IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අවස්ථාවාදය අන්තවාදය බලය ගැන නොසිතා ජාතියක් ලෙස පෙරට යෑමට වගකීම් යුතුකම් ඉටුකරමු

(ආරියරත්න රණබාහු, අම්පාර වසන්ත චන්ද්‍රපාල, හිඟුරාන නවරත්න සමරතුංග සහ මධ්‍යම කඳවුර ප්‍රියන්ත තිලකරත්න අරන්තලාවේ සිට)

ආධ්‍යාත්මික සංවර්ධනය මඟින් රටක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාර අරන්තලාවේදී සිකුරාදා (2) පැවැසීය.

එහිදී අවස්ථාවාදය, අන්තවාදය සහ බලය පිළිබඳව සිතීම පසෙකලා ජාතියක් විදියට ඉදිරියට යෑම සඳහා අපගේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේ ඉකුත් සිකුරාදා (2) පස්වරුවේ අම්පාර අරන්තලාව ශ්‍රී ඉන්දසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෑගොඩ ඉන්දසාර නාහිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 31ක් නමක් සැමරීම සඳහා පැවැති 30 වැනි සමරු උත්සවය අමතමිනි.

1987 ජූනි 2 වැනිදා මෙම ස්ථානයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නාහිමියන් ප්‍රමුඛ 31 නමක් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් තිදෙනකු කපා කොටා ඝාතනය කෙරිණි.

සමරු උත්සව සභාව ආරම්භ කරමින් මහියංගණ රාජමහා විහාරාධිපති ඌරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියෝ පිරිස පංච ශීලයේ පිහිටු වූහ.

ජනාධිපතිවරයා මෙසේ ද කීය.
මීට වසර 30කට පෙර අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ජනතාවගේ සිත්සතන් කම්පාවට පත්කරමින් සිදු වූ ඒ මහා ශෝකජනක සිද්ධියත් සමග අපවත් වී වදාළ හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ගුණ සමරන අවස්ථාවක ඊට එක්වීමට ලැබීම ගෞරවයක් කොට සලකනවා.

අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාසය ගත්විට ඒ ඉතිහාස මතක සටහන් තුළ සැම තැනම ගැබ්වී තිබෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා එදා මෙදා කාලය තුළ ඉටුකළ ශාසනික සහ ජාතික සේවාව වගේම මවුබිම වෙනුවෙන් දිවි පිදූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පිළිබඳවයි.

වසර 30කට ආසන්න තිබූ ඒ ම්ලේච්ඡ යුද්ධය තුළ මුළු ලෝකයම කම්පා කරමින් තමයි මේ අරන්තලා මහා සංඝ පීතෘවරුන් වහන්සේලාගේ ඛේදවාචකය සිදුවුණේ. එහිදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ අපේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමයි. නමුත් ත්‍රස්තවාදීන් එදා බලාපොරොත්තු වූ දේ සිදුවුණේ නැහැ. ජනතාව තුළ වේදනාව, කනගාටුව ඇතිවුණත් බෞද්ධාගමික පරිසරයක් තුළ ජීවත්වන ජනතාව ඉන් නොසන්සුන් වුණේ නැහැ.

ඔවුන් සෑම දෙනෙක්ම ඉවසීමෙන් යුතුව ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ඒ සටනට දායකත්වයක් දුන්නා. ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා. ඒ නිසා මෙවැනි සිද්ධියක් පිළිබඳ අපි අනුස්මරණය කරනවා සේම, උන්වහන්සේලාට පින් පමුණුවනවා වගේම අපි සෑම අවස්ථාවකම මෙවන් සිදුවීම් ගත යුත්තේ ජාතියක් ලෙස ඉදිරියට යාමට ශක්තිමත් වීම සඳහා.

මිනිසුන් විදියට අපි සෑමවිටම වේදනාව සහ කඳුළ ජාතියක් ගොඩනගන්න ශක්තියක් කරගත යුතුයි. අපේ ඉතිහාසය සැමවිටම සටන්කාමී ඉතිහාසයක් බව අපි දන්නවා. දූපත් රාජ්‍යයක් විදියට විදේශ ආක්‍රමණවලට එරෙහිව ඉතිහාසය පුරා සටන් කළ ජනතාවක් තමයි අපේ රටේ ජනතාව. එම සටන් තුළින් සැමවිටම අපි අධිෂ්ඨානශීලී වුණා. ඇතැම් විට රට තුළ ඇති වූ අභ්‍යන්තර යුදමය අවස්ථාවන්වලදී අපි අපහසුතාවන්ට පසුබෑම්වලට ලක්වුණා.

එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් ගොඩනැඟෙන කතාවත් සමඟ අද දවසේ වගකීම සහ හෙට දවස වෙනුවෙන් කළ යුතු කාර්යයන් සහ වගකීම් පිළිබඳව සැමවිටම අපිට අවබෝධයක් තිබිය යුතුයි. ජාතියේ යහපත සහ අනාගතය සඳහා ඉතිහාසය පුරා ගෞරවනීය මහා සංඝරත්නය පෙරමුණ ගත්තා සේම, ඉදිරියෙන් සිටියා සේම, අවවාද අනුශාසනා දුන්නා සේම අපි සෑම කෙනෙක්ම හෙට දවස වෙනුවෙන් උන්වහන්සේලාගේ අනුශාසනා බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රජය විදියට අපිට කුමනාකාරයේ චෝදනා සහ විවේචන එල්ලවුණත් අපි විශාල උත්සාහයක් ගන්නේ මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා රට තුළ සන්සුන්භාවය ඇති කරන්නයි. ජාතීන් අතර සමගිය ගොඩනඟන්නයි. ඒ සඳහා මේ රටේ සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතු වෙනවා. සිංහල බෞද්ධ වේවා දමිල හින්දු වේවා මුස්ලිම් ඉස්ලාම් වේවා මැලේ බර්ගර් වේවා මේ සෑම කෙනෙක්ම මේ රටේ තම වගකීම් සහ යුතුකම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

යුද්ධය පිළිබඳව වේදනාකාරී මතක සටහන් අප අවදි කරනවා වගේම ගමක් ගානේ අපේ තරුණයන්ගේ මිනී පෙට්ටි එනවිට අපි හඬා වැළපුණා වගේම පාරේ යනවිට රණවිරු ස්මාරකයක් දුටු විට එය සිහිපත් කරනවා වගේම මේ සියල්ල තුළින් අපි ඉගෙන ගතයුතු පාඩම වන්නේ අනාගතය සඳහා අපි සකස්වීමයි. මේ රටේ යුද්ධයක් ඇති වුණේ ඇයි? මේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ඇති වුණේ ඇයි? මේ රටේ ජාතීන් අතර අසමගිය ගොඩනැඟුණේ ඇයි? අපි බෞද්ධයන් විදියට ආධ්‍යාත්මිකව සියල්ල කල්පනා කළ යුතු වෙනවා. ආධ්‍යාත්මික සංවර්ධනය තුළ රටක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු වෙනවා. මුහුණදිය යුතු වෙනවා. අවස්ථාවාදය, අන්තවාදය බලය පිළිබඳව සිතීම පසෙකලා අපි ජාතියක් විදියට ඉදිරියට යන්නට අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.

මෙම උතුම් පූජනීය ස්ථානයට පැමිණ හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත්වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සලකනවා. අපේ ගෞරවනීය කිරිඳිවැල සෝමරතන ස්වාමීන් වහන්සේ නැගෙනහිර පළාත අම්පාර ප්‍රදේශයේ විශාල ශාසනික, ආගමික, සමාජයීය සේවාවන් රාශියක් ඉටුකිරීමට කැපවී කටයුතු කරනවා.

රට තුළ යහපත් සාමකාමී නිදහස් පරිසරයක් ගොඩනැඟීමට ජාතීන් අතර සමගිය ගොඩනගමින් රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් මේ රටේ සෑම කෙනෙකුටම නිදහසේ සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයි අපි දකින්නේ. ඒ සඳහා ඔබවහන්සේ ඇතුළු අපි සෑම කෙනෙක්ම කැපවී සිටිනවා.

හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේගේ ගුණසමරන මෙම ස්ථානය ඉදිරියේ දී වැඩිදියුණු කිරීම සඳහා රජය විදියට අපට කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බව සඳහන් කරන්නට ඕන. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ තිබෙන්නා වූ කැපවීම, ධෛර්යය, අධිෂ්ඨානශීලීභාවය අපි බෞද්ධයන් විදියට අගය කළ යුතු වෙනවා.

උතුරු නැගෙනහිර පිරිවෙන් සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ, මහාවාපි විහාරාධිපති පුළුකුණාව සහ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ.

අරන්තලා භික්ෂූ ඝාතන සැමරුම පැවැත්වීමේදී ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදීයි. ඒ අනුව දහවැනි සමරු උත්සවය සඳහා ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගි වුණා. ඒ අතර පොළොන්නරුවේ සිට වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස උත්සව සභාවේ කොනක මෛත්‍රීපාල සිරිසේන මහතාත් වාඩි වී සිටියා මට අද වගේ මතකයි.

එදා ඒ 10 වැනි සංවත්සරයට පැමිණි එතුමා ඉන් අවුරුදු 20කට පසුව අද 30 වැනි සමරු උළෙලට සහභාගි වන්නේ මේ රටේ රාජ්‍ය නායකයා ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේ උත්සවයට සහභාගි කර ගැනීමට ලැබීම අප මහත් භාග්‍යයක් කර සලකනවා.

