IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේ පරපුර තරුණසමයේ නොදුටු සාමය-සංහිඳියාව-සංවර්ධනය වත්මන් තරුණයන්ට උරුම කර දෙනවා

(අංජුල මහික වීරරත්න)


“තම පරපුර තරුණ කාලයේ නොදුටු සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වත්මන් තාරුණ්‍යයට උරුම කර දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01) ත්‍රිකුණාමලයේදී පැවැසීය.


ජනපති මෙන්ම තමාත් තරුණ කාලයේ දුටුවේ යුද්ධය පමණක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තරුණ ජවය උපයෝගී
කරගෙන ස්වර්ණ රාජ්‍යය කරා රට මෙහෙයවන බවද කීය.


ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ පැවැති ජාතික යොවුන් පුරය සමාප්ති උත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා එසේ ප්‍රකාශ කළේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.


“ත්‍රිකුණාමලයේ යොවුන් පුරය පැවැත්වීමට තරුණ සේවා සභාවට ආරාධනා කළ විපක්ෂ නායකතුමාටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
මන්ත්‍රීතුමාලාටත්, ආණ්ඩුකාරතුමන්, මහ ඇමැතිතුමන්, පළාත් සභාව, ආධාර උපකාර කළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම්තුමන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා. යොවුන් පුරය යනු යෞවන සමාජ නියෝජිතයන් රැස් වී නායකත්ව ශක්තිය පෙන්වන වැඩසටහන් ගැන කතා කර අනාගතය වෙනුවෙන් දැනුම ගැනීමයි.


ගමට වැඩ කිරීම සඳහා අප තරුණයන්ට කෝටි 12ක මුදලක් දුන්නා. ඒ මුදල භාවිත කර කෝටි 50ක සංවර්ධන ව්‍යාපෘති දීම ගැන
තරුණ නායකත්වයට මගේ ස්තුතිය පුද කරනවා. එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුවේ විමධ්‍යගත අයවැය සඳහා රුපියල් කෝටි 25ක් දී
තිබෙනවා. ගමට කෝටියක් වැඩසටහනට දෙන මුදල රුපියල් 75,000 සිට එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දමා ව්‍යාපෘති ගණන 1500 සිට 3000 දක්වා වැඩි කරනවා.


ස්වශක්ති වැඩසටහන යටතේත් තරුණයන් ගණනාවකට ස්වයං රැකියා කිරීම සඳහා අවස්ථාව ලැබේවි. යොවුන් සමාජ එකතු වී තම
ප්‍රදේශවල නායකත්වයට එන්න වැඩ කරන්න. අප දෙන මුදල් එක්කර විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. අපේ අනාගතය ඔබයි. අපේ විශ්වාසය ඔබයි.


තරුණ නායකයින් උතුරු නැගෙනහිර රැස්වන්නේ පළමු වතාවටයි. විපක්ෂනායකතුමාගේ කොට්ඨාසය අප සැවොම රැස්වන්නේ ප්‍රථම
වරටයි.


දෙමළ පක්ෂ නායකයකුගේ පළාතේ සියලුම දෙනා රැස්වන්නේද ප්‍රථමවරටයි. එතුමා අපට ආරාධනා කළා සේම සහයෝගයද දුන්නා.
එයින් පෙන්වන්නේ අද මෙරටෙහි තිබෙන සංහිඳියාවයි. තාගෝර්තුමාගේ කාව්‍යයකට අනුව මහගමසේකරයන් අනුවාද කළ
“එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන” යන ගීතය මේ වේදිකාවට ගොඩවන්න පෙර මට අසන්නට ලැබුණා.


සිංහල බසින් මෙන්ම දෙමළ භාෂාවෙන්ද ඒ ගීතය ගායනා කිරීමට සැලැස්වීම ගැන තරුණ සේවා සභාවට ස්තුති කළ යුතුයි. ඒ අදහස
සංහිඳියාවට ඉතා වැදගත් බව කිව යුතුයි. අපට අවශ්‍ය ස්වර්ණ රාජ්‍යයකට රට ගෙනයාම සඳහා සාමය, සංහිඳියාව ඇති කිරීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් මගේත් තරුණ කාලයේ අප දුටුවේ යුද්ධය පමණයි. දැන් අපේ තරුණ
කාලය අවසානයි. අපට අවශ්‍ය ඔබේ තරුණ කාලයේදී සාමය, සංහිඳියාව සහ සංවර්ධනය ලබාදීමටයි.


ජනපති ප්‍රධානත්වයෙන් සියලු පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව ඇති කළේ ඒ සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යනු දේශපාලනයේදී ගහගත් දෙපිරිසකි. අපි හැමදාම බලයට තරග කරමින් සිටි අප එකතු වූයේ ඇයි?


