IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි

(සුජිත් හේවාජුලිගේ)

‘මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

සන්ධානගත වී  තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප‍්‍රකාශ කළේය.

‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (12) දහවල් පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.

අපේ පක්‍ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප‍්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.

නව පක්‍ෂය නව වැඩ පිළිවෙළක් යටතේ ගෙන යනවා. අපට හොඳ සැලැස්මක් තියෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු අය වගේම අලූත් තරුණයෝ, උගත් අය, කාන්තා පිරිස් අපට අවශ්‍යයි. සියයට 25ක් තරුණයන් වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණයක් ගත්තා. ඉතාම සුදුස්සන් තෝරා ගන්නවා. මේක අලූත්ම ක‍්‍රමයක්. කොට්ඨාස ක‍්‍රමය මීට කලිනුත්  තිබුණා. කවුරු මොනවා කිව්වත් මනාප ක‍්‍රමයට මුල් වුණේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවයි. අපි ඒ අභියෝගය බාර ගත්තා.

දැන් අපේ ක‍්‍රමයම වෙනත් විදියකට ගෙනල්ලා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණත් මේ වෙලාවේ ඡන්දය අවශ්‍යයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න කියලා කාන්තාවන්ට, තරුණයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. හුඟක් අය පක්‍ෂ අපිත් සමග තරග කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.

පොදු ජන පෙරමුණ තවත් පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පක්‍ෂ සමග. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්‍ෂය යනාදී පක්ෂ ඒ අතර තියෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ පිල්ලෙයාන්ගේ ටී.එම්.ටී.පී. සමග සාකච්ඡා කළා. ජනතා සේවක පක්‍ෂය යනාදි පක්ෂ සමගත් කතා කරනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විරුද්ධ පක්‍ෂ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. අපි උතුරටත් තරග කරනවා.

අපිට මේ වනවිට සාමාජිකයන් වැඩි ප‍්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනුයි. ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විශාල පිරිසක් එකතු වුණා. දේශපාලනය නොකරපු අය පවා එකතු වී සිටිනවා. සමහර ගම්වල සියයට 85 ක් දක්වා සාමාජිකයන් බැඳිලා තියෙනවා. ශ්‍රී ලනිප සාමාජිකයන්  සියයට සියයක්ම බැඳුණු ගම් ද තියෙනවා. පළාත් පාලනය වාර්තා තබමින් ජය ගන්නවා. ප‍්‍රාදේශීය සභා 335 න් 154 ක් එදත් ජයග‍්‍රහණ කළා. ඊට අමතරව තවත් 60ක් විතර අපට දිනන්න පුළුවන් වේවි. දෙසීය පන්නන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

අපි ගෙනාපු මැතිවරණ පනතට සියලූ පක්‍ෂ එකඟ වුණා. ඇමැති අද එක එක කතා කියනවා. ක‍්‍රමයක් හදපු එක වෙන්නැති අපි කරපු වැරැද්ද. මේ පනත හැදුවේ පක්‍ෂ එක්ක සාකච්ඡා කරලයි. පාර්ලිමේන්තු තුනක් තුළ සාකච්ඡා කළා. හැමෝම අත ඉස්සුවා. එහෙම එකක් හැදුවට වෙන්නැති බණින්නේ. බහු ආසන වැඬේ  ඕන කෙනෙක් කරනවා. දැනුත් වෙනවා. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලැහැස්තියි. බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා. එක විකට් පොල්ලට බෝල් කරන්න කිව්වත් ඒකත් කරනවා. අපි  ඕන ක‍්‍රමයකට ඡන්දයට යන්න සූදානම්. අපි අඩුපාඩු කියන්නේ නැත්තේ ඒකයි.

