යුගය මෙගා දූෂිත යුගයක් බවට පත් කර රට තුල ණය කන්දක් නිර්මාණය කරපු බවත් අමතක කරන්න එපා! ඉතින් මේ රාජපක්ෂ අලුත් දෙයක් කරන්නේ නැහැ! ණය කන්ද හිමාලය වගේ ලොකු කරාවි!

:       5       21

Bamunuarachchi Tuesday, 15 May 2018 09:55 AM

හරියට හරි සම්ප්‍රදායේ සිටියානම් අපි තාම යුද්ද කොරනවා. 62 කට ඕක ත්රෙන්නේ නැත.

:       401       673

Ajith Nissanka Tuesday, 15 May 2018 02:16 PM

ඔබතුමා 2015 දී පරාද වුණේ නැත්නම් මාක් සකර්බර්ග් ලේසියෙන්ම පරද්දන්න තිබුණා සම්ප්‍රදායේ පිට ගහපු මාටියා වලින්ම!

:       739       1103

Bamunuarachchi Tuesday, 15 May 2018 04:55 PM

ඔබතුමාගේ බුද්දිමත් කතාව දිරවා ගන්න බැරි හාදයෝ දගලන බව පේනවා නේද?

:       258       304

Ajith NissankaWednesday, 16 May 2018 02:18 PM

මෙතුමාගේ බුද්ධිමත් කතාව ලියලා දුන්නේ ඔයාද? දිරවා ගන්න බැරි එක නිසා වෙන්න ඇති...

:       61       120

ධනුෂ්ක Tuesday, 15 May 2018 05:03 PM

මෙතුමා හෝ උපදේශකයන් හෝ අැත්ත තත්වය වටහාගෙන තිබෙනවා. රටක් ගොඩ නගන්නනම්. පාසලෙන් නික්මෙන සෑම අයෙක්ම කුමන හෝ අංශයකින් සන්නද්ධ කළ යුතුයි. සෑම මිනිසෙකුගෙන්ම, සෑම සම්පතකින්ම උපරිම ඵල ලබා ගත යුතුය. එ් සමගම මිනිසුන්ගේ අාකල්පද අංශක 360කින් අාපසු කරකැවිය යුතුය. එ්ක කරන්න පුලුවන් ඔබ කියන සමාජවාදී අාර්ථිකයකින් පමනයි. මොකද වත්මන් ධනවාදී අාර්ථිකයට එ්ක බෑ කියලා ඔප්පු කරලා තියනවා. අපි බැංකු ණයක් අරන් කඩයක් දානවනම් ණය වාරික අාදායමෙන් ගෙවිය යුතයි. හැබැයි වෙන්නේ ණය හිලව්වට කඩේ දෙන එක. මෙච්චර කල් ඔබ තුමාගේ අයියලා කරෙත් එ්ක. ඔවුන් ණය වෙලා ලාභ නොලබන ව්‍යාපාර අැරඹුවා දැන් අාණ්ඩුව ණය ගෙවන්න එ්වා විකුණන්යනවා. ඔබ තුමටත් දැන් බලය නොමැති නිසා මේ වගේ යහපත් අදහස් එනවා. මම ටිකක් භය නිසා එතනින් එහාට මොකුත් නොකියමි.

:       79       317

Bamunuarachchi Tuesday, 15 May 2018 05:13 PM

ඔබගේ කතාවට පිළිතුරු දෙන බොහෝ දෙන මෙලිපිය කියවා ඇති අය නොවී මුල් වැකිය කියවා දොඩවන අයයි.

:       243       96

lion Wednesday, 16 May 2018 12:24 AM

කව්ද කොල්ලෝ ඔය කියවන කොලේ ලියල දුන්නේ.