මමත්, සම්බන්දන් මහතාත් පාර්ලිමේන්තුවට පැමිණි යුගයේදී රට සංවර්ධනය කිරීම සඳහා අපට විශාල බලාපොරොත්තුවක් තිබුණා. දැන් තරුණයන් සිටින පාර්ලිමේන්තුවෙන් මෙරට සංවර්ධනය අරඹනවා. එජාපය, ශ්‍රීලනිපය, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ නියෝජනය කරමින් දේශපාලකයින් අද මෙහි සිටිනවා. ඒ මෙරට සමගිය හා සංහිඳියාව ඇති කිරීම සඳහායි. ශ්‍රීී ලාංකිකයන් ලෙස ඔබ සියලුම දෙනා එකතු වී සිටිනවා.


වසර තිහ හතළිහක් යුද්ධයෙන් බෙදුණු අප දැන් එක්වී ඉදිරියට යායුතුයි. යුද්ධයේදී නැති වුණේ තරුණ ජීවිතයි. ආරක්ෂක අංශවලට
බැඳී තරුණයන් රට වෙනුවෙන් දිවි පිදුවා. ත්‍රස්තවාදීන් ලෙස අවි ගෙන මියගියේ තරුණ පිරිසයි. තරුණ බලය සංවර්ධනය සඳහා යොදා ගැනීමට හැකිවුණා නම් අද මෙරට මැලේසියාව තරම් දියුණුවක් ලබලා. අවාසනාවකට අද ඒ තත්ත්වය නැහැ. දැන් අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සියල්ලන්ම එක්වූ හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.


දේශපාලන රාමුව තුළ අප කටයුතු කරමු. අපේ ප්‍රධාන යුතුකම සංවර්ධනය ගෙනැවිත් තරුණයන්ට අනාගතය දීමයි. මා දේශපාලනයට පැමිණ මුලින්ම කටයුතු කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේයි. එමෙන්ම ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේයි. අප මහවැලිය අරඹා විශාල දියුණුවක් ඇති කළා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙරට අගනුවර බවට පත් කළා. වෙළෙඳ කලාප ඇරැඹුවා. ගම්උදාව ඇරැඹුවා.


නොමිලයේ පාසල් පොත්පත් දුන්නා. ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදිකළා. නැවත ඒ යුගය ඇරැඹිය හැකි දැයි මා කල්පනා කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ඊටත් වඩා දැවැන්ත සංවර්ධනයක් මම ක්‍රියාත්මක කරනවා. ඒ ඔබට අනාගතය දීම
සඳහායි.


හම්බන්තොට - රුහුණු සංවර්ධනයෙන් විශාල ලෙස රැකියා බිහි කරනවා. වයඹට සංචාරක ව්‍යාපාර දෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා රටේ මූලික ප්‍රගතිය ඇරැඹීමට නියමිතයි. ත්‍රිකුණාමලය දියුණු කිරීමේ සැළසුම්ද සකස් කර තිබෙනවා.
ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් “පුබුදමු පොළොන්නරුව” වැඩසටහන කරනවා. රජරට ප්‍රදේශය දියුණු කරනවා.


යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණු උතුර දියුණු කිරීම ද කරනවා. එමෙන්ම බදුල්ලට අප විශේෂ ලැදියාවක් දක්වනවා. අප මෙලෙස ශීඝ්‍ර සංවර්ධනය අරඹනවා. ඇමරිකාව, යුරෝපය, චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව,
මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ඇතුළු සෑම රටක්ම එකතුකරගෙන අපට විශාල ගමනක් ඇරැඹීමට තිබෙනවා. අපි ඒ
ගමන යමු. ඔබේ අනාගතය හදමු. ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔබේ අනාගතය හදන්නයි. ඒ සඳහා සහාය දෙන්න.


සාමය, සංහිඳියාව ඇති කිරීමට සංවර්ධනය කිරීමට අපි සියල්ලන්ම එකතු වෙමු. එවිට ඔබට මීටත් වඩා හොඳ රටක නායකත්වය ගෙන ගම් මට්ටමේ සිට ජාතික මට්ටමට පැමිණ ස්වර්ණ රාජ්‍ය බිහිකිරීමට හැකියාව ලැබෙනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

 



අදහස් (2)

අපේ පරපුර තරුණසමයේ නොදුටු සාමය-සංහිඳියාව-සංවර්ධනය වත්මන් තරුණයන්ට උරුම කර දෙනවා

siri Monday, 03 April 2017 09:10 AM

මෙය උතුරට,නැගෙනහිරට තිගැස්ම එකක් කියනවා. දකුණට අපුවහම වෙන එකක් කියනවා. නුදුරු චන්දයකදී ඒවාට පිළිතුරු ලැබේවි.

:       0       54

saman Tuesday, 04 April 2017 09:33 AM

අර එක්තරා කාලයකදී බටලන්දට ගෙනියල දුන්න වගේ නිදහසක් වෙන්න ඇති ඔය කියන්නේ මගේ හිතේ.

:       0       56

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 179 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1182 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 961 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site