IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්

වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යය බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූයහක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මේ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.

සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 

සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හිදී පැවති සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිස එක්ව සිටියහ.

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය යැයදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථික අරමුණු කරගත සමාජ රටාව බිහිරකලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිප්තතිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමඟ ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසන බව ද පැවසීය.

දේශීය වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ - මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9ක ජනතාව ඉලක්ක කර ගනිමින් කළ හැකි ආයෝජන පිළිබඳව පෙන්වා දුන්නේය.

මෙහිදී සංවිධානය කර තිබූ ප්‍රශ්නෝත්තර වාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ ප්‍රශ්න සහ ඒවාට අග්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව තුළ ව්‍යාවසායකත්ව සංවර්ධන වෙනුවන් තිබෙන සැලසුම් මොනවාද?

පිළිතුර - පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්‍රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. ඒ සාම්ප්‍රදායිකත්වය තවමත් අප රට තුළ දකින්න ලැබෙනවා. 

තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටින අතර ඔවුන්ට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් සහ සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළද බැංකුවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.
ඒ නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකයින් සඳහා සහන දීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත් විය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි.

ප්‍රශ්නය - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම කෙබඳුද?

පිළිතුර - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළෙඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත් කිරීමට පියවර ගත්තා.

ලබන වසර වනවිට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම් කටයුතු කෙරෙනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියානු සාගරය අවට පිහිටුවා තිබෙවා. ඒ නිසා එහි අලුතෙන් ඇති කළයුතු සේවා මොනවාදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැළැස්ම සහිත ව්‍යාපෘතියයි.

මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිතර වූ අවස්ථාවේ දී මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමයි. 

ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ කෙසේද?

පිළිතුර - මේ වන විටත් දේශීය දත්ත එක්රැස් කිරීමේ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට වන බලපෑම විශ්ලේෂණය කරනු ලබනවා.

ඉදිරියේ දී අනෙකුත් රටවල් සමග දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එය යැයිද’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

සමුළුව ආරම්භ කරමින් මුඛ්‍ය දේශනය පැවැත්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුයේ, ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිප්‍රායන් පිළිබඳව මුළු ලෝකයටම යහපත් පණිවුඩය ලැබෙන බවය.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීම සඳහා රජය කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කාර්ය දැන් කෙරෙමින් පවතින බවත් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය. 
ආසියානු සැපයුම් ජාලය පිළිබඳව වැඩි බරක් තබමින් ඒ හා එක්වීමට හැකි පරිසරය අපනයන කර්මාන්ත ඔස්සේ බිහිකරලීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, රටවල් ගණනාවක් සමඟ ද්වීපාර්ශවික ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන්නේ යයි ද කීවේය.

මේ අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. 



අදහස් (3)

2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්

kalani Wednesday, 11 July 2018 09:07 AM

මෙම ආකර්ශනීය පුවත දැකීමෙන් මම මහත් චිත්ත ප්‍රසාදයට පත්ව ආයු සංස්කාරය අත්හැරීමට කාලය ලංව ඇතැයි යන සිතුවිල්ලෙන් කම්පිතව සිටින්නෙමි. කියන දේ කරන ගුණය යථාවාදී තථාකාරී නම් වේ. සිංගප්පූරුව මගේ මව්බිමට වඩා පසුපසින් සිටි අවධියේ මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කිරීමට සිත් පහළවුයේ නම් අප කේතුමතී රාජධානිය පසුකරන්නේ අපේ භද්‍ර යෞවන වයසේදීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරද්දී දකුණු ඉන්දියාවට පවා විදුලිය සැපයීමට හැකි බවක් කියවිණි. විශාල ප්‍රදේශයක පැතිර ගිය මහා මුහුදක්, මුළු දිවයිනම තෙත් කරමින් ගලා බසිනා ගංගා සිය ගණනක්, වියළි දණ්ඩක් වුව පැලවෙන සරුබිමක්, මහා පරාක්‍රම සමුද්‍රය වැනි විශාල වාපි කර්මාන්ත, රුවන්වැලි මහා සැය වැනි චෛත්‍යය, සීගිරිය වැනි කලාගාර පිරි මගේ මව්බිම පුර්ණ සංවර්ධිත රටක් වන දිනය දක්වා ජීවත්වීමට හැකිනම්....

:       0       20

Senarath Wednesday, 11 July 2018 10:32 AM

පස්යොදුන් රට පස්දුන් රට උනා , පරාක්‍රම සමුද්‍රය හැදුවේ කරුඳු විකුණලා කියල අලුත් ඉතිහාසයක් හැදුව. මෙතුමා දන්නේ නැහැ අපිට කුරුඳු වගාව ලැබුනේ පෘතුගීසින්ගෙන් කියල. පරාක්‍රම සමුද්‍රය හැදුවේ පෘතුගීසි එන්න වර්ෂ 100 ගානකට පෙර. දවසෙන් දවස එක එක විදියේ බොරු කියමින් රටේ ජනතාව ගොනාට අන්දන්න තවම හිතනවා වගේ. පසුගිය පොඩි ඡන්දෙ ප්‍රතිඵල මතක නම් රටේ ජනතාව තවත් බොරුවලට රැවටෙන්නේ නැහැ කියල තේරෙන්න ඕනේ.

:       0       126

Keppetipola Wednesday, 11 July 2018 12:38 PM

ඒකට වෙන්න ඇති දැන්මම මහබැංකුව මංකොල්ල කෑවේ. ඒ සල්ලි රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ට කියලා සිංගප්පූරුවේ ෆක්ස් ඩිපොසිට් දාන්න ඇති... 2050දී රට සංවර්දනය කරන්න. අනේ මගේ කට !

:       0       111

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1178 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site