:       155       53

..gayan Wednesday, 16 May 2018 09:36 AM

මෙතන ඒකාබද්ධ විපක්ෂයේ සෙට් එක ඇරුණාම විද්වතුන් කියලා වෙන කවුරුත් නෑනේ. ඒකනේ බය නැතුව කියන්නේ... විද්වතුන්ගේ ප්‍රතිපත්ති විශ්ලේෂණ වැඩක් නෑ කියලා. හොඳ වෙලාවට විද්වතුන් කවුරුත් නෑ. ඊළග ජනාධිපතිවරණයේදි ආර්ථිකය ගොඩදාන්න මටයි පුළුවන් කියන කැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. හැබැයි ආර්ථිකය ගැන පොඩ්ඩක් හරි දන්න ඕනෑ කෙනෙක් දන්නවා. ලංකාවේ ආර්ථිකයට කෙලවළා... යැව්වේ කවුද කියලා? බුද්ධිමත් අන් වැඩක් නෑ කියලා පවුලේ සෙට්එක එකතුවෙලා ඉතුරු ටිකකටත් ගේම දෙන්න ඔන්න දැන් අමුඩ ගහනවා. මහත්තයො ලංකාවේ ආර්ථිකයට කෙළවුනේ බුද්ධිමතුන් කියපු දේ නොඅසා ඒ ප්‍රතිපත්ති විශ්ලේෂණ නොසලකා එ්රටේ සම්පත් බෙදාහදාගත්ත නිසා කියලා ඔබට වැටහෙන්නෙම නැද්ද ඉඳලා හිටලවත්... අනේ අම්මපා ගොඩක් ඉගෙන ගත්ත නැති හින්දද මන්දා අපට එහෙම හිතෙනවනේ... ඇයි දන්නෙ නෑ.

:       754       732

Sujeewa Wednesday, 16 May 2018 12:14 PM

ගයාන් මහත්මයා, ඔබගේ ඇස් පොට්ටද? පින්තූරවල සහ ප්‍රවෘත්තියේ නිදහස් මතධාරී හැරී ජයවර්දන, කීල්ස් සමුහයේ කෙන් බාලේන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය මනෝ සේකාරම්, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්... සහභාගී වූ සම්මන්ත්‍රණයක් බව ඔබට තේරුම් යන්නේ නැත්තේ ඔබ තාමත් ජරා පාලනයට කඩේ යන නිසාද? එමගින් ඔබට පෞද්ගලික ලාභයක් ලැබෙනු ඇත. නමුත්, මට දරුවන් ඇත. මට දුප්පත් දුගී නෑදෑයන් ඇත. රටේ දුප්පත් ජනතාව හෙට ගැන බලාපොරොත්තුවකින් සිටී. ඔවුන්ගේ අනාගතය සාක්ෂාත් කිරීම මගේ යුතුකමකි. මම 2015 ජනවාරි 08 දින කල මෝඩකම ගැන පසුතැවිලි වෙමි. ලක්ෂ 62ක් වූ ඒවා අතුරින්, 2018 පෙබෙරවාරි 10 දින, ජනාධිපතිට ඉතුරු වුනේ 4%ක් පමණි. ඩී.එස්., ඩඩ්ලි සේනානායකයන්ගේ උදාර අජාප පක්ෂෙට ලැබුනේ 30% කි. ඒ ජනතා තීන්දුවයි. මනුස්සකමට නිගා නොකරන්න.

:       1311       1637

Thilina Wednesday, 16 May 2018 07:14 PM

ආර්ථිකය ගැන කෙටි සටහනක්..දියුණු සංවර්දිත රටක ප්‍රදාන මැනුම් ඒකකයක් වන ඒක පුද්ගල අදායම ඩොලර් 12600 පමණ වනවා.2005 දී ලංකාවේ එය ඩොලර් 1200 අගයක පැවති අතර 2015 දී ඩොලර් 3800 දක්වා වැඩි වූ අතර අවුරදු 9 තුල වැඩි වූ අගය ඩොලර් 2700. අවුරුද්දක සාමාන්‍ය වැඩි වූ අගය ඩොලර් 280 අගයක පැවතුන.එම අගය එම මට්ටමෙන්ම පවත්වාගෙන ගියානම් වසර 30 ඇතුලත අප දියුණු රටක අගයට ලගා වෙනවා...නමුත් 2018 වනවිට එය ඩොලර් 4030 වූ අතර පසුගිය අවුරදු 3 තුලදී වැඩි වූ අගය ඩොලර් 210. අවුරුද්දක සාමාන්‍ය අගය ඩොලර් 70. අවුරදු 130 ගිහින්වත් සංවර්දිත රටක අගයට ළඟාවීම පහසු වෙන එකක් නැහැ.එයයි යහපාලනයෙන් ඔබ අප ලැබූ වෙනස..