මහින්ද රාජපක්ෂ කියන්නේ දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක්. මගෙන් උපදෙස් ගන්න එතුමාට වුවමනාවක් නැහැ. නමුත් සහෝදරයන් විදියට අපි ඔහු ළඟ හිටියා. ගත්තු හැම තීන්දුවක් පිටුපස්සේම අපි ඉන්නවා. වැරදිච්ච දේවල්වල වගකීම අප බාර ගන්නවා.

 මේ ආණ්ඩුවේ ගොඩක් අයගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවෙන්ම දැන් ඒවා හෙළිවෙනවා. වංචාවකට සම්බන්ධ වන ලිට්රෝ ගෑස් සභාපති මේ රටේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ සභාපති. ඒක බරපතළ තත්ත්වයක්. බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව පත් කරපු එකක්. ආණ්ඩුවේ අය ඒකට ස්වෙච්ඡාවෙන්ම ඇවිත් සාක්ෂි දෙන එක තමයි හොඳ. අපේ බන්දුල ගියේ කැමැත්තෙන්මයි. කවුරු හරි කොමිසම මඟ හරිනවා නම් ඒක හොඳ නැහැ.

”සමහර මාධ්‍යය මොන චෝදනා කළත් මම උත්තර දෙන්නේ නැහැ. අපි දඩාවතේ යන බල්ලකු හැපුවට බල්ල හපන්න යන්නේ නැහැනේ. මම  ඕවාට උත්තර දෙන්නේ නැහැ. එයාල ඇයි මට ගහන්නේ. මම කියපු දේකට කලබල වෙලයි. කරන්න  ඕන මම කියපු දේ හොයන එකයි. හැම මාධ්‍යයකටම මම ගරු කරනවා.

අපි වෛර දේශපාලනයක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වැරැුදි කරපු අයට නිදහස දෙනවා කියන එක නොවෙයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන දඩයමක්. ටී.බී. ඒකනායක ඇමැතිතුමා ආණ්ඩුවෙන් යනවා කිව්ව විතරයි පරික්ෂණයක් පටන් ගත්තා. ඒ හොඳ දෙයක් නොවෙයි. නමුත් ජාතික සම්පත් කොල්ලකාලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි.

ඡන්දයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ක‍්‍රම තුනක් අධ්‍යයනය කරගෙන යනවා. අපි තරග කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ ආශිර්වාදය ඇතිව. ඒක ප‍්‍රතිපත්ති මාලාවක්, එක මැතිවරණ වැඩපිළිවෙළක් යටතේ තරග වදිනවා. ගෝඨාභය මෙතෙක් මැතිවරණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජාතික ප‍්‍රශ්නයක් ආවොත් එතුමා මැදිහත් වේවි. එළිය සංවිධානය තුළින් දැනටමත් ඒ වැඬේ කරනවා. මේ මැතිවරණය අපි ජනමත විචාරණයකට සමාන කරලා කටයුතු කරනවා.

ඒ වේදිකාවේ ඉඳල ගෝඨාභය සහාය දේවි. ඡන්ද වේදිකාවට නැග්ගේ නැති වුණාට එතුමා 2005 දී එහෙම අපේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම හිටියා. අපි සහෝදරයෝ මහින්ද එක්ක 1970 ඉඳල හිටියා. අපේ හැමදාම ලකුණ පොහොට්ටුව. පොහොට්ටුව කවදාකවත් පරවන්නේ නැහැ. කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම අපට කරගන්න බැරිවුණු දෙයක්. මේකෙදි අපේක්ෂත්වය අනිවාර්ය කරලා.

