IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි

ශ්‍රී ලංකාව බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා නැගෙන විවේචන තමන් ප‍්‍රතික්ෂේප කරන බවත්, රජය සෑම විටම මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක සිටිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රුසියන් ශ‍්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා සාර්ථක වීම, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් හා ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය, ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා ආදී සියල්ල සමඟ ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ගමනක් යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘අපේ දීර්ඝ කාලීන මිත‍්‍රයෙක් වූ රුසියාවේ සිට’ ශ‍්‍රී ලංකා රුසියා මිත‍්‍රත්වයට වසර 60 ක් පිරීම සමරන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසර 60ක කාල සීමාවක එනම් 1957 වසරේ ආරම්භ වූ ශ‍්‍රී ලංකා සෝවියට් මිත‍්‍රත්වය සෝවියට් සමුහාණ්ඩුවේ වෙනස්වීම් ඇති වුවත් රුසියන් ෆෙඩරල් ආණ්ඩුව සමඟ අපි පවත්වාගෙන ආ සුහදතාව සහ සම්බන්ධතා දිගින් දිගටම ශක්තිමත්ව පැවතුණා.

අපේ රටේ සංවර්ධනය සඳහා ගෙවීගිය වසර 60 ක කාල සීමාව තුළ විශාල සහයෝගයක් මේ රටින් අපිට ලැබී තිබෙනවා. ජාතික සංවර්ධනයේදී වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය ආදී ආයතන ඉදිරියේ අපි අසීරුතාවන්ට පත්වූ අවස්ථාවන්වලදී රුසියාව, සෝවියට් සමුහාණ්ඩුව අපේ අවංක මිත‍්‍රයෙක් ලෙස සෑම තැනකදීම කටයුතු කර තිබෙනවා. එම මිත‍්‍රත්වය අන්තර්ජාතික වශයෙන් ගොඩනැගුණා වගේම අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්ම, වාරිමාර්ග, අධ්‍යාපන, සංස්කෘතික කර්මාන්ත තාක්ෂණ මේ සියලූ අංශවල සංවර්ධනය සඳහා විශාල සහයෝගීතාවක් අපිට රුසියාව ලබාදී තිබෙනවා. ඒ සියල්ල සිහිපත් කරමින් 60 වසරක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ගෞරවනීය අතීතයක් පිළිබ`දව අපි ඉතා සතුටින් අද කතා කරනවා.

60 වසරක ද්විපාර්ශ්වික සබ`දතාවන්හි නව පිටුවක් පෙරළමින්, දෙරට අතරේ මිත‍්‍රත්වය සුහදශීලීතාවය වර්ධනය කරගැනීම මගේ ගමනෙහි ප‍්‍රධානම අරමුණක් වෙනවා. රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා කරන ලද ආරාධනාවක් මත අපි මෙහි ආවා. අපි පැමිණි අවස්ථාවේ සිට ඉතා ඉහළ උණුසුම් පිළිගැනීමක් අපට තිබුණා. එමෙන්ම ඉතාමත් සාර්ථක ද්විපාර්ශ්වීය සබඳතාත්  අතීතයේ මතක සටහන් සමඟ අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා දෙරටේ මිත‍්‍රශීලීභාවය ඇති කරගනිමින් සාර්ථක සාකච්ඡා පැවැත්වූවා. අද සන්ධ්‍යාවේ දෙරට අතරේ ගිවිසුම් කිහිපයක් සඳහා ද අත්සන් කරනු ලබනවා. රුසියානු ජනාධිපති පුටින් මැතිතුමාත් අග‍්‍රාමාත්‍යතුමාත් සමඟ කරන ලද සාකච්ඡුා තුළ අපේ රටේ සංවර්ධනයේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළා.

මම ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සහ මගේ ආදරණීය ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමාටත් රුසියන් රජයට සහ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තූතිය සුභාශිංසන සහ ආශීර්වාදය පිරිනමනවා. ද්විපාර්ශ්වීය සබඳතාවලදී රටේ සංවර්ධනයට අවශ්‍ය සියලූ අංශ සම්බන්ධයෙන් ව්ලැඞ්මීර් පුටින් ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් එතුමා අප සමඟ සංවාදයේ යෙදුණා. අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක, බලශක්ති, ජාතික මෙන්ම අන්තර්ජාතික ආරක්ෂාව මේ සියලූ අංශයන්හි කටයුතු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරනු ලැබුවා. ඊයේ දිනයේ පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම රුසියාවේ අග‍්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාව ද සාර්ථක සාකච්ඡාවක් බවට පත්වුණා.

අපි රටක් ලෙස කටයුතු කිරීමේදී අපේ විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙන මැදිහත්බව සහ ශක්තිමත්බව අන්තර්ජාතික වශයෙන් පෙන්නුම් කළ අවස්ථාවක් තමයි, මේ රුසියානු නිල සංචාරය. මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා අපි එක් පැත්තකට බරවූ ආණ්ඩුවක් කියා. අපි බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා විවේචන තිබෙනවා. මම එම විවේචන ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අපි මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර සහයෝගිතාවයේදී ලෝකයේ සෑම රාජ්‍යයක්ම අපේ මිත‍්‍ර රාජ්‍යයන් විදියට අද කටයුතු කරනවා.