:       129       12

chathuri Wednesday, 16 May 2018 09:15 PM

පුදුම වැඩේ. කියන්නේ අයියල ,මල්ලිලට පැරදුනාම තමයි. ජනතාවගේ දුක රට සංවර්දනය. කරන්න. මතක් වෙන්නේ. බලය තියෙනකොට. රටේ දේපල හොරෙන් අරන්. පිටරට පටවනවා. දැන් මේ. හෝටලයේ බිල. ගෙවන්නේ කවුද . රාජපක්ෂලා නැති රටක් හදන්න සියලුම. දෙනා. මොලය පාවිච්චි කරන්න රටට ආදරේට නෙමේ බලයට. එන්නේ කට්ටියට තියෙන දුෂණ ක්‍රියා යට. ගහන්න. නිතරම හිතන්න ජනාධිපති ඇතුළු නායකයින් වැඩ කරන්නේ. පිනට නෙමේ ජනතාවගේ මුදලින් සුර සැප. විදින්න එන්නේ මතකනේ රජ්ජුරුවෝ කරපු දේවල්. ඒ. පව් මිනිසුන්ගේ පිට දමලා අපි නොකා නොබී. බදු ගෙවනවා. දැන් අනිත් මල්ලි. රජ සැප විදින්න එන්න. හදනවා ඇමරිකන් සිටිසන් නේද

:       10       46

Nalaka Wednesday, 16 May 2018 10:38 PM

පිට පනින්න කිව්වේ තමුන්ට හම්බකරන එකද, තමුන්ගේ අයට තනතුරු දෙන එක නවත්තන එකද ෙ

:       5       18

GAYAN Thursday, 17 May 2018 03:05 AM

තිලිනගේ ආර්ථික කෙටිසමහනට පසුවදනක්, ගණිතමය වශයෙන් ඔබ නිවැරදි වුනත් ආර්ථික විදළුාත්මකව ඔබ නිවැරදි බව පේන්නෙ නෑ. මොකද 2005 පසු යුධ වාතාවරණයක් තුල ජාතික නිෂ්පාදනයේ ර්‍තව්‍ර වඩිවීම පළදායි නිෂ්පාදනයේ වැඩිවීමක් නොවේ. යුධ හමුදාවක් අවිආයුධ වියදම් ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය වැඩිවෙනවා සංඛ්‍යාත්මකව. නමුත් ජනතාවගේ ඇත්ත සමාජ ආර්ථික පුශන විසදන්න දිගුකාලීනව ඒ වැඩිවීම හේතුවෙන්පනෙ නෑ. රජයට මහපරිමාණයෙන් උපාධිධාරීන් බඳවා ගැනීම. ජාතික නිෂ්පාදනයෙ වැඩිවෙලා පේනවා. ඒත් ඒ අයට ඵලදායි කාර්යයක නිරත කරවන්නෙ නැතිව පඩි ගෙව්වට ජාතික න්ෂ්පාදනයේ සැබෑ වැඩිවීමක් නෑ. ඔවුන්ගෙ නිමැවුමෙන් නොවේ වැටුප් ගෙවන්නෙ. ණයට අරගෙන. ඵලදායී නොවන ආයෝජන හම්බන්තොට වගේ පළාතක තකහනියෙ අතිවිශාල පාරවල් හදනව වගේ. ඒ කියන්නෙ ආන්තික ඵලදායිතාව අන්තිම පහල මට්ටමක තියෙන ආයෝජන. මේවගෙන් වෙන්නෙ කෙටිකාලින ආර්ධත වර්ධයක් දිගුකාලීන ආර්ථික අවගමනයකට පදනමක් වැටීමත් විතරයි.

:       768       777

SujeewaThursday, 17 May 2018 12:24 PM

ගයන් මහතා, ඔබ නම් නියමෙට කඩේ නෙවෙයි, සුපර් මාර්කට්"යනවා. ඔහොම යං. රටේ පෙබරවාරි 10, 2018 වුනදේ තාම දන්නේ නැත්තේ. තාම ගයාන් මහතා හීන බල බලා නිදි නිසාද කොහේදෝ.