අපි බලාපොරොත්තු වුණේ කාන්තා නියෝජනය අනිවාර්ය කරයි කියලයි. නමුත් ආණ්ඩුව කරපු දේ ජයග‍්‍රහණයක්. ඒ ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. නමුත් තරුණ නියෝජනය නැති කිරීමටත් රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරින්ගේ ප‍්‍රජා අයිතිය නැති  කිරීමටත් කටයුතු කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් මෙය දරුණු පහරදීමක්. ක්ෂේත‍්‍ර නිලධාරින් ලක්ෂ ගණනකට තරග වැදීමට තිබූ අයිතිය නැති කළා. අපේ හිටපු මන්ත‍්‍රීවරුන් පන්සිය ගණනකගේ අපේක්ෂකත්වය මේ නිසා නැතිවුණා. අප ඒ ගැන නීති මගින් කටයුතු කරනවා. ඒක මහා අපරාධයක්. ඡන්දයේදී අපි ඒක ජනතා අධිකරණයට ගෙන යනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය:-

ආණ්ඩුවෙන් පිරිසක් ගන්න යනවා කියලා ආරංචියි.

රාජපක්ෂ මහතා:-

ඒවා ඉතින් වෙලාවට සිද්ධ වේවි.  ඕවා කිය කියා කරන දේවල් නොවෙයි. ආප්ප න්‍යාය වගේ. කලින් කිව්වොත් අසාර්ථක වෙනවා. නමුත් අපි ඊට වැඩියෙන් බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් බලය ගන්නයි. ඔළු ගෙඩි මාරු කිරීම වෙනත් වැඩවලට යොදා ගත්තත් මැතිවරණ සඳහා ඒක වැඩිය බලාපොරොත්තු වන්නේ නැහැ.

ප‍්‍රශ්නය:-

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ස්ථාවරය.

රාජපක්ෂ මහතා:-

අපි මුළුමනින්ම මේ ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා. මේක යටි අදහසකින් කරන වැඩක්. මේකෙන් රට දෙකට බෙදීම පමණක් නොවෙයි ජාතික සමගිය නැතිවීම පවා වෙනවා.

 



අදහස් (20)

අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි

sudes Friday, 13 October 2017 06:40 AM

අපි දන්නවා ඔයාලට ඕනෑම පිච් එකක බැට් කරන්න පුළුවන් කියලා. එ්කනේ අවුරුදු දෙකක් තියෙද්දී හිට් විකෙට් වෙලා දැවිලා ගියේ. මේ අවුරුදු දෙකට අපි මැරිලා ඉපදුනේ නැහැ.

:       102       573

Raveendra Friday, 13 October 2017 07:06 AM

"එදා වේල හොයාගන්න බැරිව" හිටිය උන්දලා දැන් " කෝටිපතියෝ" නොවැ ඉතින් දැන් නම් ඕනෑම පිච් එකක බැට් කරන්න පුළුවන් කියන එකත් ඇත්ත. මෙලෙසම " දැන් බලයේ ඉන්න තක්කඩි රැලත් " අනාගතයේ බලයේ නැතිවිට මෙලෙසම" වහසි බස් දොඩනු" නියතයි.

:       39       1140

rohana Friday, 13 October 2017 08:43 AM

කාපු ටික මදි වෙලා වගේ ආපහු එන්න හදන්නේ.... දෙන්නම් දෙන්නම් රම්බටි හැලෙන්න... එන්නකෝ. පොහොට්ටුවෙන්...

:       228       357

kamani perera Friday, 13 October 2017 01:46 PM

නියම පාලකයෙක් ආපු දවසට " බලු කුඩුවට " යන්න ලෑස්තිවෙලා ඉන්න ...පිච් එකක ගැහැව්වේ ... නුවරපාරේ බත් කඩේට කරපු දේවල් අපිට මතකයි... කොටින්ගේ රත්තරන් ටිකත් හොරාකාවා...

:       237       335

erdi Friday, 13 October 2017 01:51 PM

අපොයි ඔව් කවුද ඒක නොදන්නෙ?යන එනමං නැතුව හිටපු ගොබ්බ බැට්ස්මන්ලා හන්දනේ අයියටත් ඇඩ්රස් නැතිවෙන්නම වැදුනෙ.කිසිම විදේශ ආයෝජකයෙකුට එන්න දුන්නෙ තමන්ගෙ කොමිස් මුදල දුන්නෙ නැත්තම්.කාල කාල මදි වෙලා තවත් නන්දොඩවනවා මේ අය එන්නේ රට හදන්න නෙවෙයි අරගෙන පනින්න..