මම ඉතා සතුටින් ප‍්‍රකාශ කරනවා අද ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ‍්‍රී ලංකා රාජ්‍ය සමග කිසිදු ආකාරයක මතභේදයක් නැහැ. අමනාපයක් නැහැ. මා දන්නා පරිදි දශක ගණනාවකින් අන්තර්ජාතික සහයෝගිතාව ඉහළ ආ අවස්ථාවක් මෙය. එම අන්තර්ජාතික සහයෝගිතාව බටහිර ද උතුර ද නැගෙනහිර ද යන්න ප‍්‍රශ්නයක් නොමැතිව සියලූ අංශවලින් ලැබෙන නිසා ජාත්‍යන්තර සහයෝගිතාව සංවර්ධනය වූ රටවල්වල තිබෙන මිත‍්‍රශීලීභාවය වගේම අනෙකුත් සියලූ රටවල් සමඟ ඇති කරගෙන තිබෙන සුහදතාවය අපේ රටේ අනාගතය ස`දහා රට ගොඩනගන්න ශක්තිමත් කරන්න ඉදිරියට යාමටයි අපි ඒ ශක්තිය සැමවිටම භාවිතා කරන්නේ. මේ ගමන තුළින් රුසියන් ශ‍්‍රී ලංකා සබඳතා ද්විපාර්ශ්වීය සබ`දතා සාර්ථකවීම වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය සබඳතා ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා අන්තර්ජාතික සහයෝගිතා සියල්ල සමඟ අපි ඉතා සාර්ථක ගමනක් යනවා.

පසුගිය වසර දෙකහමාර කාලය තුළ කොපමණ චෝදනා තිබුණත් මිනිසුන්ට සමාජයේ නිදහසේ ජීවත් විය හැකි පසුබිම ගොඩනගමින් අපි රටක් විදියට සාර්ථක ව්‍යායාමයක යෙදෙන්නේ. රුසියාවේ විවිධ ක්ෂේත‍්‍රවල විවිධ වෘත්තීන් හා විවිධ ව්‍යාපාරික අංශවල සේවය කරන ශ‍්‍රී ලාංකික සියලූ දෙනාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේ දැනුම, බුද්ධිය, අවබෝධය සහ පරිණතභාවය සමඟ ඔබ ඉතා සාර්ථක ලෙස ශ‍්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියාව තුළ සියලූ කටයුතු සාර්ථක ඉටු කිරීමට ලැබේවා කියා.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට මම සුබ පතනවා. ඔබ පැමිණියේ අධ්‍යාපනය සඳහායි. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම තුළින් ඔබ බලාපොරොත්තුවන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමටත් ඔබේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව ලැබේවා. ඔබේ මවුපියන් රුසියාව වැනි විදේශ රටකට ඔබව එවා ඔබට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමටයි ඔවුන් කැපවී තිබෙන්නේ.

අපි රටක් විදියට බලාපොරොත්තු වනවා ඔබ උගත් තරුණ පිරිසක් විදියට සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ රටේ හෝ විදේශයක ඔබේ දැනුම මුල් කරගෙන දැනුමෙන් පරිණත වූ සන්නද්ධ වූ විශිෂ්ටයෙක් විදියට අපේ උතුම් මානව සමාජයට සේවය කරන්න ඔබට සියලූ ආකාරයෙන් ධෛර්යය වාසනාව ශක්තිය ලැබේවා. අප සමඟ අපේ ව්‍යාපාරික හිතවතුන් රාශියක් පැමිණියා. ඒ සියලූ දෙනා පැමිණියේ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන සම්බන්ධයෙන් ඇති කරගන්නාවූ එකඟතාවන් සහ අවශ්‍ය අවබෝධය ලබාගෙන එම අවස්ථාවන් වඩාත් සාර්ථක කර ගැනීමටයි. උදාහරණයක් ලෙස, අපේ හොඳම තේ ගැනුම්කරුවා වන්නේ රුසියාව කියා ඔබ දන්නවා.

 රුසියාවේ රජයට සහ පෞද්ගලික අංශවල ආයෝජකයින්ට අපි ආරාධනා කරනවා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා. අප සමඟ පැමිණි ව්‍යාපාරික මහත්වරුන්ටත් මම සුබ පතනවා. ඔබේ මව්බිම වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වූ අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමට මේ ගමනින් ඔබට ලැබේවා කියා. තානාපතිතුමා ඇතුඑ මෙහි සේවය කරන සියලූ දෙනාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න  ඕන. මෙම ගමන ඉතා ඵලදායී සාර්ථක ගමනක් කර ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සිවී කටයුතු කර තිබෙනවා.

අපි සමහර රටවල්වලට ගියාම එහි සංවිධාන කටයුතුවල දුර්වලතාවන් දකිනවා. නමුත් මේ ගමනේදී එවැනි අඩුපාඩුවක් දුර්වලතාවක් නොමැතිව තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය උසස් ලෙස එම කාර්යය ඉටුකර තිබෙනවා රට වෙනුවෙන් රජය වෙනුවෙන්. රුසියා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට 60 වසරක් සපිරෙන අවස්ථාවේ ඉදිරි වසර සියයක් සඳහා අවශ්‍ය සූදානම වඩාත් විධිමත්ව ඉටුකරමින් දෙරටේ මිත‍්‍රශීලීභාවය අන්තර්ජාතික සහයෝගීතාව කලාපීය සහයෝගීතාව සඳහාත් මේ ගමන ශක්තිමත් ගමනක් වේවා කියා සුබ පතමින් එම සාර්ථකත්වය ලබා ගැනීමට ඔබ අප සියලූ දෙනාම කැපවෙමු කියා ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි..’’

අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපතිවරයා සමග රුසියා සංචාරයට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි)

 



අදහස් (2)

අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි

saman Tuesday, 28 March 2017 10:10 AM

අපි හිතුව මේ සේරම කතා ටික කියලා තියෙන්නේ රුසියානු රජයට කියල.

:       0       25

ruwan Tuesday, 28 March 2017 05:40 PM

appaya මොන baila කිවුවත් පුටින් ලොක්ක ගෙදරට ගෙන්නලා කියන්න කරන්න ඕන හැටි දීල එවන්න ඇති.

:       0       28

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 139 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1177 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site