:       527       61

amilaSaturday, 19 May 2018 10:25 AM

2018. 02. 10 සිදුවුනේ 2015... ජනවාරි සිදුවූ දේම බව සුජීවට නොතේරීම පුුදුමයකි. මහින්ද මහතා 2015 ලබාගත් ඡන්ද ප්‍රමාණය ඒ ලෙසම ලබාගැනීම තුළ බහුතර ආසන ගණනක බලය ලබාදීම සඳහා මැතිවරණ ක්‍රමයට කළ විකෘති සංශෝධනය ගැන මේ මෝඩ රජයට තුති පිදිය යුතුයි. වැදගත් වන්නේ 2010 මහින්දට ඡන්දෙ දුන්අය 2015 ඡන්දය නොදුන්නේ ඇයිද යන්නයි. ඒ ඡන්දය නොදීමට ඒ ජනතාවට බලපාපු හේතුව අහෝසි වීමේ කරුණින් 2018දී මහින්දට කිසිඳු ඡන්දයක් ලැබී නැත. ඡන්ද ප්‍රමාණය ස්ථාවර වීමේ අර්ථය එයයි. එසේ තිබියදී වර්තමාන රජයේ ජනප්‍රියත්වය පිරිහීමේ දේශපාලන ඇඟවුම කුමක්ද? මගේ වැටහීම අනුව ජනතාවට මේ කල්ලි දෙක කළේම පැහැදීමක් නැති බවයි. ලංකාවේ පවතින බහුපක්ෂ කුජීත දේශපාලන සංස්කෘතිය පිළිබඳ මහජන මතය ලෙස මම 2015 හා 2018 මැතිවරණ ප්‍රථිඵලය වටහා ගනිමි. මක්නිසාද මේ මැතිවරණ දෙකම ප්‍රතිඵලය ගුණාත්මක දේශපාලන කිරීමක් සඳහා ජනතාවගේ අභිලාෂය හා එසේ නොවීමේ අප්‍රසාදය ප්‍රකාශයට පත්වන හෙයිනි.

:       7       24

harsha Friday, 18 May 2018 10:52 AM

පක්ෂ දේශපාලනය පසෙකට කරන්න අපට රටක් තිබෙනවා. අද එමරට අසීරු තත්වයක තිබෙන බව තේරුම් ගන්න. 2009න් පසු අප රටට ආයෝජන ලැබුණු බවත් යටිතල පසුකම් සහ සංවර්ධන කටයුතු සිදුවූ බවත් නොපිළිගන්නේ නම් එයට බෙහෙත් නොමැත. අතීතයේ අපට සිදූවූ සමහර වැරදි නිවැරදි කිරීමේ හැකියවක් දැන් නැත. කළයුතු වනුයේ ඉදිරියට කළයුතු දේ තවත් කල් නොයවා කිරීමයි. ඒ සඳහා නියම දැක්මක් සහ ඒ වෙනුවෙන් අව්‍යාජ නොවන කැපවීමක් ඇති නායකත්වයක අවශ්‍යතාවය 110 වාරයක් නොව දසදහස් වාරයක් පැහැදිලි වේ. සිංගප්පූරුවේ 50 වන නිදහස් දින එහි අගමැතිවරයා කළ කතාව හා සමාන කතා කිහිපයක් මෙම වැඩ සටහන අන්තර්ජාලයෙන් සවන්දුන් අයුරු මට මතක්විය. අවශ්‍යතාවයක දැක්ම ඇතත් ඉතිරිව තිබෙන්නේ ඒ සඳහා කැපකල හැකි නායකත්වයකි. දමාසිටින පක්ෂ කණ්ණාඩි ඉවතලමින් යථාර්තය මනුෂ්‍යයෙක් වන ඔබට සිතීමට මොලයක් ඇතිබව තේරුම් ගන්න. ඔලුව ඇත්තේ කොණ්ඩය පිරීමට පමණක් නොව සිතීමටය.

:       1       46

chandrani Tuesday, 22 May 2018 10:09 AM

අගමැති රනිල් මහතාත් ඉදිරිපත් කරන ආර්ථික දර්ශනය ඹ්කමයි .

:       10       6

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 44 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1156 3

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 893 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3679 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site