:       65       147

chathuri Friday, 13 October 2017 02:52 PM

ඔබලාට මුල අමතක වුණාට.... ජනතාවට අද ඊයේ වගේ. මතකයි රට කරපු හැටි පොල් පිත්ත ජනතාවට දීලා. බලන්න ඔය ඔලු ගෙඩි ටිකට හයේ පාරවල් දෙන හැටි... අන්න එදාට තමයි ඔය ඔලු ගෙඩියේ ඇතුලට රුධිරය ගමන් කරන්නේ. පසු ගිය කාලේ ඔලුව තිබුණට වැඩක් වුනේ නැහැ. වෙනස තේරෙයි හයේ පාරෙන්. පස්සේ...

:       56       94

theshan Friday, 13 October 2017 03:30 PM

ඒක හින්ද වෙන්න ඇති එයා පැරදුන ගමන් පහුවදා පැන්නේ

:       5       50

වින්සන්ට් Friday, 13 October 2017 11:59 PM

"පොහොට්ටුව පරවෙන්නේ නැහැ" ඒක ප්ලාස්ටික්ද? නැතිනම් මල්වානේ ඉඩමේ වැවෙන පොහොට්ටු වර්ගයක්ද?

:       18       70

Perakum Saturday, 14 October 2017 12:21 AM

රවීන්ද්‍රගේ කටේ මසුරන් දාන්න වටිනා කියමනක්...!

:       13       4

athula Saturday, 14 October 2017 09:04 AM

හා කියන්නකෝ මල්වානේ අර පුංචි පැල කාගේද එකට ගොම මැටි ගෙනාවේ කවුද කියලා. අනේ පව් මෙතරම් දුප්පත් චාම් දේශප්‍රේමීන් ලෝකේ වෙන කොහෙද ඉන්නේ ඇමෙරිකාවේ මාලිගා විකුණලා රටේ මිනිසුන්ට කන්න දෙන්න වුණත් මිනිහ ලෑස්තියිලු කොච්චර හොඳද? ණය 2005 දී රුපියල් කෝටි ලක්ෂ 157 ක් අවුරුදු 60 ක් තුල තිබු ණය අවුරුදු 8 කට රුපියල් කෝටි ලක්ෂ 10500 ක් කරේ නම් කෝ එම හොරකම් කරපුවා. මන් හිතන්නේ ඒවා නැවත ගෙනේවි හංගපු තැන් වලින්... එ්ක නිසා වෙන්න ඕනෑ ඔය අායේමත් ට්‍රයි කරන්නේ... අපි දෙන්නම් අපි දෙන්නම් එන්න කෝ...

:       1       43

Priya Saturday, 14 October 2017 02:37 PM

පහුගිය කාලෙය් මැච් ගහපු හැටි අපි දන්නවා මහත්තයෝ....... සරත් සිල්වා වගේ අම්පයර්ස්ලා දාගෙන ගහපු මැච් ඔක්කොම දිනුවබවත් අපි දන්නවා. ඒ වගේම බිග්මැච් එක පැරදුණුදාට පහුවෙනිදාම පැදුරටත් නොකිය පැනලා ගිය බවත් අපි දන්නවා. ඒ ගිය විදියට ආපහු මැච් ගහන්න තියා මැච් එකක් තියෙන පැත්තකටවත් ඒවි කියලා අපි නම් හිතුවේ නැහැ. එ්ත් ඉතින් මල්වාන පැත්තේ හදාගත්ත ගෙවල් පොඩ්ඩට වෙච්චදේ මතක් වෙනකොට නෙවිල්ල බැහැ වගේ නේද ? තාත්තගේ දානය දුන්නේ වත්තේ පොල්ගස් 10ක් කපල කියලත් පත්තරේකට ඔය මහත්තය ලිපියක් දාල තිබුණු කාලයකුත් තිබ්බා. ඔහොමයන් මහත්තයෝ. අපි මැරිලා ඉපදුනේ නැහැ . ඔයාවගේ අය ඉන්නකන් පිච් එක කොච්චර හොඳ වුණත්, සල්ලි වලට ගන්න පුළුවන් අම්පයර්ස්ලා හිටියත් පිට්ටනිය හොඳ මදි වේවි පොහොට්ටුව පිපෙන්න.........