මීට අවුරුදු 20කට පෙර මෙතුමාගේ ඡායාරූප මා ළඟ තිබෙනවා. එදා කොණ්ඩය හරිම ලස්සනයි. නිල්පාට කලිසමක් සහ සුදුපාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. ඒ ඡායාරූප තවම මා ළඟ තිබෙනවා. එදා අක්බඹරු වගේ තිබුණු කොණ්ඩය අද චුට්ටක් අඩු වෙලා. අවුරුදු 20කට පස්සේ නිසා එතුමා දන්නවා අනිත්‍යයේ ස්වභාවය.
මේ රටේ පැවැති ත්‍රස්තවාදී බිහිසුණු ස්වභාවය අපි අමතක කළ යුතු නැහැ. අපි මේ බෞද්ධ මධ්‍යස්ථානය පටන් ගත්තේ මතු පරම්පරාවට මේ දේවල් මතක් කිරීමටයි. යළිත් මේ රටේ මේ වගේ අපරාධ නොවන්නයි. ජාතික හා ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙන්නයි. අපවත් වූ හාමුදුරුවන් වහන්සේලාට දිවා රාත්‍රී පින් ලැබෙන්නයි. මේ වාගේ වටිනා අරමුණු රාශියක් තිබෙනවා.

මෙහි තිබෙන ස්මාරකය හදන්න මුල් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි.
සෑම වසරකම ජුනි 2 වැනිදාට අප යමක් කරනවා. ඒ අතර සන්ධිස්ථානවලදී අප රටට දැනෙන යමක් මේ වෙනුවෙන් කරනවා.

මේක මගේ පෞද්ගලික දෙයක් නොවෙයි. ජාතික කර්ත්‍යවයක්. මම මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට කියල තියෙන්නේ මා අපවත්වූ දවසක මට පින්කම් නොකළත් හෑගොඩ ඉන්දසාර අපේ නායක හාමුදුරුවන් සහ මේ අපවත් වූ සියලු හාමුදුරුවන් සිහිකර මේ පින්කම කරන ලෙසයි.

මෙහිදී “අරන්තලා සඟවත” සමරු කලාපය එහි ගිහි සංස්කාරක පාඨලි රෝහණ ජයන්ත මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (4)

අවස්ථාවාදය අන්තවාදය බලය ගැන නොසිතා ජාතියක් ලෙස පෙරට යෑමට වගකීම් යුතුකම් ඉටුකරමු

විමුක්ති Monday, 05 June 2017 12:24 PM

හරියකට තුන්වේල කන්න නැති අපට මොන අධ්‍යාත්මික සංවර්ධනයක්ද ජනාධිපතිතුමනි?

:       0       58

Senarath Thursday, 08 June 2017 04:42 AM

ඔය ඔක්කොටම කලින් දීපු පොරොන්දු ඉටුකරලා ඉන්න. කතාව නම් දෝලාවටත් ඉහළින්... ඒ වුණාට ගමන පයිනුත් නැහැ. එයිටත් වඩා පහළින්.... තවම අර අතුරුදහන් වුණා කිව්ව "සෞඛ්‍ය පනත ක්‍රියාවට නැගුනේ නැහැනේ " තවමත් එ්ක සොයාගන්න බැරිවද ඉන්නේ? ඉස්සර නම් වැඩකරන්න දෙන්නේ නැහැ කිව්වා, දැන් බැරිබැරියාවද ?

:       0       19

nimallaitha Thursday, 08 June 2017 06:54 AM

ඔබතුමාද විශේෂයෙන්ම වගකිව යුතුයි. සිංහල බෞද්ධ අයිතිය නැති වෙනවා. වාර්ගික ජනපද ඇතිවෙනවා. සිංහලයා වැනසීමේ නොයෙකුත් ක්‍රම බිහිවෙනවා. සිංහලය රැකගත් ගැමුණු මහා රජතුමා සහජ්වනයේ මිනිසා වෙනකොට... කාත්තන්කුඩියේ මහපාර මැද එළාරගේ පිලිරූ, ආගමික නීති බිහිවෙනවා. ඔබ ඔබේ පුතාට ඔබේ වාසගම තිබ්බේ ඔබේ වරිගය ගෙන යාමට. ඒ වගේම අපි සටන් කරන්නේ මේ රටේ අනාගතයේදී සිංහලයෙකු නායකත්වයට පත් කරන්නට...

:       1       154

jeewa Thursday, 08 June 2017 03:33 PM

කැකිල්ලේ රජ්ජුරුරුවෝත් දුන්නේ ඔය වගේ අදහස් තමා, මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනවා. ඇමති මණ්ඩලය වාහන ගන්න පොරකනවා. අනේ මං දන්නේ නෑ.. රටකට ගිය කලක්..

:       3       57

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 56 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site