IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අද උද්ඝෝෂණ අයිතියත් නෑ: ඡන්ද අයිතියත් නෑ

(සිටිනාමළුව-අනීෂා මානගේ, තංගල්ල-ආරියදාස කොඩිතුවක්කු, රන්න-චන්ද්‍රසේන ගමගේ)

උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතියද ආණ්ඩුව උදුරාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (21) තංගල්ලේදී පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට පෙරේදා තංගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

රිමාන්ඞ් සිර භාරයේ ඉන්න කොඩිකාර මහත්තයා, නීතිඥතුමා, අජිත් ඇතුළු සියලු දෙනාම බැලුවා. අලුත් බන්ධනාගාරයක් හදලත් තාම වැස්සට තෙමෙන අබලන් වෙච්ච හිරගෙදර මේ අය තියාගෙන ඉන්නවා. මේක විවෘත කරලා තාම මේ අය යවලා නැහැ. අසාධාරණයි. මෙච්චර එකක් තියාගෙන මොකටද මේ අය යවන්නේ නැතුව ඉන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. වහාම මුලින්ම කරන්න තියෙන්නේ මේ හිරගෙදර මාරු කරන එක. මොකද එක පැත්තකින් මේක මහ වදයක් ඒ ඇතුළේ ඉන්න අයට.

හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට අපි මුහුණ දෙනවා. අපි මීට ඉස්සරවෙලා ඊට වඩා උදවියගේ ඒවට මුහුණ දුන්නනේ. හැබැයි කවදාවත් ප්‍රේමදාස මහත්තයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මන්ත්‍රීවරු හිරේ දැම්මේ නැහැ. මම පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස් දම්වැල්, උද්ඝෝෂණ කීයක් කළාද? වාසුදේව නානායක්කාර කොච්චර කළාද? ඉතින් අපි ඒවා සංවිධානය කරලා එළියට බැහැලා, රාජ්‍ය දේපළ විකුණනවට විරුද්ධව කථා කළා. ඒවට ඉඩ දීලා තිබුණ මන්ත්‍රීවරුන්ට.

නමුත් අද ඒ අයිතියත් උදුරගෙන. ඡන්ද අයිතිය උදුරගෙන. ඡන්දයක් නැහැ. ජනතාවගේ ඡන්ද බලය උදුරගෙන තියෙනවා. උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය. මෙතන ගල් ගැහුවේ කව්ද කියන එක හොඳටම පැහැදිලි නේ. තට්ටු දෙකේ ගෙදරක ඉඳලා කරපු වැඬේ ඔක්කොම දැකල තියෙනවා. ඒවායේ වීඩියෝ දර්ශන අරන් නේ ඉන්නේ. සම්පූර්ණයෙන් මේක දේශපාලන වුවමනාවට කරපු අනවශ්‍ය වැඩපිළිවෙළක් යැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (7)

අද උද්ඝෝෂණ අයිතියත් නෑ: ඡන්ද අයිතියත් නෑ

DD Monday, 23 October 2017 06:41 AM

අදත් එහෙමයි. එදත් එහෙමයි. එන්න ඉස්සල්ලා එක විදියක්, පස්සේ තව විදියක්. මේ කවුරුවත් එන්නේ රටට හෝ මිනිසුන්ට ආදරයට නොවේ. ජාතියට හෝ ආගමට ආදරයට නොවේ. සේවයක් කරන්න නොවේ. තමන්ගේ මඩිය තර කර ගන්න විතරයි.

:       1       11

Rohana Monday, 23 October 2017 08:01 AM

ඒකට ඔබතුමාගේ කලේ රතු පස්වල වතුර ඉල්ලු අයට වෙඩි තිබ්බා,විනිසුරුතුමිය නෙරපා දැමූ උද්ඝෝෂණවලට වෙඩි තබා උද්ඝෝෂකයින් ඝාතනය කරපු, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු, මාධ්‍යෙව්දීන් ඝාතනය කරපු, මාධ්‍යෙව්දීන්ගෙ අතපය කඩපු සුදුවෑන් සංස්කෘතියක් තිබුනේ. ඒකට ඔබතුමාගේ කාලේ උද්ඝෝෂණ අයිතිය දොරේ ගලා ගියා

:       1       101

athula Monday, 23 October 2017 08:10 AM

ඔයා නිකම් බබා වෙන්න එපා. ඔය කරපු හරිය අමතක නැහැ. අපට වනාතෙ සුනිල් කතා කලොත් කියාවි අද ඔයාගේ පවුලම එළියේ ඉන්නේ රනිල් නිසා බව කියන්න ඕනෑද? ඔය කෑගහන අයට පුලුවන්ද කියන්න හොරු අල්ලපියව් කියලා? බැහැ ඔතන ඉන්නේ කම්බ හොරු සහා රැහේ නායකයා විතරයි.

:       1       64

JohnSeena Monday, 23 October 2017 11:58 AM

එදා වගේ නොවී අද ප්‍රජාතන්ත්‍රවාදී විදියට රට කරනවා

:       0       2

Chanak Los angeles Monday, 23 October 2017 04:49 PM

අතීතය ටිකක් අමතක වෙලා.

:       0       57

Mahinda Tuesday, 24 October 2017 08:15 AM

ඔබතුමාගේ කාලේට වැඩිය නිදහසක් දැන් තියනවා නේද ?????

:       0       2

sathyayaa Tuesday, 24 October 2017 11:33 PM

මහින්ද හොඳ ඉන්ද්‍රජාලිකයෙක්. වේදිකාව මත සිට අහිංසක ප්‍රේක්ෂකයින්ට විජ්ජා පෙන්නලාම ලැජ්ජාව නැති කර ගත් පුද්ගලයාට තමාගේ බඩ ගෝස්තරය වෙනුවෙන් වේදිකාව මතදී මිනිස්සු හිනස්සන කතා කියනවා හැර වෙන කෙරෙන්න දෙයක් නැහැ.

:       0       101

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1178 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site