:       1       17

jiffri Sunday, 15 October 2017 06:01 AM

රතු පස්වල සහ කටුනායක පිච් වල ඔයාලා ගහපු ටී20 අපිට අමතක නැහැ මහත්තයෝ.

:       0       33

Raawana Sunday, 15 October 2017 05:39 PM

වැලිකඩ පිච් එක ලැබුනොත් තමයි ටිකක් අමාරු වෙන්නේ.

:       0       7

මැක්ස් Monday, 16 October 2017 10:03 AM

මෙතන ඉන්න කා‌ෙමන්ට් කාර‌යෝ හරි සුදනෝ වගේ. බැසිල් මහත්තයාව හොරා කියලා ‌‍ලේබල් ගැහුවට කවුරුවත් ඔප්පු කරලා නැහැ‌නේ. මේ කාලකණ්ණි අාණ්ඩුවට විරුද්ධව වැඩක් කරන්‌නේ බැසිල් මහත්තයා විතරයි. ඔබතුමාට ජය‌ෙව්වා !!!

:       29       1

Chanak Los Angeles Monday, 16 October 2017 06:55 PM

වැලිකඩ බෝගම්බර මහර පිච් වලට වැටුනොත් අසනීප නොවී බැට් කරනවාද ?

:       0       3

Vichi Monday, 16 October 2017 08:04 PM

නිදහස් අධ්‍යාපනය දුන්නත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ බුද්ධියෙන් අඩු බව පෙනේ. දේශපාලකයන්ට ඉතාම පහසුවෙන් ඔවුන්ව රැවටිය හැකිය. යමෙකුට හොරා කියා කිහිප වතාවක් පැවසු විට, නුගත් ජනතාවද එයම කියවයි. මිනිසුනි, යමෙකුට එරෙහිව යමක් පැවසීමට මත්තෙන් තමන්ට ඇසෙන කරුණු විශ්ලේෂණ බුද්ධියට භාජනය කරන්න. රටට වැඩ දැයි සමාජයක් බිහිවන්නේ එවිටය.

:       0       0

Chanak Los angeles Monday, 16 October 2017 10:57 PM

මේ කොමන්ට් දුටුවානම් මිස්ටර් 10% න් වහ කනවා

:       0       0

chutta Monday, 16 October 2017 11:41 PM

කා වෙනුවෙන්ද මේ දඟලන්නේ? රට වනුවෙන්ද?

:       0       2

sathyayaa Wednesday, 25 October 2017 01:09 AM

ඔබ වසර කිහිපයක් දාම් බෝඩ් එකේ ඉත්තෝ කප කපා සියයට ගණන ඉහළ දා ගත්තට අර්ජුන මහේන්ද්‍රන් ගේ මොළයට ඔබට කිට්ටු කරන්නවත් බැහැ. රෝයල් රනිල් ආනන්ද බැසිල්ට වඩා ගව් ගානක් ඉදිරියෙන්. පොහොට්ටු හදා ගෙන ආවත් ඉස්සර හට නම් යන්න ලැබෙන්නේ නැහැ ගොය්යෝ! මාධ්‍යය භවතුන්ට ගහන්න ගිහින් පොල්ල වරද්ද ගත්ත ප්‍රථම දෙස්පලුවා ඔබ නොවෙයි.

:       0       1

Dumudu Saturday, 28 October 2017 08:12 AM

රටත්, ජාතියත්, ආගමත්, බුද්ධ ශාසනයත් හෑල්ලුවට ලක්කළ යහපාලනය පන්නා දමමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 135 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1175 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site